ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිමීත පන්දුවාර තරඟාවලිය පැවැත්වීම සඳහා සාජාවෙන් ඇරයුමක් ලැබී තිබෙනවා.
ඒ, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු පාකිස්තානයේ සංචාරය කිරීමට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, ත්‍රස්ත ප්‍රහාර අවදානමක් පවතින බැවින් පාකිස්තාන සංචාරයට පෙර එහි ආරක්ෂක තත්ත්වය යළි ඇගයීමකට ලක් කරන ලෙස ලක් රජය විසින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක් කර තිබුණා.
ශ්‍රී ලංකාව හෝ පාකිස්තානය මෙතෙක් විමසීමක් නොකළද සාජා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍යතාවක් මතුවුවහොත් තම ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා - පාකිස්තාන සීමිත පන්දුවාර තරඟාවලිය පැවැත්විය හැකි බවයි.
ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 03 කට සහභාගිවීමට නියමිතව තිබෙනවා.