මිනිස්සු වැරදි කරන්න බයයි, ලැජ්ජයි. රැවටෙන්න වගේම රවට්ටන්නත් බයයි. හැබැයි ලැජ්ජාව බය නැති සමහරක් අය හරි හරියට මිනිස්සුන්ව රවට්ටමින් යනවා. දැනුවත්ව හෝ නොදැනුවත්වත් මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නොදැනුවත්ව වරදක් සිද්ධ වෙනවනම් අපිට පුළුවන් ඒක නිවැරදි කරන්න. නමුත් දැනුවත්වම කෙනෙක් තවත් කෙනෙක්ව රවට්ටනවනම් ඔහුට දඬුවම් හිමි විය යුතුමයි. මේ විදිහට තවත් කෙනෙක්ගේ වැරදි නිසා දඬුවම් විඳින තවත් කාන්තාවක් ගැන කතාවක්...
සාමාන්‍ය පවුලක කෙල්ලක් වුණු අනූෂා අහිංසකියක්. පුද්ගලික ආයතනය රැකියාවක් කරපු ඇය කපිල එක්ක විවාහ වුණාට පස්සෙ රැකියාවෙන් ඉවත් වුණා. ඒ කපිල ඇය රැකියාවක් කරනවට අකැමැති වුණු නිසයි.
ඔය අතරතුර අනූෂා හීන මැව්වේ දරු පැටියෙකුගේ සුරතල් බලන්න. කපිලට ඒ ගැන උනන්දුවක් නොතිබුණේ ඒ වෙනකොටත් කපිල අනූෂාටත් හොරෙන් කාන්තාවන් කිහිප දෙනෙකු එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්ත නිසයි.
මේ කිසිම දෙයක් නොදන්න අනූෂා හිටියේ හිතේ සංකාවෙන්. ඒ අතරේ කපිලගේ යාළුවා අසංකත් නිතර නිතර ගෙදර ඇවිත් ගියා. අසංක අනූෂාව ඩැහැගන්න වගේ බලන එක අනූෂාට ඉවසුම් දෙන්නෙ නැහැ. ගෙදරටම කොටු වුණූ අනූෂාට කපිල නිදහසක් දීලා තිබුණෙත් නැහැ.
ආර්ථික ප්‍රශ්නත් එන්න එන්න වැඩි වෙද්දි විවාහ වෙලා මාස තුනකට පස්සෙ අනූෂාට දරුවෙක් පිළිසිඳගැනීමක් ගැන දැනෙන්න ගත්තා. ඇය ඒකෙන් අප්‍රමාණ සතුටට පත් වුණා වුණත් කපිල ඒක නොතකා හැරියා.
හැමදාම හැංඟි හොරා සෙල්ලම් කරන්න බෑ කියනවා වගේ කපිලගේ අනියම් සම්බන්ධතා ගැන අනූෂාට දැන කියාගන්න වැඩි කාලයක් ගියේ නෑ. අසරණ ඇයට පුළුවන්කම ලැබුණේ නිහඬව මේ හැමදේම දරාගන්න එක විතරමයි.
එක අතකින් කපිල වෙනස් වෙද්දි අසංක ඇයව නතු කරගන්න අසීරු උත්සහයක යෙදුණා. මේ හැමදේම අන්තිම වෙනකන් අනූෂා දැනගන්නවා තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා වග. ඉතින්... ඇය මහා කම්පනයකට පත් වෙන්නෙ ඇය දැනුවත්ව කපිල එක්ක විතරක් සම්බන්ධකම් පවත්වපු බව හොඳින්ම දන්න නිසයි.
එතකොට ඇත්තටම කොහොමද ඇයට සමාජ රෝගයක් වැළඳුණේ..?
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
අනූෂාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්... VIDEO