හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළදී එහි සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද (11) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සඳහන් කළා.
සැකකාර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර අපයෝජනය කර ඇති බවට සිසුවියන් තිදෙනෙකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල කර තිබෙනවා.
ඒ අනුව සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
...