තලවතුගොඩ - කොට්ටාව මාර්ගයේ පොල්වත්ත මංසන්ධිය ආසන්නයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, එහි රියදුරා ඇතුළත් කෙරුණේ හෝමාගම රෝහලටයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි මහරගම පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.