Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
"අපි ඔක්කොටම ශාන්ති ගැන ආසාවක් තිබ්බා සර්, පස්සෙ අපි ඔක්කොම කතා වුණා ගෙදරට පනින්න.." - ගමේ කාමාතුරයින් අතින් සමූහ දූෂණයට ලක් වූ කාන්තාවක් ගැන ඇඟ කිළිපොළා යන කතාවක් - Video

- "අපි ඔක්කොටම ශාන්ති ගැන ආසාවක් තිබ්බා සර්, පස්සෙ අපි ඔක්කොම කතා වුණා ගෙදරට පනින්න.." - ගමේ කාමාතුරයින් අතින් සමූහ දූෂණයට ලක් වූ කාන්තාවක් ගැන ඇඟ කිළිපොළා යන කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
අපිට ඇහුණා එයා මොබයිල් එකෙන් කාටහරි කෝල් කරනවා...
අපි ඔක්කොම එකතු වෙලා ශාන්තිව පුටු සැටියට තල්ලු කරගත්තා සර්...
 
සාක්ෂි නැමති හෝඩුවාවන් පස්සේ හඹායන ආරක්ෂක අංශ, අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නේ සූක්ෂම බුද්ධිය භාවිතා කරමින්.
 
නමුත් අපරාධකරුවන් සාක්ෂි මකා දමා පැන යන්න තැත් කරනවා. කිසියම් හෝ මොහොතක අපරාධකරුගේ දුර්වලතාවයක් නිසා, ඔවුන් නීතියේ රැහැනට කොටු වනවා. එතෙක් ඔවුන් ආරක්ෂක අංශවලට වැලි ගසමින්, කට්ටි පනිමින් සිටිනවා.
 
ගමක් කම්පා කරමින් පාපතරයින් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක් වූ කාන්තාවක් ගැන ඇඟ කිළිපොළා යන කතාවක්.
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

අවිවාහකව නිවසට වී කාලය ගෙවමින් තම අංශභාගයෙන් පෙළෙන පියාව බලාගත් ශාන්ති, හුදකලා චරිතයක් වුණා.
 
ඈ තම නිවසේ කටයුතු සියල්ලක් සිදු කරන අතරේ ප්‍රථම රාජකාරිය කරගත්තේ ඇගේ අංශභාග පියා හොඳින් රැක බලා ගැනීමයි.
 
තම වතුපිටිවලින් ලැබෙන ආදායමින් ජිවිතය ගෙන ගිය දියණිය හා පියා ගමේ කා සමඟවත් වැඩි සම්බන්ධයක් තිබුණේ නැහැ.
 
නමුත් කිසිවිටෙක ගැමියන් ඔවුන්ට චෝදනාවක් එල්ල කළෙත් නෑ.
 
වයස ඉක්මවා ගියත් ශාන්තිට ආදර සම්බන්ධතා පැවැත්වීමට හෝ විවාහ වීමට ආශාවක් තිබුණේ නැහැ.
 
තම පියාව කෙසේ හෝ ඇවිද්දවීම ඇගේ එකම අරමුණ වුණා.
 
ගමේ දොළේ නාන්න යන, යාළුවා එක්ක රවුම් ගහන්න යන ශාන්තිට තමන්ගේ දිහා කාමුක ඇස්වලින් බලන් ඉන්න කාමුකයෝ බොහෝ දෙනෙක් මඟ ඇරුණා.
 
ඒත් ආවාසනවාන්ත දවසක ඒ පාපතරයින් ශාන්තිව ඔවුන්ගේ ගොදුරක් බවට පත් කරගන්නවා.
 
එදා..... ශාන්තිගේ යෙහෙළියට චම්පාට ශාන්තිගෙන් ඇමතුමක් ලැබුණා.
 
"චම්පා අපේ ගෙදර කඩන්න හදනවා... මට බයයි චම්පා ඉක්මනට එන්න.." දුරකථන ඇමතුමෙන් කියවුණේ එපමණයි. මෙයින් බියට පත් චම්පා ගම්වාසීන් කැටුව ශාන්තිගේ නිවසට දිව ගියත් ඒ වෙද්දි සිද්ධ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි.
 
ශාන්ති හිටියේ සිහිසුන් වෙලා. රෝහලට රැගෙන ගිය පසු ඇය සමූහ දූෂණයට ලක්ව ඇති බව හෙළිදරව් වුණා. කිහිප දෙනෙකු අතින්ම ඇය දූෂණයට ලක්වෙලා තිබුණා.
 
මෙයින් කම්පනයට පත් බලංගොඩ පොලීසිය ඉතා යුහුසුළුව සිය රාජකාරිය ආරම්භ කළා.
 
මෙම අපරාධකරුවන්ගේ යම් හෝඩුවාවක් සොයා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ වුණා.
 
ඒ අතරතුර ශාන්ති දූෂණය වූ තැන තිබී ටීෂර්ට් එකක් සහ පාවහන් යුගලයක් හමුවුණා.
 
මෙම පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛ බෑඩ්ව කැඳවන්නේ ඉන් පසුවයි. බෑඩ්ගේ ඉව ඔස්සෙ අපරාධයට වග කිව යුතු පිරිස නීතියට කොටු කරගන්න පොලීසියට පුළුවන්කම ලැබුණා. ඉන් අනතුරුව ශාන්තිව සමූහ දූෂණයට ලක් කළ පාපතරයින් සියල්ල පාපොච්චාරණය කළා.
 
"අපි ඇත්ත කියන්නම් සර්.. අපි ශාන්ති මුලින් දැක්කා. ශාන්ති ගැන ආසාවක් ඇතිවුණා. ශාන්තිගේ තාත්තා ඇඳෙම ඉන්නෙ. හෙල්ලෙන්නත් බෑ. ඇත්තටම සර් අපි එක සැරයක් ඇල්ලක් ළඟදී කට්ටිය සෙට්වෙලා ශාන්ති ගැන කතා කළා..."
 
"අපි ඔක්කොටම ආසාවක් තිබ්බා සර්.. පස්සෙ අපි ඔක්කොම කතා කළා ගෙදරට පනින්න දවසක්. පස්සෙ රෑ කට්ටියත් එක්ක මූණුත් කවර් කරගෙන ශාන්තිලාගේ ගෙදරට ආවා. කට්ටිය වටින් ඇවිල්ලා දොර කොහොමහරි කඩලා ආසන්නෙටම ආවා. අපිට ඇහුණා ශාන්ති ඇතුළේ ඉන්නවා..."
 
"අපිට ඇහුණා එයා මොබයිල් එකෙන් කාටහරි කෝල් කරනවා. පස්සෙ අපි එහෙමම දොර කඩාගෙන ඇතුළට ගියා. අපි ඔක්කොම එකතු වෙලා ශාන්තිව පුටු සැටියට තල්ලු කරගත්තා සර්. ශාන්තිව පුටුවෙන් බිමට දාගත්තා. දාගෙන එක්කෙනෙක් අතින් අල්ලගත්තා. අනිත් කෙනා ශාන්තිගේ කට වහගත්තා. මම ශාන්තිගේ ඇඟ උඩින් නැග්ගා සර්.. ඊට පස්සෙ මොනා උනාද දන් නෑ සර්...."
 
"ශාන්තිට සිහිය නැතිවෙලා හිටියා සර්. එකසැරෙ අපිට ඇහුණා කට්ටියක් එනවා. ඒ සද්දෙට සර් මම දුවන් ඇවිල්ලා කිව්වා සර් යමල්ලා කවුද එනවා කියලා. ගමේ කට්ටිය මිදුලින් දුවන් ආවා. අපි ඒ පාර එහෙම්ම කට්ටිය එක්ක පිටිපස්ස දොරින් පැනලා ගියා සර්.."
 
ඉව ලුහුබඳින හෝරාව, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව!
 
මෙම ක්‍රියාන්විතයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top