Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
එජාපයේ නායක අගමැති රනිල් සහ සජිත් අතර තිරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ - Video

- එජාපයේ නායක අගමැති රනිල් සහ සජිත් අතර තිරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,842 Views
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තිරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේදී පැවැත්විමට නියමිතයි.

අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනෙනු ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර සාකච්ඡාව රත්‍රී 9 ට අරලියගහ මන්දිරයේදි පැවැත්වෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි තහවුරු කළා.
 

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද පස්වරුවේ පැවැති වැඩසටහනකින් අනතුරුව රාත්‍රි පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළකළා.

පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා අතර පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිපදෙනෙක් අදහස් පල කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ යාපනයේ හෝටලයකදී පැවති අතර එහිදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වි තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, ඊ. සරවනභවන්, යාපනය නගරාධිපති ඊ. ආර්නෝල්ඩ් යන මහත්වරුන් සහභාගි වී සිටියා.

එම සාකච්ඡාවට එක්වූ මන්ත්‍රීවරයෙක් පැවසුවේ එම සාකච්ඡාවේදී ෆෙඩරල් ක්‍රමය මුල් කර ගනිමින් එකම රටක් තුළ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් අවශ්‍ය බව එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළ බවයි.

එසේම දෙමළ ජාකික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදි සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න ප්‍රකාශයට පත්කරනු ලබන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බවද එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, පවසා ඇත්තේ තමා ජනාධිපතිවරණ ජයග්‍රහණය කර මුල් මාස හය තුළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට කටයුතුකරන බවයි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු එක්සත් ජාතික පක්ෂය තුල නොමැති නිසා බව පැවසූ බවයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ යාපනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බලය බෙදීම සම්න්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර විනය පියවර ගැනීමට ප්‍රථම ප්‍රතිචාර දක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා විසින් සිදු කළ දැනුම් දීමට අනුව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වෘත්තීමය නොවන මෙන්ම වගකිම් විරහිත ලිපියක් තමා වෙත යොමු කිරීමට හේතු වූ කරුණු සහ එම ලිපිය යොමු කළ පුද්ගලයා හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

තමන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට හේතු වූ පැමිණිලි වල පිටපත් තමාවෙත එවීමට කටයුතු කරන ලෙසද එහි දැක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි ලිපියක් යොමු කිරීමේදී එය යොමු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ කුමන නීති ප්‍රතිපාදනද මත දැනුම් දීමේ වගකිමක් පක්ෂ මහලේක්ම් අකිල විරාජ් කාරියවසම් මහතාට පැවරී ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුල මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් දේශපාලඥයින් කිහිප දෙනෙකු අදහස් පල කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  631 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,403 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,803 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,447 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  383 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,582 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  430 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  581 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  780 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,649 Downloads



Top 10 Commenters

Latest Comments

Top