Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
17 හැවිරිදි සිසුවියකට පොල්ලකින් පහරදී, පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පිරිසට වැඩ වැරදුන හැටි

- 17 හැවිරිදි සිසුවියකට පොල්ලකින් පහරදී, පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පිරිසට වැඩ වැරදුන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,920 Views
රාත්‍රි කාලයේදී පොල්ලකින් පහරදී බියගන්වා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන ගොස්‌ රත්නපුර නව නගරයේදී රංචු ගැසී ස්‌ත්‍රී දූෂණය සිදුකළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයින් තිදෙනකු අතරින් 1, 2 විත්තිකරුවන් වරද කරුවන් කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුවන්ට බරපතළ වැඩ ඇතිව වසර 30 බැගින් සිරදඬුවම්ද රුපියල් 95,000 බැගින් දඩද එක්‌ අයෙකු රුපියල් 500000.00 (පන්ලක්‍ෂය) බැගින් වින්දිත තරුණියට වන්දි ගෙවීමටද ඉකුත් දා නියෝග කළේය.

නඩුවේදී චෝදනා ලැබ සිටි 3 වන විත්තිකරුට චෝදනා ඔප්පුවී නැති බව තීරණය කළ විනිසුරුවරයා ඔහුව නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට නියෝග කරනු ලැබිණි.

අගුල්මඩුව විදානලාගේ සුසිත නොහොත් වෑල්ඩින් මංජු 2. ඒ. එච්. ජනකරුවන් විමලරත්න නොහොත් චූටි අප්පෝ 3. කිතුල්පනේ රවීන්ද්‍යා ප්‍රසන්න ධර්මරත්න නමැත්තෝ එම නඩුවේදී අධිචෝදනා ලැබ සිටියහ.

වර්ෂ 2009.02.23 වන දින රත්නපුර දී ඉහත 1, 2 වැනි විත්තිකරුවන් 17 හැවිරිදි තැනැත්තියක නීති විරෝධි සංසර්ගයට පෙළඹවීම සඳහා පැහැරගෙන යැම යනුවෙන් අධිචෝදනාව ලැබ සිටි අතර රංචු ගැසී ස්‌ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව ස්‌ත්‍රි දූෂණ චෝදනා 6 ක්‌ නීතිපතිවරයා නගා තිබිණි.

විත්තිකරුවන් චෝදනාවලට නිවැරදිකරුවන් බව පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාග කෙරිණි. අවසානයේදී නඩුවේ 1 වන විත්තිකරුවන් අගුල් මඩුව විදානලාගේ සුසිත මංජුල නොහොත් වෑල්ඩින් මංජු යන තැනැත්තා ඔහුට එරෙහිව අධිචෝදනා පත්‍රයෙහි සඳහන් කර ඇති 01 වන චෝදනාව වන පැහැරගෙන යාමේ චෝදනාවටත් 2 වන චෝදනාව වන රංචුගැසී ස්‌ත්‍රී දූෂණය කිරීමේ චෝදනාවටත් වැරදිකරු බවටත් එසේම නඩුවේ 2 වන විත්තිකරු වන අලගිය හංදිය ජනකරුවන් විමලරත්න නොහොත් චූටි අප්පෝ නමැත්තාද පැහැරගෙන යැමේ චෝදනාවටත් රංචු ගැසී ස්‌ත්‍රී දූෂණය කිරීමේ අධි චෝදනාවටත් වැරදිකරු බවටත් තීන්දු කළ විනිසුරුවරයා නඩුවේ සඳහන්ව තිබු අධිචෝදනා අංක 4, 5, 6 යන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව සඳහන් කරමින් නඩුවේ 3 වැනි විත්තිකරු අධිචෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කරන ලදී.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන අවස්‌ථාවේ වින්දිත තරුණියද අධිකරණය හමුවට පැමිණ සිටියාය. විත්තිකරුවන් දෙදෙනා වැරදිකරුවන් බවට තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම තැනැත්තිය අධිකරණය ඉදිරියට කැඳවූ විනිසුරුවරයා වරදකරුවන්ට දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය අමතා ප්‍රකාශයක්‌ කිරීමට ඇයට අවස්‌ථාව ලබා දුන්නේය.

එහිදී ඇය අධිකරණය අමතමින් මෙම සිද්ධිය හේතුකොට ගෙන ඇයගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වූ බවත් ඇය උසස්‌ අධ්‍යාපනය පිළිබඳව බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි බවත් හඬමින් පැවසූ අතර තමා මෙන් තරුණ වයසේ සිටින අහිංසක දැරියන්ට මෙවැනි වැරදි මින්මතුවට සිදුනොවන ආකාරයෙන් විත්තිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසටද ඇය අධිකරණයෙන් අයෑද සිටියාය.

මේ අවස්‌ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීම සඳහා විශේෂයෙන් පැමිණ සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අසංක මෙන්ඩිස්‌ මහතා කරුණු දක්‌වමින් මෙම නඩුවට අදාල වින්දිත තැනැත්තිය අපරාධයකට ලක්‌වන අවස්‌ථාව වන විට අවුරුදු 16 ඉක්‌මවූ අවුරුදු 17 කට ආසන්න තැනැත්තියක්‌ බවත් අපරාධය ඇගේ කැමැත්තකින් තොරව සිදුවී ඇති බවත් පැවැසුවේය.

අධ්‍යාපනය තුළින් තම ජීවිතය සාර්ථක කර ගැනීමේ අපේක්‍ෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබමින් සිටි අවස්‌ථාවක විත්තිකරුවන් සිදුකළ අපරාධය හේතුකොටගෙන ඇගේ අනාගතය මුළුමනින්ම අඳුරු වූ බවද අධිනීතීඥවරයා පැවසුවේය. එසේම තවදුරටත් කරුණු සඳහන් කළ ඒ මහතා 1 සහ 2 වන විත්තිකරුවන් දෙදෙනා දරුවන් සිටින පියවරුන් ලෙසට කරුණු සිදු කර ඇත්තේ ඔවුන් දෙදෙනාගේ දරුවන්ට පූර්වාදර්ශණයක්‌ ලැබෙන ආකාරයෙන් නොවන බවත් ඔවුන් දෙදෙනාට දඬුවම් නියම කිරීමේදී ඒ සම්බන්ධයෙන් සළකා බලන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සිදුකර ඇති වරදවල්වල බරපතල භාවය සැලකිල්ලට ගත් විනිසුරුවරයා චූදිතයන් සම්බන්ධයෙන් කිසිසේත් ලිහිල්ව කටයුතු කළ නොහැකි බව පවසා 1 වන විත්තිකරුට 1 වැනි චෝදනාවට බරපතළ වැඩ ඇති වසර 10 ක සිර දඬුවමක්‌ ද ඊට අමතරව රුපියල් 45000 දඩයක්‌ද එම දඩය නොගෙවන්නේනම් වසර 2 ක සාමාන්‍ය සිර දඬුවමක්‌ ඔහුට නියම කෙරිනි. 1 වැනි විත්තිකරුට 2 වැනි චෝදනාවට රුපියල් 500000.00 (පන්ලක්‍ෂයක) වන්දියක්‌ ගෙවිය යුතුවිය. අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් එය දඩයක්‌ ලෙසට අයකරගෙත යුතුය. එම දඩය නොගෙවන්නේ නම් අමතර වසර 3 ක සාමාන්‍ය සිර දඬුවමකි. එසේම මෙම දඬුවම් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව 1 වන විත්තිකරුට රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් නියමකර අත්හිටුවා ඇති බරපතළ වැඩ සහිත මාස 3 ක සිරදඬුවම් ක්‍රියාත්මක විය යුතුය. එසේම දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් විත්තිකරුට නියම කර ඇති මංකොල්ල කෑමේ නඩුවක්‌ සම්බන්ධයෙන් එම අධිකරණයෙන් ලබාදී ඇති දඬුවමක්‌ සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ විභාගවූ අභියාචනා නඩු තීන්දුවේ ප්‍රකාරව ලබා දී ඇති සුළු වැඩ සහිතව අවුරුදු 10 කට අත්හිටුවූ මාස 6 ක සිර දඬුවම් වෙන්වෙන්ව ගෙවී යා යුතු බවටද විනිසුරුවරයා නියෝග කළේය.

2 වන විත්තිකරුටද 1 වැනි විත්තිකරුට නියම කළ ආකාරයෙන් දඬුවම් නියම කෙරිණි. රජයේ අධිනීතීඥයින් වන දම්තිනී ද සිල්වා මහත්මිය සහ කනිෂ්ක රාජකරුණා මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ අසංක මෙන්ඩිස්‌ මහතා තීන්දුව ප්‍රකාශ කරන අවස්‌ථාවේදී පෙනී සිටියේය.

"දිවයින"
තිලකසිරි දැල බණ්‌ඩාර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  81 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,062 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,480 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  188 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  450 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  796 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  576 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,927 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  338 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top