ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා වලට අනුව මෙම වසරේ ජුනි, ජුලි මාස වල දී යුරෝපයට බලපෑ අධික උණුසුම් කාලගුණ තත්වය නිසා එරට පුද්ගලයන් 1435ක් මිය ගොස් තිබෙනවා.
එම ප්‍රමාණයෙන් අඩක් පමණ වයස අවුරුදු 75ට වැඩි අයවලුන් බව සෞඛ්‍ය අමාත්‍ය Agnès Buzyn ප්‍රංශ ගුවන්විදුලියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් එම ප්‍රමාණය 2003 වසරේ බලපෑ උෂ්ණත්ව වැඩි වීමෙන් මිය ගිය ප්‍රමාණයට වඩා 10 ගුණයකින් අඩු වී ඇතැයි ඇය පෙන්වා දෙනවා. 2003 වර්ෂයේදී පුද්ගලයින් 15,000ක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ.
ප්‍රංශයේ මෙතෙක් වාර්තා වූ වැඩිම උණුසුම් කාලගුණ තත්වය පසුගිය ජුනි මාසයේ වාර්තා වූයේ 46C (114.8F) ලෙසයි.