Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම දැනුම් දෙයි - Video

- වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම දැනුම් දෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

799 Views
වැඩි කළ තිරිඟු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම සිය අලෙවි ඒජන්තවරුන්ට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ ඒජන්තවරුන් 200 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.

තිරිඟු පිටි මිල පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5යි ශත 50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කළා.

ඒ තිරිඟු පිටි සඳහා රුපියල් 87 ක උපරිම සිල්ලර මිලක් පනවා ඇති පසුබිමකයි.

පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව ග්‍රෑම් 450ක් වන පාන් ගෙඩියක මිලද රුපියල් 2 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගත්තා.
 

කෙසේ වෙතත් ඊයේ පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී තිරිඟු පිටි මිල යළි පහල දැමීමට සමාගම් එකඟ වූ බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් වැඩි කළ තිරිඟු පිටි මිල ගණන් පහල දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අදාල සමාගම් සිය අලෙවි ඒජන්තවරුන්ට අද දැනුම් දී තිබෙනවා.

ප්‍රීමා සමාගමේ නියෝජිතයෙක් හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම සහ ආයනික තිරිඟු මත පනවා ඇති බදු ප්‍රමාණය ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.

බදු අඩු කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ නම් තිරිඟු පිටි මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ තම අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ නැංවීමට සමාගම් ගත් තීරණය නීතිවිරෝධී බවයි.

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන ඒජන්තවරුන්ට සොයා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එලෙස තිරිඟු පිටි අලෙවි කළ ඒජන්තවරු 200 කට වැඩි පිරිසකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  249 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,502 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,942 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  220 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  601 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,019 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  701 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,362 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  375 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,359 Downloads



Top 10 Commenters

Latest Comments

Top