Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"ඉස්සර කරන්ට් ගියාම අපි හැමෝම තාත්තා ළඟ තිබ්බ ඩොල්කිය වාදනය කර කර සින්දු කියනවා.." - ගිරිරාජ් කෞශලගේ දියණිය කියයි - Photos

- "ඉස්සර කරන්ට් ගියාම අපි හැමෝම තාත්තා ළඟ තිබ්බ ඩොල්කිය වාදනය කර කර සින්දු කියනවා.." - ගිරිරාජ් කෞශලගේ දියණිය කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,581 Views
"තාත්තා කැමති වුණේ නැහැ මම ඒවාට සම්බන්ධ වෙනවට.."

"තාත්තා සම්බන්ධ වුණ වේදිකා නාට්‍යවල ගීත අක්කටයි මටයි කට පාඩම්.."


සහන් රන්වල කියන්නේ මගේ ගුරුතුමා. මම 2011 ඉඳන් රන්වල බළකායේ සාමාජිකාවක් ලෙස වැඩ කරනවා. මට ගීතයක් කරලා දෙන්න කියලා. මම කාලයක් ඉඳන් සහන් සර්ගෙන් ඉල්ලුවා. මගේ වදෙන් බේරෙන්න බැරි නිසා සර් මට කලින් ලියලා තිබ්බ වචන ටිකක් පෙන්නුවා. ඒ තමයි 'මගේ ලෝකේ' කියන ගීතය. ඒ වචනවලට තනුවට මට ආසා හිතුණා. ඒකට සර් තනුවකුත් නිර්මාණය කරලා තිබ්බේ. ඊට පස්සේ පසන් ලියනගේ ඒ ගීතයේ සංගීත සංයෝජනය කළා. ගීතය නිර්මාණය කළාට පස්සේ අතුල ජයසිංහ සහ තුසිත ලක්නාත් එක්ක සම්බන්ධවෙලා එයට රූප රචනයකුත් කළා. ඒ විධියට නිර්මාණය කළ ගීතය තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ.

මේ ඔබේ පළමු ගීතය නෙවෙයි නේද?
මම පොඩි කාලේ ඉඳන් ගීත ගායනා කරලා තියෙනවා. ලක්ෂ්මන් විජේසේකර සර්ගේ කැසට්වලටත් මම ළමා ගීත ගායනා කරලා තියෙනවා. එඩ්වඩ් ජයකොඩි ගුරුතුමාගේ ගීත ගණනාවකුත් මම ගායනා කළා. හර්ෂණ දිසානායක අයියා එක්ක 'දැවටි දැවටි ළඟින් ඉඳන්' ගීතය සහ තවත් ගීත දෙකක් ගායනා කළා. ජනනාත් වරකාගොඩ මහත්මයා එක්කත් ගීත ගායනා කරලා තියෙනවා. කසුන් කල්හාර අයියා සංගීතවත් කරපු 'මගේ ආදරේ හැටි' කියන මගේ ගීතය මීට කලින් රිලීස් කළා. හැබැයි ඒකට රූප රචනයක් කළේ නැහැ. රූප රචනයක් එක්ක එළිදක්වපු මගේ පළමු ගීතය තමයි 'මගේ ලෝකේ' කියන්නේ.

'මගේ ලෝකේ' ගීතය වෙනසක් එක්ක නිර්මාණය වූ ගීතයක්නේ. හැමෝම දැන් යන රැල්ලට අහුවෙලා ගීත කරද්දී වෙනසක් එක්ක ගීතයක් කරන එක හොඳ අදහසක් කියලා හිතුවද?
මේ මම කියන්නේ මට හිතෙන විධියට. අපිට ඇහෙන ගීතත් එක්ක සමහරු හිතනවා රැල්ලට නොගියොත් ඒ ගීත ප්‍රසිද්ධ කරගන්න බැරි වෙයි කියලා. නමුත් වෙනස් දෙයක් කළොත් ඒවා රසවිඳින පිරිසක් ඉන්නවා. සනුක, නදීමාල් වගේ නව පරපුරේ අයත් ඒ විධියට වෙනස් දේවල් කළා අර්ථාන්විතව. ඒ ගීත ප්‍රසිද්ධ වුණා. රැල්ලට ගියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනස් දේවල් රසවිඳින පිරිසක් ඉන්නවා.

ඔබේ හඩින් ගැයෙන ඒ වෙනසට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුද?
පැය විසිහතරක් ගතවෙලා. ගීතයට දන්න, නොදන්න බොහෝදෙනාගෙන් සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. දැන් ඇහෙන ගීතවලට වඩා වෙනස් විදිහේ වචන ටිකක් තියෙන ගීතයක් කියලා තමයි ප්‍රතිචාර ලැබෙන්නේ.

ඔබේ අලුත් නිර්මාණය ගැන තාත්තාගෙයි (ගිරිරාජ් කෞශල්‍ය) අම්මාගෙයි අදහස මොන වගේද?
මොන අම්මයි තාත්තයි වුණත් තමන්ගේ දරුවාගේ දේවල් රසවිඳිනවානේ. පොඩි කාලේ ඉඳන් මගේ ගායන හැකියාව හඳුනාගත්ත නිසා තාත්තයි අම්මයි ඒ හැකියාව දියුණු කරගන්න මට උදවු කළා. පෙරපාසල් කාලේ ඉඳන් මාව සංගීත පන්තියකට යොමු කළේ මගේ දක්ෂතාව ඔවුන් හඳුනගත්ත නිසා. දක්ෂතාව තිබ්බට ඒ පැත්තට මාව ඔවුන් යොමු නොකළා නම් ඒ හැකියාව මුවහත් කරගන්න බැරි වෙනවනේ. අම්මා, තාත්තා, අක්කා හැමදාම මට ලොකු සහයෝගයක් දුන්නා. හොඳ නම් හොඳ කිව්වා. විවේචනත් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප්‍රශංසා, විවේචන දෙකම මට වටිනවා.

ඔබ කලාව පැත්තට අවධානය යොමු කළෙත් තාත්තාගෙයි අම්මාගෙයි ආභාෂය නිසාද?
තාත්තා විතරක් නෙවෙයි අම්මත් කලාවට ළැදියි. අම්මා ගීත ගායනා කරනවා. මාලනී බුලත්සිංහල කියන්නේ අම්මාගේ ගුරුතුමිය. ඇය මගෙත් ගුරුතුමිය වුණා. ඉස්සර ගෙදර විදුලිබලය ඇනහිටියම අපි හැමෝම තාත්තා ළඟ තිබ්බ ඩොල්කිය වාදනය කර කර සින්දු කියනවා. රොඩ්නි මාමා, මනෝරත්න මාමා, විජය මාමා වගේ බොහෝ අය අපේ ගෙදර යනවා එනවා. තාත්තා සම්බන්ධ වුණු වේදිකා නාට්‍යත් අපි බලන්න යනවා. තාත්තා සම්බන්ධ වුණ වේදිකා නාට්‍යවල ගීත අක්කටයි මටයි කට පාඩම්. ඒ දැකපු දේවල් එක්ක තමයි කලාවට යොමු වුණේ.

ඔබේ පියා (ගිරිරාජ් කෞශල්‍ය) රංගන ශිල්පියෙක්. ඔබ තාත්තා වගේ රංගනයට යොමු නොවී ගායනය තෝරා ගත්තේ?
මම පාසල් කාලේ ඉඳන් සංගීතය, රංගනය ඉගෙන ගත්තා. සමස්ත ලංකා තරගවලින් පවා මට ජයග්‍රහණ ලැබිලා තියෙනවා. හැබැයි මම පුංචි තිරයේ රඟපාලා තිබුණේ නැහැ. පාසල් යන කාලෙදි මට රංගනයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. පාසල් කාලේ ඒ දේවල්වලට යොමු කරන්න තාත්තා කැමැති වුණේ නැහැ. මම ගායනයට වැඩිපුර කැමැතියි. නමුත් මට රංගනයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තාත්තාගේ 'කතුරු මිතුරු' කියන චිත්‍රපටයේ පොඩි චරිතයක් මම කළා. ඒක ඉදිරියේදී තිරගත වෙයි.

ඉදිරියටත් රඟපාන්න කැමැත්තක් තියෙනවද?
හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් සම්බන්ධ වෙනවා. ගායනයට වගේම රංගනයටත් මට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ගැනත් හිතලා බලනවා.

ඔබේ හැකියාවට පියාගේ නිර්මාණවල ඉඩ හදලා දීලා නේද?
මම දුව නිසා තාත්තා මට අවස්ථා දෙන්නේ නෑ. මම දැන් විශාරද විභාගයත් සමත්. තාත්තා මට හැමදාම කිව්වේ හැකියාව දියුණු කරගන්න, පුහුණුවීම් කරන්න කියලා. හැකියාව තියෙන නිසා තමයි තාත්තාගේ නිර්මාණයක වුණත් මට අවස්ථාව දුන්නේ.

ඔබ වෙනත් වෘත්තියක නියැළෙන කෙනෙක්. ඇයි ඔබ කලාව වෘත්තිය කර නොගත්තේ?
උසස් පෙළ කරද්දි මට ඕන වුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න. නමුත් මට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්කම තිබ්බ නිසා මම එයට ඇතුළත් වුණා. කාර්යාලයක වැඩ කරන්නත් මට ආසාවක් තිබ්බා. ඉතින් දැන් මම අංක එකේ පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඒත් එක්ක සමාජ සේවා වැඩ කරමින් වෘත්තියක් විධියට වඩා ලබන තෘප්තිය ලබනවා. කලාව වෘත්තියක් විධියට කරන්න අදහස නොතිබ්බට මම වෘත්තිය වගේම කලා කටයුතුවලටත් තැන දීලා කටයුතු කරනවා.

ඔබ එක සංගීත ශෛලියකට කොටු වුණු කෙනෙක් නෙවෙයි නේද?
වැඩිපුරම මම හින්දුස්ථානි රාගධාරි සංගීතයට සම්බන්ධ ගීත ගායනා කළේ. ඊට පස්සේ රන්වල බළකායට සම්බන්ධ වීමත් එක්ක මම ජනකවි හැදෑරුවා. ඒත් එක්ක ජනකවි ආරට ගීත ගායනා කළා. ඉන්දිකා උපමාලි මහත්මියගෙන් මම බටහිර ශෛලියට හඬ හසුරුවන්න ඉගෙන ගත්තා. මම එක ශෛලියකට කොටුවෙන්න කැමැති නැහැ. හැම ශෛලියකම ගීත මට ගායනා කරන්න පුළුවන් කියලා හිතනවා.

ඔබේ හැකියාවට ඉඩ හදාගනිද්දී තාත්තාගේ ජනප්‍රියත්වයේ එළියත් වැටෙනවද?
මේ ගීතය රූප රචනයක් සහිතව මම කරපු පළමු ගීතය නිසා මාධ්‍ය කොයි විධිහටද භාවිත කරන්නේ කියලා මට තේරුණේ නැහැ. පසන් ලියනගේ සහ වීඩියෝ එක කළ කණ්ඩායම ඒ වෙනුවෙන් මට උදවු කළා. සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහයෝගයත් මට ලැබුණා. තාත්තාගේ එළියත් මට ලැබෙනවා. තාත්තා නිසා වගේම වෙනම ලැබෙන අවස්ථාත් මට තියෙනවා.

මේ ආරම්භය එක්ක දිගටම ඔබේ ගීත නිර්මාණ බිහිවෙයිද?
ඔව්. සංගීතය මගේ ජීවිතය. ආසයි දිගටම ගායනා කරන්න. මේ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ඉස්සෙල්ලම බලලා ඉන්න ඕන. මම තාත්තාගේ 'කතුරු මිතුරු' චිත්‍රපටයටත් ගීත දෙකක් ගායනා කළා. එක ගීතයක් ගායනා කළේ අමරසිරි පීරිස් මහත්මයා එක්ක. සමන්ත පෙරේරා මාමා තමයි ඒ ගීතය සංගීතවත් කළේ. අනෙක් ගීතය ගායනා කළේ තාරක ගුණරත්න එක්ක. ඒ ගීතය රෝහණ වීරසිංහ සර් සංගීතවත් කළේ. ඒ ගීත දෙක ගැනත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වගේම ඉදිරියටත් මගේ තනි ගීත කරන්නත් බලාපොරොත්තු වෙනවා. ජනකවි අංශයට මගේ හඬ හුරු කරලා තියෙන නිසා විවිධ රියැලිටි තරගවලට භාවිත කරන ජනකවි ආරේ ගීත ඛණ්ඩ ගායනා කරන්නත් මට දැන් ආරාධනා ලැබෙනවා. චන්න විජේවර්ධන සර්ගේ නර්තන අංග දෙකකටත් මට ගායනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  84 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,063 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,480 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  188 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  450 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  797 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  577 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,929 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top