Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"කවදාවත් රබර් සෙරප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක්, ඩෙනිමක් ඇඳන් එළියට බහින්නනෑ.." - වාසනා දන්තනාරායන

- "කවදාවත් රබර් සෙරප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක්, ඩෙනිමක් ඇඳන් එළියට බහින්නනෑ.." - වාසනා දන්තනාරායනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77,204 Views
"ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන්, පිරිච්ච හිතක කවදාවත් සතුට රැදෙන්නේ නැහැ.."

"ඇගේ හැඩ තියා ගන්න ව්‍යායාම කරන එකත් මගේ දින චර්යාවෙම කොටසක්..."

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ නිරූපන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය වාසනා දන්තනාරායනයි. කාගෙත් නෙත් වශීකරවන රූසපුව නිසා වාසනා අද ලංකාවේ පමණක් නොව ලොවපුරා කතා බහට ලක් වූ ඇගයිම් රාශියකට පාත්‍ර වූ සුන්දර යුවතියක්. ෆැෂන් ඇන්ඞ් මොඞ්ලින් ඇකඩමිය හරහා සුන්දර, පෞර්ෂත්වයෙන් හෙබි බොහෝ පිරිසක් සමාජ ගත කිරීමට නායකත්වය දුන් ඇය ගැනයි මේ.

ඔබ අපේ රටේ සිටින සුන්දර යුවතියන්ට වටිනාකමක් එක් කරන්න බොහෝ වෙහෙසුන කෙනෙක්. සැබෑවටම කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?  
ඔව්. කාන්තාවකට ලස්සන ඉතා වැදගත් වගේම කාන්තාවක් ලස්සනට ඉන්න එක ඉතාමත් වැදගත්. උපතින් ලැබුණ රූසපුව ලස්සනට තියා ගන්න අපි මූලික වශයෙන්ම කළ යුතු දෙයක් තමයි අපි අපට ගැලපෙන විදිහට ‘ස්ටයිල්’ කිරීමට උත්සහ නොගැනීම තමාගේ වයස, තමාගේ ඇගේ හැඩය, ශරීරයේ පැහැය, තමා හොබවන චරිත, මවක්, බිරිදක්, දියණියක, රැකියාවක නියුතු වන්නෙකු ගැන සැලකිලිමත් විය යුතුයි. තැනට ගැලපෙන විදිහට විලාසිතා නොකළ හොත් සිදුවන්නේ අන් අයගේ සිනහවට ලක් වීම.

ඔබ නිතරම ඒ ගැන සැළකිලිමත් ද?
ඔව්. මම කවදාවත් මා විසින් ගොඩ නගාගත් දෙයක් නැති කර ගන්න කැමති නැහැ. මම නිවසෙන් පිටතට යන සෑම වෙලාවකම වාසනා දන්තනාරායන යන නම තුළ මා ගොඩනගාගත් චිත්‍රය වෙනස්කර ගන්න උත්සහ කරන්නේ නෑ. ඒ නිසා කවදාවත් රබර් සෙරප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක්, ඩෙනිමක් ඇඳන් එළියට බහින්නනෑ, සරළ ඇඳුමක් වුණත් ලස්සනට, පිළිවෙලට, පිරිසිදුව, ඇඳලා මේකප් එකක් දාලා සුන්දරව බාහිර සමාජයට යන්න මම ගොඩක් කැමතියි. එක මගේ පුරුද්දක්.

සෑම කාන්තාවකටම ලස්සනට ඉන්න පුළුවන්ද?
ඇයි බැරි? අපි හැමෝටම හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. ඒ සඳහා උවමනා කරන්නේ උනන්දුව සහ උත්සාහය. ලස්සනට ඉන්න නම් පළමුව තිබෙන්න  ඕනේ පිරිසිදුකම. පිරිසිදුකම නොමැති කෙනෙකුගෙන් ලස්සනක් මතු වන්නේ නැහැ. අනිත් දෙය තමයි කාන්තාවකට තිබිය යුතුම දෙයක් වන්නේ පිළිවෙල. කාන්තාවක් පිළිවෙලට ඉන්නවා කියන්නේ ඇය වටා ඇති සියලූ දේ පිළිවෙලට ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම අඳින පළදින විදිහේ සිට, නිවාස, රැකියාව, ආදි සියලූ අංශයන්හි ගුණාත්මක බව වැඩිවනවා. එපමණක් නොවේ සෑම කාන්තාවකට ඇය සතු පෞර්ෂත්වය, නායකත්ව ලක්ෂණත්, ඇයට ආභරණක්. මේ සියලූ කරුණු එක්තැන් වූ තැන මහා පිළිගැනීමකුත් සමඟ ලොකු වටිනාකමක් සුන්දර පෙනුමක් කාන්තාවට ලැබෙනවා. හැදියාව වගේම කාලය කළමනාකරණය කිරීමත් සුන්දරත්වය වර්ධනය වීමට වක්‍රාකාරයෙන් බලපාන්නක්.

ඔබ ලස්සනට ඉන්න මොනවා ද කරන්නේ?
මම මොනතරම් රාජකාරි බහුල වුණත් පාන්දර 5ට නැගිටිනවා. අවදි වී ලොකු වතුර වීදුරුවක් බොනවා. ඊට පස්සෙ ශරීරය පිරිසිදු කිරීමේ කටයුතු වලින් පසුව නිවසටම ඇහෙන්න පිරිත් දාලා තමයි දවස අරඹන්නේ. අප කුමන ආගමක් ඇදහුවත් සෑම විටම අපි ආගමට මුල්තැන දිය යුතුයි. මා බෞද්ධ කෙනෙක්. මාගේ ආදරණීය සැමියා කතෝලික. නමුත් සෑම දිනකම අප නිවසේ මා අතින් බුදු හාමුදුරුවන්ටයි, ජේසුස් වහන්සේටයි පහන් දැල්වෙනවා. එයින් ලැබෙන අධ්‍යාත්මික සැනසීම, මනසේ සතුටට ඉතාම වැදගත්.

කෑම බීම ගැනීමේදීත් මම සැළකිලිමත් බොහෝ වෙලාවට මම ආහාරයට බත් ගන්නේ උදෑසනට සහ දහවලට පමණයි. රාත්‍රී ආහාර ගැනීම බොහෝ විට ප්‍රතික්ෂේප කරනවා. එය ශරීරය මහත්වීම පාලනය කළ හැකි සරල ක්‍රමයක්. ම්... ඊට අමතරව කෑම වේලකට එක් කර ගන්නේ ඉතා අඩු බත් ප්‍රමාණයක්. එළවළු, පළා වර්ග, බොහොමයක් එක්කර ගන්නවා. මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං, නිවිති, සාරණ වැනි පළා වර්ගවලට මං හරිම කැමතියි.

පළතුරුත් ගොඩක් ආහාරයට ගන්නවා. අලිගැටපේරවලට තමයි මමයි දුවයි වැඩිපුරම කැමති.

ඊට අමතරව දොඩම්, නාරං, කෙසෙල්, කොමඩු වැනි පළතුරු නිතර ගන්න පුරුදු වෙලා තියෙනවා.

සතියට දින දෙක තුනක් අනිවාර්යෙන්ම ඖෂධිය කොළ වර්ග පහක් විතර යෙදූ කොළකැඳක් පිළියෙල කර බීමටත් මා පුරුදු වී සිටිනවා. තේ වෙලාවට ඉරමුසු, බෙලිමල්, වගේ ඖෂධිය පාන වර්ග ගෙදරදීම සකස් කර පානය කරනවා. තැඹිලිත් සතියකට දින කිහිපයක් පානය කරනවා.

මේ හැම දෙයකින්ම හම පැහැපත් වෙනවා. වගේ නිරෝගීකමත් ආරක්ෂා වෙනවා.

ඇගේ හැඩ තියා ගන්න ව්‍යායාම කරන එකත් මගේ දින චර්යාවෙම කොටසක්. ඒ වගේම සතුටින් සැහැල්ලූවෙන් ජීවත්වෙන්නත් පුරුදු වෙලා ඉන්නවා.

කාන්තාවක් සතු කාර්යය බහුලත්වය ඇයගේ සුන්දරත්වය රැක ගැනීමට බාධාවක් වන්නේ නැද්ද?
නැහැ. කාන්තාවක් සතු තීක්ෂණ බුද්ධියෙන් කාලය කළමනාකරණය කරගෙන රාජකාරි කටයුතු, නිවසේ කටයුතු වගේම තමා ගැනත් හිතන්න කාලය වෙන්කර ගත යුතුයි.

සමේ පැහැය ආරක්ෂා කර ගන්න ආලේපන වර්ග ඔබ භාවිත කරනවාද?
නැහැ. මම කවදාවත් මුහුණට ක්‍රීම් වර්ග ගල්වලා නැහැ. ශරීරය පිරිසිදු කිරීමෙන් පසු තත්ත්වයෙන් උසස්, ගුණාත්මක බවින් යුතු, සමේ තෙතමනය ආරක්ෂා කෙරෙන බොඩිලෝෂන් එකක් නම් ගාන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතර මම පුරුද්දක් විදිහට අත්පාවල නියපොතු පිරිසිදුව තියා ගන්න කොණ්ඩයට ඖෂධිය තෙල් වර්ගයක් යොදා මසාජ් කරනවා. ඊට අමතරව මාසයකට දවසක් හිසකෙස්වල පෝෂණයට කන්ඞීෂනර් ටි‍්‍රට්මන්ට් එකක් කරන්නත් පුරුදුවෙලා ඉන්නවා.

බාහිරෙන් ලස්සන වෙන්න  ඕනෑම කෙනෙකුට කළ හැක්කක්. නමුත් සැබෑවටම ලස්සන විය යුත්තේ කෙසේද?
අද බොහෝ දෙනෙක් බාහිරෙන් ලස්සන වෙන්න දහසක් දේවල් කරලා හිත කුණු ගොඩවල් වලින් පුරවාගෙන. නොමිලේ දෙන්න පුළුවන් සිනහව පවා දැක්වීම බොහෝ පිරිස් කැමති නෑ. මානුෂික ගුණාංග බොහොමයකින් අද මිනිසුන් පිරිහිලා. වරදක් වූ විට ‘‘සොරි’’ කියන්න. උදව්වක් ලබාගත් විට ස්තුතියි කියන්න වැඩිහිටියෙකුට ගරුකරන්න කෙනෙකුගේ දුකට පිහිට වෙන්න ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් කැමති නැහැ.  ඊර්ෂ්‍යාවෙන්, කුහකකමෙන්, පිරිච්ච හිතක කවදාවත් සතුට රැදෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපි අප අදහන ආගමට ගරු කරන එක. අපි පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලේන් ඈත් වෙන්න ඈත් වෙන්න සිදුවෙන්නේ මිනිසා සතු ගුණදර්ම පිරිහියාම.

ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
මම දැකපු ලස්සනම කාන්තාව ඉන්නේ ලංකාවේ. එයා තමයි රෝසි සේනානායක. ඇගේ දේශපාලන පසුබිම මට අදාල නැහැ. නමුත් ඇගේ රූ සපුවට, පෞර්ෂත්වයට, පිළිවෙලට, ප්‍රියමනාප බවට, නායකත්ව ගුණයට මම හරිම කැමතියි. මම ඇය අනුගමනය කරනවා.

විලාසිතා කිරිමේ දී ඔබ සැළකිලිමත්ද?
ඔව්. මම නිතරම මටම ආවේණික වූ ක්‍රමයකට විලාසිතා කිරීමට පුරුදු වෙලා ඉන්නේ. මොන ඇඳුමක් ඇන්දත්, මොන පාටක් ඇන්දත් මගේ ඇඟට හරිම ලස්සනයි. මම ගොඩක් ආසයි තද පාටවලට. අනිත් දේ තමයි මම අද අවුරුදු 12ක දුවකගේ මවක්.   ඒ ගැන විලාසිතා කිරීමේ දී හිතනවා.

ජීවිතයේ ඔබ වඩාත් ලස්සන වූ දවස මතකද?
හැම දවසකම, මොන ඇඳුමක් ඇන්දත් මාව දකින හැම කෙනෙක්ම ‘‘ඔයා අද ලස්සනයි’’ කියලා අගය වීමකට ලක්වෙනවා. හැමදාම මෙලෙසින් සුන්දර මතකයන් එක් වුණත් මට මගේ විවාහය මංගල්‍ය උත්සවයට මනාලියක් ලෙසින් සැරසුන දිනය කවදාවත් අමතක වෙන්නෑ. එදා මාව හැඩ ගැන්වූවේ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනි චාන්දනි බණ්ඩාර. මා සැරසුන ගවුම සකස් කළේ ඇඳුම් මෝස්තර ශිල්පී මයිකල් විජේසූරිය. ඒ දවස හරිම සුන්දරයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  609 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  144 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  98 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,182 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,118 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,774 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,566 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,817 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,060 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top