කලාව වෙනුවෙන් කැපවුණු කෙනෙක් විදියට ඔබට මොකද හිතෙන්නේ.?
කලාව වෙනුවෙන් මම මැරෙනකම් වැඩ කරනවා. කලා ක්ෂේත්‍රය අද වැටිලා තියෙන තත්ත්වය ගැන හිතේ වේදනාවක් තියෙනවා. හරි ක්‍රමයක් නැති නිසා මුළු රටම අද අගාධයට වැටිලා තියෙන්නේ. මේ සියලූම දේට වග කියන්න ඕන දේශපාලනය. මේ අගාධයෙන් අපි ගොඩ එන්න ඕන. මිනිස්සුන්ට නිර්මාණ අවශ්‍යයි. මිනිස්සුන්ට තමන්ගේ වෘත්තිය කරගන්න අවශ්‍යයි. දැන් කලාකරුවෝ ජීවත් වෙන්න සෑහෙන දුකක් විඳිනවා. ඉන්දියාවේ එක නිර්මාණයක් කළොත් අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රවීණ රංග ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් දෙනෙක් අද ගෙවල් වල ඉන්නවා. වැඩ නැතුව නාළිකා මගින් ටෙලි නාට්‍ය නිෂ්පාදන කිරීම නිසා එක් කණ්ඩයමකට විතරයි නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
රටක් ස්වයංපෝෂණය කරන්න නම් කලාව අනිවාර්යයෙන්ම ස්වයංපෝෂණය කරන්නම ඕන. රටේ මිනිස්සුන්ට කලාත්මක සිතුවිලි ඇති කරන්න, ඔවුන්ව සංවේදී මිනිසුන් බවට පත් කරන්න නම් රටේ කලාව ස්වයං පෝෂණය කළ යුතුයි. කලාව කඩා වැටෙනවා කියන්නේ රට කඩා වැටීමේ එක් සාධකයක්. ටෙලි නාට්‍ය වෘත්තිකයින්ට පනතක් හදන්න අපි ගොඩක් මහන්සි වුණා. ඒ පනත සම්මත කරා නම් කලාව වැටිලා තියෙන අගාධයෙන් අපට ගොඩ එන්න පුළුවන්. උත්තර ඒ පනතේ තියෙනවා. ඒ පනත සම්මත නොකරන්නේ කාගේ වුවමනාවට ද කියන එක තාමත් ප්‍රශ්නයක්. කොහොමත් මේ විදියට ගියොත් අනාගතේ ටෙලි නාට්‍ය කලාව නැති වෙලාම යාවි. එහෙම තත්ත්වයකට කලාව පත් කරන්න එපා කියලා තමයි මම රටේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ.
නවකයින් නිසා ප්‍රවීණයන්ට වැඩ අඩුයි කියන්නේ ඇත්තද?
මම කියන්නේ නැහැ නවකයින් නිසා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට වැඩ නැහැ කියලා. ඉතාම දක්ෂ නවක පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර අලූත් අය ප්‍රවීණයින්ට ගරු කරන්න, කතා කරන්න දන්නේ නැහැ. අපි කලාකරුවෝ නෙවෙයි. මොන වෘත්තියේ වුණත් මේ හැම දේකටම ඉස්සෙල්ලා ගුණ යහපත් මනුස්සයෙක් වෙන්න ඕන.
මේ දවස්වල අලූත් වැඩකටයුතු කොහොමද?
අලූත් ටෙලි නාට්‍යවලට නම් දායක වුණේ නැහැ. ආරාධනා නම් ලැබිලා තියෙනවා. විශේෂයෙන් සුගත් දේවප්‍රිය අයියාව ආදරයෙන් මතක් කරනවා. ඔහුත් කාලෙකට පස්සේ කරපු ලස්සන නිර්මාණයක් එක්ක මමත් එකතු වුනා. ඇත්තටම සුගත් අයියලා වගේ අය නිහඬව ඉන්න එක ගැන තියන්නේ ලොකු කලකිරීමක්. ඒ අය නිහඬවීමෙන් වෙන්නේ අපේ කලාව ලොකු කඩා වැටීමකට ලක්වීම. මොකද හොඳ නිර්මාණ කරන දක්ෂයෝ දැන් අඩුයි.
ගොඩක් අය හිතන්නේ අඬන චරිත නම් දමිතා කියලා ?
මම ඕනම අභියෝගයක් භාර ගන්න කැමැති කෙනෙක්. මම කළු චරිත වලට බය කෙනෙක් නෙමෙයි.
දමිතට සිනමාවට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
ඇත්තටම ආරාධනා ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. ඒ වුණත් පහුගිය කාලේ චිත්‍රපට කිහිපයකම වැඩ කළා. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ චිත්‍රපටයක් කළා. හිතුමතේ ජීවිතේ කියලා අලූත්ම චිත්‍රපටයක් කළා. නුදුරේදීම ඒ නිර්මාණය දැක ගන්න පුළුවන්. ඒ වගේම හර්ෂ උඩකන්දගේ චිත්‍රපටයකටත් දායක වුණා.
ජීවිතේ බොහෝ කාලයක් ඔබ කැප කරලා තියෙන්නේ කලාවට. ලැබීම් නොලැබීම් කියන දේවල් එක්ක. දමිතාට ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
රංගන ශිල්පිණියක් විදියට ජීවිතේ සියලූම දේවල් මට ලැබිලා තියෙන්නේ. පෞද්ගලික ජීවිතේ ගත්තම දෙවියන් අපට හැමදේම සර්ව සම්පූර්ණව දෙන්නේ නැහැනේ. ඒ නිසා මම හිතනවා ලැබීම් නොලැබීම් කියන ඒවා අපට මේ ආත්මයේ ලැබෙන්නේ පෙර ආත්ම වලදී කරපු පව් පිං අනුව කරපු කර්මයන්ට අනුවයි කියලා මම ජීවිතේ ගැන තෘප්තිමත්. නොලැබුණ දේවල් ගැන මම හිතන්නේ නැහැ.
ජීවිතේට විවාහය කියන දේ අත්‍යවශ්‍යමද?
කාන්තාවක අනිවාර්යයෙන්ම සහකරුවෙක් සිටිය යුතුයි. ජීවිතේ අපි කොයි මොහොතක දී හරි තනි වෙන වෙලාවල් තියෙනවා. ජීවිතේ තනි වුණ දවසක ළඟින් කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. හැබැයි විවාහය අත්‍යවශ්‍යම කාරණාවක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ ලෝකේ මවලා තියෙන්නේ ආදරේ මත. කොලයක ලියන කසාදයට වඩා මිනිස්සු ජීවත් වෙන්න ඕන ආදරේ එක්ක. ආදරය කරන දෙන්නෙක් විවාහ විය යුතුමයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.