ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සුපිරි කණ්ඩායම් 8 අතරට එක්ව තිබෙනවා. ඒ අතරට බංග්ලාදේශ කණ්ඩායමත් ඇතුළත්. බංග්ලාදේශය A ඛාණ්ඩයේ තෙවන ස්ථානය දක්වා මේ වන විට ඉදිරියට පැමිණ සිටිනවා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ සිව්වැනි ස්ථානයයි. මෙහි ප්‍රථම ස්ථානය නවසීල්නතය සහ දෙවැනි ස්ථානයට ඕස්ට්‍රේලියාව පැමිණ සිටිනවා. කෙසේ වෙතත් ලොවටම ක්‍රිකට් කියාදුන් ඉංග්‍රීසීන් එහෙමත් නැත්නම් එංගලන්තයින් මුල්වටයේදීම සිය රටට පිටත් කර යැවීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් සමත් වුණා.
මොවුන්ගේ මෙම දක්ශතාවය පිටුපස සිටින්නේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්. ඔවුන් නමින් චන්දික හතුරුසිංහ සහ රුවන් කල්පගේ. චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රුවන් කල්පගේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
චන්දික හතුරුසිංහගේ සහ රුවන් කල්පගේ මෙහෙයවීමෙන් මේ වන විට බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලානය පුරා තම දක්ෂතාවයන් ඔප්නංවනු ලැබුවා. මෙහි විශේෂිතම කරුණ වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවෙකු ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොකළ දෙයක් මොහමදුල්ලා විසින් සිදුකිරීමයි. ඒ මොහොමදුල්ලා ශතකයක් වාර්තා කිරීමයි. මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාස පොත රන් අකුරින් ලියවෙන දිනයක් කිවහොත් නිවැරදිය.
එංගලන්තය පරද්දලා බංග්ලාදේශය දිනපු තියුණු තරඟයේ අවසන් මොහොත - වීඩියෝ