Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
අන්ත අසරණ වුණු මිනිසුන්ට හිසට වහලක් තනන්නට වෙහෙසන භික්ෂුන් වහන්සේ නමක් ගැන රත්නපුරයෙන් ඇහෙන කතාව - Video

- අන්ත අසරණ වුණු මිනිසුන්ට හිසට වහලක් තනන්නට වෙහෙසන භික්ෂුන් වහන්සේ නමක් ගැන රත්නපුරයෙන් ඇහෙන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,624 Views
පුන්‍ය ග්‍රාමය කියලා නම තියලා මේ ගම්මානය ගොඩනැගුවා...
මේ මං හදන තුන්වන ගම්මානය, පවුල් 75 කට ඉඩම් ලබා දුන්නා..
 
මෙරට සංවර්ධනය, දුගී දුප්පත් භාවය තුරන් කිරීම ආදී කරුණු පිළිබදව රට කරවන බලධාරීන් බොහෝ විට කථා කරන්නේ මහත් උජාරුවෙන්.
 
ඔවුන් ජනතාව පිලිබද කුමන කථා කීවත් තම මුලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකි පිරිස් රට පුරා තවමත් තැන තැන විසිරී සිටිනවා.
 
එම ජනතාවගේ අදුරු ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයානෝ කෙනෙකු පිළිබද හිරුට තොරතුරු ලැබුනේ රත්නපුර දොඩම්පෙ ප්‍රදේශයෙන්.

රත්නපුර දොඩම්පෙ ප්‍රදේශය අතිශය රමණීය පරිසරයකින් හෙබි භූමි ප්‍රදේශයක්.
 
පුරාණ නින්දගමක් වන මෙහි ඉඩම් අක්කර 52 ක් රත්නපුර දොඩම්පෙ චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ පුජ්‍ය කොටපොල සුධම්ම හිමියන්ට එහි හිමිකරුවන් කලකට ඉහත පවරා දී තිබෙනවා.
 
එම භූමිය පර්චස් 10 බැගින් බිම් කොටස්වලට වෙන් කර මෙරට බිම් අගලක හෝ අයිතියක් නැති අන්ත අසරණ මිනිසුන්වෙත බෙදාදීමටයි සුධම්ම හිමියන් ක්‍රියා කර ඇත්තේ.
 
"පුන්‍ය ග්‍රාමය කියලා නම තියලා මේ ගම්මානය ගොඩනැගුවා. මේ මං හදන තුන්වන ගම්මානය. පේමන්ටවල ඉන්න ඉඩම් කැබැල්ලක් ලබා ගැනීමට අපහසුව ඉන්න මිනිසුන්ට මට හැකි ශක්ති ප්‍රමාණයෙන් තාවකාලික කුඩා නිවාස හදලා තියෙනවා..."
 
මේ වනවිට පවුල් 75 කට ඉඩම් ලබා දී එම ඉඩම්වල කුඩා නිවාස සාදා ගැනීමටත් සුධම්ම හිමියන් උදව් උපකාර සිදුකරන්නේ තමන්ට දායකයන්ගෙන් ලැබෙන මිල මුදල් ද යොදවමින්.
 
අසරණ මිනිසුන්ට නිවසක් තනාදීමේ මෙම අසීරු කාර්යභාරයේදී සුධම්ම හිමියන්ට ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ ද ශක්තිය වී ඇත්තේ මෙලෙසින්.
 
බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරුවෙමින් බිම් සකසමින් නිවෙස් ඉදිකිරීමට මෙම හිමිවරුන් දරන්නේ අපමණ වෙහෙසක්.
 
දරිද්‍රතාවයේ පතුලේ සිටින පුන්‍ය ග්‍රාමයේ වැසියන්ට නිවසක හිමිකම ලැබුන ද එදා වේල ගැට ගසා ගැනීමට ජීවිතය සමග පොරබැදීමට සිදුව තිබෙනවා.
 
දුප්පත්කම මැදින්, හෙට ලෝකය දකින්නට වෙරදරන මෙම හය හතර නොදත් දරුවන් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකි නම්,එය ඔවුනේ හෙට දිනය ආලෝකමත් කරනු ඇති.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  249 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,496 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,940 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  220 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  601 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,017 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  700 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  375 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,357 Downloads



Top 10 Commenters

Latest Comments

Top