නිට්ටඹුව - වතුපිටිවල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ 24 හැවිරිදි හෙදියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළේ ද ඊයේ (09) දිනයේයි.
ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ඇඟලූම් සේවිකාවකට සිය නිවසේ නවාතැන් පහසුකම් ලබාදී තිබෙනවා.
නවාතැන් ගෙන සිටි කාන්තාවගේ සැමියා ඊයේ (09) උදෑසන මෙම හෙදියගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.