මහ රෑ පිහියකුත් අරන් ගෙදරට ගිහින්..
සැකපිට බිරිඳත්, ඇගේ මවත් පොලිස් දැලේ!
තියුණු ආයුධයක් රැගෙන දික්කසාද වූ බිරිඳගේ නිවසට පැමිණි ඇල්පිටිය - නවදගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු එහිදී සිදුවූ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇල්පිටිය - අටකොහොට - නවදගල - කුමාරසිංහ මාවතේ පිහිටි අදාළ කාන්තාවගේ නිවසේදී යි.
මිය ගිය 35 හැවිරිදි පුද්ගලයා දික්කසාද නඩුවකින් පසු නීත්‍යානුකූලව බිරිදගෙන් වෙන් වී ඇත්තේ ඊයේ දිනයේදියි.
කෙසේ වෙතත් පස්වරු 7ට පමණ ඔහු පිහියක් රැගෙන බිරිදගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමකදී 28 හැවිරිදි බිරිද සහ 59 හැවිරිදි ඇගේ මව මෙම පුද්ගලයාට පොල්ලකින් පහර දී තිබෙනවා.
පසුව ඔහු මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනො අද ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.