Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
08
යුද හමුදා විරුවන් දෙදෙනෙකු විසින් දියේ ගිළී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි පවුලක් බේරාගත් මෙහෙයුම - Video & Photos

- යුද හමුදා විරුවන් දෙදෙනෙකු විසින් දියේ ගිළී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි පවුලක් බේරාගත් මෙහෙයුම - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,411 Views
කිලිනොච්චිය,පුනරීන්,අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වළක ගිලීමෙන් ජිවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි පවුලක් බේරා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාවන්ට අයත් පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුධ හමුදා නිළධාරීන් ඊයේ(07) දහවල් සමත්ව තිබෙනවා.

කිලිනොච්චිය,පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙ‍නා සමඟ ඊයේ(07) දහවල් වැවේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ එලෙස වැව තුළ තිබු රොන්මඩ සහිත වළක එරෙමින් සිටියදී යුධ හමුදා නිළධාරීන් අදාළ පවුලම දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබුණා.

වැවට බැසි දරුවෙකු රොන්මඩ සහිත වළෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එහිදි අදාළ දරුවා බේරා ගැනීමට ඇලෝසියස් මහතාගේ බිරිඳ හා තවත් දරුවෙකු වළට බැස ඇති අතර, එහිදි එම දෙදෙනාම මඩ වළෙහි එරී තිබෙනවා.

මඩ වළ තුළ එරුණු සිය දරු දෙදෙනෙකු හා බිරිඳ බේරා ගැනීමට ඇලෝසියස් උත්සහ දරමින් සිටියදී ඇලෝසියස් මහතාගේ බාල දරුවා සිය පවුල බේරාදෙන ලෙසට කෑ ගසා ඇති අතර, දරුවාගේ කෑ ගැසීම් හඩ ඇසුණු පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුධ හමුදා නිළධාරීන් 
වන ‍සෙ/වි 100258 ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ජේ.පි.ආරියරත්න හා /වි 100232 ලාන්ස් කෝප්‍රල් ඩි.ජි.එස් අමරසිරි යන දෙදෙනා වැවට බැස අදාළ පවුල් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගෙන තිබෙනවා.

අදාළ පිරිස වැවෙන් ගොඩගත් අවස්ථාවේ සිහි නැතිවි ගොස් සිට ඇති අතර, එහිදි යුධ හමුදා නිළධාරීන් ක්ෂණික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව අදාළ පිරිස පුනරීන් රෝහල වෙත ඇතුළත් කොට තිබු බව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් පැවසුවා.

අනතුරට ලක්වු පිරිස එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කොට ඇති අතර, අදාළ පිරිස මේ වන විට යහපත් තත්වයට හැරෙමින් පවතින බවද යුධ හමුදා නිළධාරීන් පවසා තිබෙනවා.

අනතුරින් ඇලෝසියස් ජයන්තිමාලා නමැති 44 හැවිරිදි කාන්තාවක්, අදාළ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා වු වයස අවුරුදු 14 දරුවෙකු හා පවුලේ දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් නමැති 12 හැවිරිදි දරුවෙකු එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබුණා.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජේ.වි.රවිප්‍රිය මහතාගේ අධීක්ෂයෙන් මත, කිලිනොච්චිය යුධ හමුදා 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර මහතාගේ මෙහෙයවීමෙන්, 661 බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න මහතාගේ හා පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අණදෙන නිළධාරි මේජර් ධනංජය වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිළධාරීන් මුදාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගය ලබාදි තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,185 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,044 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,654 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,356 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,745 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,143 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,401 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top