තරුණිය සැකකරු සමඟ පොර බදලා..
මවක් හා දියණික් දූෂණය කර මැරුවාටත් සැකලු..
ඇඟලූම් කම්හලක සේවය සඳහා අලූයම 5 ට යමින් සිටි 21 හැවිරිදි තරුණියක් රවටා නිවසට කැඳවා දූෂණය කිරීමට සූදානම් වූ 54 හැවිරිදි මාමා කෙනෙකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කරනු ලැබුවා.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ නාවලපිටිය ගොඩමඩිත්ත අවට එක් ගම්මානයක පදිංචිකරුවෙක්.
විවාහකයකු වන මොහුගේ දරුවන්ද විවාහ වී සිටින අතර බිරිඳ නිවසින් බැහැරව සිටින අවස්ථාවක මෙම සිද්ධිය වී ඇති බවයි පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු අලූයම නිවස ඉදිරිපිටට වී මෙම ඥාති දියණිය එන තුරු සිට හදිසි ලියුමක් ලිවීමට ඇති බව පවසා ඇය නිවස තුළට කැඳවා තිබෙනවා.
තම මාමා කෙනෙකු වන සැකකරු පිළිබඳව සැක නොසිතූ ඇය නිවස තුළට ගොස් ලියුම ලිවීමට සූදානම් වීමේදී සැකකරු ඇය බියකර අතවර කිරීමට සූදානම් වී තිබෙනවා.
එවිට ඇය සැකකරු සමඟ පොරබදා එළියට පැන ගොස් නිවසට දිවවිත් මේ බව පොලිසිය වෙත පැමිණිලි කොට ඇති බව වාර්තා වනවා.
සැකකරු ඇගේ බෙල්ල මිරිකා ඇති අතර හිසද තුවාල කර තිබූ නිසා රෝහල් ගතකර තිබෙනවා.
පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය රැගෙන ගිය කෑම පාර්සලය හා කුඩයද සැකකරුගේ නිවසේ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.
මීට පෙර මෙම ප්‍රදේශයේ මවක හා දියණියක දූෂණය කොට මරා දමා තිබූ අතර ඒ පිළිබඳව ද ගම්වාසීන් මෙම පුද්ගලයා සැකකර ඇති බව පොලිසිය සඳහන් කළා.