Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
"අපි කවුරුත් මැරෙන මිනිස්සුනේ මහත්තයා.." - රාජකාරියට එහා ගිය සේවයක් කරන ගල්කිස්ස - කොට්ටාව බස් රථයක කොන්දොස්තරවරයෙකු ගැන මඟියෙකු තැබූ සංවේදී සටහන - Photos

- "අපි කවුරුත් මැරෙන මිනිස්සුනේ මහත්තයා.." - රාජකාරියට එහා ගිය සේවයක් කරන ගල්කිස්ස - කොට්ටාව බස් රථයක කොන්දොස්තරවරයෙකු ගැන මඟියෙකු තැබූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,323 Views
"වයසක අම්මා කෙනෙක් බහිනවා, අද්දන්න එපා..."
"කාලය ගොඩාක් වටිනවා, බහින්න ළඟයිනම් දොරවල් ගාවට ළං වෙන්න..."
 
මෑත කාලයේ බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගැන අපිට දකින්න ලැබුණේ හොඳ කතන්දර නෙවෙයි. පසුගිය දිනෙක මනුස්සකමක් නැති රියදුරු මහතෙකු විසින් පුංචි දරුවෙකු හා කාන්තාවක මහමඟ දමා අතරමං කර ගිය පුවත ඔබ දන්නවත් ඇති.
 
කොහොම වුණත්, එවන් රියදුරන්, කොන්දොස්තරවරුන් අතර තම රාජකාරියට එහා ගිය සේවයක යෙදෙන පිරිස් ද නැතුවාම නොවේ. මේ එවන් කොන්දොස්තරවරයෙක් ගැන මඟියෙකු තැබූ අපූරු සටහනක්.

දිනය: 08/09/2019
වේලාව : 01.45 ප.ව (විතර ඇති)
 
මේක 255 ගල්කිස්ස කොට්ටාව Bus Root1ඒ කොන්දොස්තර මහත්තයා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මා ගති ඇති මහත්මයෙකි. වචන පාවිච්චිය අගනේය. කාගේවත් හිත රිදවීමක් නැත. කටුබැද්ද හන්දියෙන් පිලියන්දල බලා ගමන් ගන්නා මා ගමන් ඇරැඹෙන බස් රතයේ සෙනගද වැඩිය. ඒත් මේ කොන්දොස්තර මහත්තයා කෑ ගසා කාගේවත් හිත රිදෙන්න කතාවක් නැත.
 
"මහත්තයෝ නෝනා" කියා හිනාමුසු මුහුනින් හැමෝවම අමතයි. මේ මනුස්සයා මෙහෙමත් කියයි."සල්ලි දෙන්න බැරි උන කව්රුත් ඉන්නවා නම් බහිනකොට ගමු සෙනග වැඩි නිසා".
 
වයසින් වැඩි අම්මා කෙනෙක් බසයෙන් බැසීමට බෙල් 1 ගහනවා දුටු මේ මහතා , රියදුරු මහතා අමතා කෑ ගැසීය.. "වයසක අම්මා කෙනෙක් බහිනවා.. බහිනවා... බහිනවා... තව බහිනවා... අත්දන්න එපා.." , අම්මා ට ඉතුරු වශයෙන් රුපියලක්ද පිරිනැමීය.
 
මේ මනුස්සයා දෙස තවත් විනාඩි 15ක් බලා සිටියෙමි. සෑම බැසීමට ඇති රිය නැවතුම්පොළ ලන් වෙත්ම ඔහුගේ කටින් පිටවූ වචන කීපයකි.
 
"කාලය ගොඩාක් වටිනවා.. බහින තැන ලගයි නම් නෝනා මහත්තයා ලා දොරවල් ගාවට ලන් වෙන්න..." මම මේ මිනිසාට කතාකලෙමි. මොහු ඉදිරියේ දොර අසල සිට මා වෙතට පැමින මාගෙන් මෙසේ ඇසීය.
 
"මහත්තයා ඉස්සරහ හෝල්ට් එකේ බහිනවද?" මා "නෑ" කියා පිලිතුරක් දුන් විට ඔහුගෙන් ලැබුණේ " මහත්තයා මගෙන් මොකක් හරි වැරදීමක් උනාද?"
 
මම: නෑ ඔයා job 1 ලස්සනට කරනවා , නේ?
ඔහු: අපි කව්රුත් මැරෙන මිනිස්සුනේ මහත්තයා..
ඔහුගේ පිලිතුර විය.
බහුතරයක් බස් කාරයන් අතරේ ඔහු නියම මිනිසෙකි.
පින්තූරෙ ඉන්නේ ඒ මහත්තයා. Job1 ආසාවෙන් කරන ගමන්..
 
සුධාරක දේශප්‍රිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,122 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,345 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,556 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  306 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,722 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  342 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,440 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top