Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
13
"සර්, මම මගේ මිනිහව කපලා මැරුවා. ඇවිත් බලන්න..." - සිය සැමියා වූ කපිලව අමානුෂික ලෙස ඝාතනය කළ හර්ෂණි, පොලීසියේදි සියල්ල හෙළි කරයි

- "සර්, මම මගේ මිනිහව කපලා මැරුවා. ඇවිත් බලන්න..." - සිය සැමියා වූ කපිලව අමානුෂික ලෙස ඝාතනය කළ හර්ෂණි, පොලීසියේදි සියල්ල හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
දස වසරක පෙම් කතාවක් හිටි හැටියේ ගිනිබත් වූ හැටි..
"එපා - එපා.." කියලා සනත් කෑ ගැහුවත් ගණන් අරන් නෑ..
 
කුරුණෑගල දිසාවේ වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත වෙලගෙදර ගමේ පදිංචි හර්ෂණීට, හඳුන්පුරගේ සනත් කුමාර මුල්වරට මුණගැහෙන්නේ මීට 10වසරකට පෙරදී යි.
 
ඇය ඒ වනවිට 18 වන වියේ පසු වුණා. සනත්ගේ එකල වයස අවුරුදු 28යි.
 
හර්ෂණී හා සනත් අතර මුලින් ඇරඹුණු හිතවත්කම 'පෙම් කතාවකට' පෙරළෙන්නට වැඩි දවසක් ගත වුණේ නැහැ.

දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු දහයකට වැඩි වූ නමුත් දෙදෙනා අතර පැවති ආදර සබඳතාවය නිසා හර්ෂණීට එම වයස් පරතරය පිළිබඳ ගැටලුවක් වූයේ නැහැ. ඒ නිසාම වැඩි කාලයක් ගත වීමට පෙර මේ දෙදෙනා එක වහලක් යට අලුත් ජිවිතයක් ඇරඹූවා.
 
නැවුම් බලාපොරොත්තු 'ගොන්නක්' සමඟ ආරම්භ කළ යුගදිවියේ මිහිරි සිහිනවලට ගිනි ඇවිලෙන්නට මහා කාලයක් ගත වූයේ නැහැ.
 
තමා පෙම් කළ සනත් බෙහෙවින්ම වෙනස් අයකු බවට පත්ව ඇති බව හර්ෂණී දවසින් දවස දුටුවා. මත්පැනට ඇබ්බැහි වූ සනත් ටික කලක් ගත වෙද්දි සිය ජිවිතයම මත්පැන් බවට පත්කරගෙන තිබීම ඊට තවත් හේතුවක් වුණා.
 
'බේබදු' ජිවිතයෙන් මිදී ආදරණීය සැමියෙකු බවට පත් වෙන්නැයි සැමියාගෙන් ඉල්ලමින් හර්ෂණිගේ පිටවූ ඉල්ලීම්, හැඬුම්, දෙඬුම් සනත් තුට්ටුවකට මායිම් කළේ නැහැ.
 
'ප්‍රේමයේ මිහිරියාව' පෑල දොරින් පලා යද්දි හර්ෂණිගේ කැදැල්ලේ දවසින් දවස ගිනි ඇවිලෙන්නට පටන් ගත්තා.
 
තවත් ටික කාලයක් ගත වෙද්දි මත්පැන් වලට ද එහා ගිය සනත් මත්කුඩුවලටත් දැඩි සේ ඇබ්බැහි වුණා.
 
සනත් දුරාචාරයේ කෙළවරටම යද්දි ඒ හා සමානව හර්ෂණි ජිවිතය ගැන කළකිරී සිටියා. සැමියාගේ පුරුදු නිසා නිවසේ ආර්ථිකයද පිරිහුණා.
 
අමාරුවෙන් හරි හම්බ කරගන්නා 'තුට්ටු දෙක' මත් කුඩු හා මත්පැන් වෙනුවෙන් වැය කිරීම සනත්ගේ සිරිත බවට පත් වූවත් ඇයට ඒ සම්බන්ධව කළ හැකි කිසිම දෙයක් තිබුණේ නැහැ.
 
මේ හේතුව නිසා ඇයට දින ගණන් බඩගින්නෙ සිටින්නට වුණා. මත්කුඩු පානය නිසා සනත් හිරේ විලංගුවේ පවා වැටුණේ මේ අතරතුරයි.
 
සැමියාගේ නඩුහබ වෙනුවෙන් පොලිසි හා උසාවි ගානේ රස්තියාදු වෙන්නටත් හර්ෂණීට සිදු වුණා.
 
දින, සති, මාස ගණන් තිස්සේ පොලීසිවල ලැගීම සනත්ට සාමාන්‍ය දෙයක් වුණා. මේ නිසාම සනත්ගේ 'කැරැට්ටුව' ඔහුගේ ගමවූ වෙළගෙදර පමණක් නොව බණ්ඩාර කොස්වත්ත අවට ගම්මානවල පදිංචිකරුවන්ද දැන සිටියා.
 
සැමියා සමඟ තනාගන්නට ආශා කළ 'සොඳුරු කැදැල්ල' දෑස් ඉදිරිපිටම කෑලි කෑලිවලට යද්දි හර්ෂණිගේ ජිවිතය එහෙම් පිටින්ම 'අපායක්' බවට පත්වුණා. අසිහියෙන් ගෙට ගොඩ වන සනත්ගෙන් එල්ලවන ගෝරනාඩු, අඩදබර හර්ෂණිගේ ජිවිතයේ දෛනික අංගයක් බවට පත් වුණා.
 
මේ නිසා දෙදෙනා අතර රණ්ඩුවක් හෝ අඩදබරයක් සිදු නොවූ දිනයක් නැති තරම්.
 
ඉකුත් 31 වැනිදා රාත්‍රීයේදීත් පියවි සිහිය දුරුකරගත් සනත් නිවසට ගොඩ වූයේ සුපුරුදු ගෝරනාඩුව සමඟිනුයි. ඒ වනවිට මත්කුඩු නඩුවකට වැරදිකරුවෙකු වී රක්ෂිත බන්ධනාගාරගතව සිට ඔහු ඉන් නිදහස් වී නිවසට පැමිණ මාස දෙකක්වත් ගතවී තිබුණේ නැහැ.
 
විකල් වූ මනසින් සැමියාගේ මුවින් පිටවූ අවලාද නිසා වේදනාවෙන් මිරිකෙමින් සිටි හර්ෂණි ද මීට ප්‍රතිචාර දක්වන්නට වීම නිසා සුපුරුදු ආරවුල නැවත ආරම්භ වුණා.
 
පැයකට වැඩි කාලයක් දෙදෙනා අතරේ ආරවුලින් හෙම්බන් වූ සනත්, තවත් මොහොතකින් නිවසේ ආලින්දයේ නිදන්නට වුණා.
 
විනාඩි දෙක තුනක් ගත වෙද්දි සනත් 'ගොර 'අදින්නට වූ නමුත් හර්ෂණිට නින්දක් ලැබුණේ නැහැ.
 
දහ වසරක් තිස්සෙ තමන් සැමියාගෙන් විඳිමින් සිටින කායික හා මානසික වධ හිංසාවන්ට මේ රාත්‍රීයේදීවත් නැවතීමේ තිත තැබිය යුතු බවට හර්ෂණි අවසානයේ තීරණය කරන්නට ඇති.
 
ඇය ගත් අසීරු තීරණය ක්‍රියාත්මක කිරීම ඇරඹෙන විට සැප්තැම්බර් පළමුවැනිදාට අලුයම උදාවී තිබුණා.
 
සැමියා විසින්ම කලකට පෙර නිවසේ සඟවා තිබූ කඩුවක් සොයා ගත් හර්ෂණී එය කිටි කිටියේ දෑතට හිරකරගෙන ආලින්දය වෙත පිය මැන්නා.
 
සනත් 'ගොරවමින්' ආලින්දය මැද නිදමින් සිටියා. හැකි තරම් වෙර යොදා ඇය එල්ල කළ පළමු කඩු පහර ඔහුගේ හිස මතට පතිත කිරීමට ඈ උත්සහ කළා.
 
එහෙත් ඉලක්කය මඳක් එහා මෙහා වීමෙන් එම කඩු පහර පතිත වූයේ සනත්ගේ ගෙල මතටයි.
 
මර හඬ නගමින් පැදුරේ හිඳගත් සනත් සිය කැපී ගිය බෙල්ලෙන් විඳින ලේ දහරාව දැක අන්දමන්ද වුණා.
 
තමන් ඉදිරිපිට ලේ ගලන කඩුවක් අමෝරාගෙන සිටින හර්ෂණී දුටු සනත් "එපා එපා.." යැයි කියමින් හර්ෂණි වළක්වන්නට මෙන් අත දිගු කළා.
 
හර්ෂණි අත තිබූ කඩුව තවත් වරක් සනත් දෙසට පහත් වූ අතර එම පහරට සනත්ගේ එක් අතක් කැපී ගියා.
 
සනත්ගේ සිරුරෙන් ගැලූ ලේ දහරාවලින් ඔහු නිදා උන් පැදුරු කඩාමල්ල පෙඟි ගියා. කැපුම් තුවාල සහිතව කෑ ගසමින් මරහඬ දෙමින් පැදුරු මත දඟලමින් සිටි සනත් විනාඩි කිහිපයකට පසු නිසොල්මන් වුණා.
 
දිග හුස්මක් හෙළා ළය සැහැල්ලු කරගත් හර්ෂණි කඩුව පසෙකට තබා පුටුවකට බර දුන්නා.
 
ජංගම දුරකථනය අතට ගත් ඇය, පොලිස් හදිසි ඇමතුම් ඒකකය ඇමතුවා.
 
"සර්, මම මගේ මිනිහව කපලා මැරුවා. ඇවිත් බලන්න..." හර්ෂණි සන්සුන් ස්වරයෙන් කීවා.
 
තමන්ගේ නිවසට එන මාර්ගයද හර්ෂණි නිලධාරින්ට දැනුම් දුන්නා.
 
වාරියපොළ පොලිසිය ඇව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූව පසු ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දි ඈ සැමියාගෙන් තමාට සිදුවූ තාඩන පීඩන හෙළිදරව් කළා. ඒ සියල්ල පොලිස් පොතේ සටහන් වුණා.
 
සැකකාර හර්ෂණි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
- බණ්ඩාර රත්නායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top