Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
07
කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන ලොව සුපිරිම ප්‍රහාරක ඩ්‍රෝන යානා මෙන්න - Photos

- කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන ලොව සුපිරිම ප්‍රහාරක ඩ්‍රෝන යානා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වෙන නියමුවන් රහිත ඩේ‍රා්න යාත්‍රා ඉතා ඉක්මනින් ඇමෙරිකා ගුවන් හමුදාවේ නියමුවන් හා සමගාමීව ගුවන් ගමන්වල ස්වයංක්‍රියව යෙදෙනු ඇත.

බෝයිං ගුවන් සමාගමේ F 15 සහ ලොක්හීඩ් මාටින් ගුවන් සමාගමේ F 35 ප්‍රහාරක ජෙට් යානාද “ස්කයි බෝර්ග්්” (Sky borg) යනුවෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වනු ඇතැයි සැලකේ.

මෙම වැඩපිළිවෙළ අනුව ජෙට් යානයක යන පුද්ගලයන් අඩු වනු ඇති අතර නියමුවන්ගේ අවදානමද අවම තත්ත්වයට පත් වී ආර්ථික වශයෙන් වඩාත් වාසිදායක වනු ඇත. 

අලුත් ප්‍රහාරක ජෙට් යානයක් නිපදවීමට යන වියදමට වඩා හතළිස් ගුණයක පමණ අඩු වියදමකින් මෙම ඩේ‍රා්න යානාවක් නිෂ්පාදනය කළ හැකිය. 
 
මෙම ඩේ‍රා්න යානයේ ආරක්‍ෂාකාරී පාලනය සඳහා එකී ප්‍රහාර වළක්වන A1 නමැති විශේෂ තාක්‍ෂණය ප්‍රමාණවත් පරිදි වැඩි දියුණු කළ යුතුව තිබේ. 

ස්කයිබෝග්් ව්‍යාපෘතිය සඳහා තාක්‍ෂණය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා පර්යේෂණ අංශය විසින් බෝයිං හා ලෝක්හීඩ් මාර්ටින් ගුවන් සමාගම්වල සහායද ඇතිව දැන් වර්ධනය කරගෙන යනු ලැබේ. 

ප්‍රහාරක ජෙට් යානා ස්වයංක්‍රිය ඩේ‍රා්න යාත්‍රා එක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගුවන් සටන් පිළිබඳ නවතම යුගයකට මඟ පෑදෙතැයි ඇමෙරිකා ගුවන් හමුදාවේ සේවා අංශයේ විධායක නිලධාරි විල් රෝපර් “ඩිෆෙන්ස් නිව්ස්” ප්‍රවෘත්ති සේවයට පැවැසීය.
 
මෙම වැඩපිළිවෙළ ගැන බෙහෙවින්ම උදේ‍යාගිමත් වන බවද සඳහන් කළ රෝපර් ඇමෙරිකා ගුවන් හමුදාව මෙවැන්නක් අනුමත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර F-15 EX ගුවන් සේවයේම කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමේ මහඟු අවස්ථාවක් මෙයින් තමන්ට උදා වන බවත් ප්‍රකාශ කළේය.
 
ස්කයිබෝර්ග් ව්‍යාපෘතිය XQ-58 ඩේ‍රා්න යාත්‍රා ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන නියෝජිතයන්ටද දැනුම් දුන්නේය.
 
පිටත සවි කෙරුණු නව සංවේදක සහිතව රහසිගත ගුවන් ගමන්වල පවා යෙදිය හැකි ස්කයිබෝර්ග්් ඩේ‍රා්න යානාවකට රාත්තල් 500ක (කි.ග්‍රෑම් 227ක) බරක්ද රැගෙන නාවික සැතපුම් 1,500ක් (සැතපුම් 1725) කි.මී. 2778ක් එක දිගට පියාසර කළහැකි වන අතර ගුවන් ගත වීම සඳහා මෙම යාත්‍රාවට ධාවන පථයක්ද අවශ්‍ය නොවේ. ස්කයිබෝර්ග් ව්‍යාපෘතියට අයත් වෝ්කයිරී ඩේ‍රා්න යාත්‍රාව 2019 මාර්තු 5 වැනිදා ඇරිසෝනා යුමා ප්‍රේමිංහිදී සාර්ථක ලෙස අත්හදා බලන ලදී.
 
නියමුවන් රහිත ඩේ‍රා්න යාත්‍රා නිපදවන වෙනත් ආයතනද ස්කයිබෝර්ග් වැඩපිළිවෙළට සම්බන්ධ කරගැනීමට ඇමෙරිකා ගුවන් හමුදාව කරුණු සලකා බලාගෙන යන අතර එම යානාවල ගුවන්ගත වීමේ හා බැසීමේ ස්වයංක්‍රීය ශක්තියද බාධක වළක්වා ගැනීම සඳහා ඒවාට ඇති හැකියාව මෙන්ම අයහපත් කාලගුණයට ඔරොත්තු දීමේ ශක්තියද යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. ඒ හැරුණු විට AI මෘදුකාංග හා දෘඩාංග මඟින් වැඩිදියුණු කරගත හැකි විවෘත යාන්ත්‍රික පද්ධති යොදා ගැනීමේ හැකියාවද මේ වන විට ගවේෂණයට භාජන වෙමින් තිබේ යැයි “ඩිෆෙන්ස් නිව්ස්” පුවත් සේවයෙන් වාර්තා විය.
 
F - 15 ඊගල්
 
මෙය මැක් ඩොනල්ඩ්ඩග්ල්- දැන් බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින්, සියලු කාලගුණවලට ඔරොත්තු දෙන පරිදි, 1972දී සැලසුම් කරන ලද ඇන්ජින් දෙකේ, ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයකි. 1976 දී සේවයෙහි යොදවන ලද මෙම ප්‍රහාරක ජෙට් යානය සෙසු නිෂ්පාදන අතර තවමත් ඉතාම සාර්ථක නිෂ්පාදනයක් වශයෙන් පවත්නා අතර මෙතෙක් කිසිම ගුවන් සටනකදී මෙය පරාජයට පත්වී නැත.
 
ප්‍රධාන වශයෙන්ම මෙම ජෙට් යානය ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවත් සෞදි අරාබිය, ඊශ්‍රායලය හා ජපන් යන රටවල ගුවන් හමුදාවන් විසින් භාවිත කරනු ලැබේ. මෙම යානයක් නිපදවීම සඳහා පවුම් බිලියන 21ක් (ඩොලර් මිලියන 28) වැය වන අතර මෑත වසර තුළදී මෙය නොයෙක් නවාංග එක් කිරීමෙන් නවීකරණය කෙරිණි.
 
නියමුවන්ට එල්ල වන අවදානම මෙන්ම නිෂ්පාදන වියදමද විශේෂ ලක්‍ෂණ වශයෙන් සැලකේ. මෙම යානය ලබන වසරේදී අත්හදා බැලීමට අදහස් කෙරෙන්නේ 2023 සේවයෙහි යෙදවීමේ අභිමතය ඇතිවය. ඒ සමඟම, ප්‍රහාරක යානාවල මෙහෙයුම් පද්ධතිය විවෘත ගුවන් ගමන් සඳහා යොදා ගැනෙන ජෙට් යානාවල මෙහෙයුම් පද්ධතියට මාරු කිරීමෙන් එය කාර්යක්ෂම තත්ත්වයකට පරිවර්තනය කරගැනීමේ අපේක්‍ෂාවක්ද අදාළ කාර්යාංශ තුළ පවතින්නේය.
 
ඒ අනුව F - 35 ප්‍රහාරක යානය, A I තාක්‍ෂණයෙන් මෙහෙයවෙන ඩේ‍රා්න යානය සමඟ බද්ධ කරගැනීමට හැකි වනු ඇත. F - 35 යානය දැනටමත් නියමුවන් රහිත ස්කයිබෝර්ග්් වැනි ඩේ‍රා්න යානා සමඟ බද්ධ කර ගැනීමට ඉතාම යෝග්‍ය තත්ත්වයෙන් තිබේ යැයි ලොක්හීඩ් මාර්ටින් ගුවන් සමාගමේ ප්‍රකාශක මයික් ෆී්‍රඩ්මන් පැවැසීය.
 
ලොක්හීඩ් මාර්ටින් ගුවන් සමාගම තම ආයතනය සමඟ මෙන්ම තම ගනුදෙනුකරුවන් සමඟද, නියමුවන් සහිත/රහිත යානාවල ධාරිතා වර්ධනය සඳහා කටයුතු කිරීම අතින් ඉතාම පුළුල් අත්දැකීම් ඇති ආයතනයක් බවද ෆ්‍රෙඩ්මන් වැඩිදුරටත් සඳහන් කළේය. බෝයිං ගුවන් සමාගමේ උප සභාපති ප්‍රැට් කුමාර් ඩිෆෙන්ස් නිව්ස් පුවත් සේවයට ප්‍රකාශ කළ අන්දමේ සමකාලීන තාක්‍ෂණ විධි අලුතෙන් නිපදවෙන ගුවන් යානාවලට ගළපා ගන්නේ කෙසේද යන්න ගැන දැන් තමන් ඇමෙරිකා ගුවන් හමුදාව සමඟ සාකච්ඡා කරගෙන යන බවද ඔහු පැවැසීය.
 
AF-15 EX ගුවන් යානා විශේෂ පරිගණක ධාරිතා සහිත එම තාක්‍ෂණ විධි ගළපා ගැනීම සඳහා ඉතාම යෝග්‍ය තත්ත්වයේ පවත්නා නමුත් ඒ මඟින් එම යානා වැඩිදියුණු කිරීම පිණිස අරමුදල් යෙදීමට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේද යන්න මුලින්ම තීරණය විය යුතුය.
 
A1 තාක්‍ෂණය සහිත ගුවන් යානා හමුදා මෙහෙයුම් සඳහා යොදා ගැනීමේදී ඊට නොයෙක් අභියෝග එල්ල වන හෙයින් විශේෂයෙන්ම ඩේ‍රා්න යානා සඳහා එය යොදා ගැනීමේදී උද්ගත විය හැකි ගැටලු පිළිබඳ පූර්ණ අවධානයක් මුලින්ම ලබාගත යුතුව ඇති බවත් එහි ශක්තිය හීන වන අන්දමේ ප්‍රහාර වැළැක්විය හැකි තාක්‍ෂණ උපාය මාර්ග පිළිබඳ නිශ්චිත නිගමනයක් අත්‍යවශ්‍ය බවත් ආචාර්ය රොජර් සඳහන් කරයි.
 
දත්ත උද්ධරණය විශේෂ ලක්ෂණ හඳුනාගැනීම හා හැඩතල හඳුනාගැනීම යන විශේෂාංග AI තාක්‍ෂණවේදයේ වත්මන් ධාරිතාව, එය ක්‍රියාත්මක වන අන්දම දන්නා ලෝකයක් තුළ ක්‍රියාකාරී නොවන හෙයින් එම යාන්ත්‍රණය විකෘති වී යා හැකියැයි ආචාර්ය රෝපර් ප්‍රකාශ කරයි.
 
එළිසබෙත් රාජකීය නාවික හමුදාවට සේවය කළ F-35 ගුවන් යානා
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිෂ්පාදනය කරන ලද F-35 ප්‍රහාරක ගුවන් යානය ජුලියෙහිදී සේවයේ යෙදවීම නොයෙක් ව්‍යාකූලතාවලට මුහුණ දුන් ව්‍යාපෘතියක උත්සවාකාර මොහොතක් සනිටුහන් කරන්නකි. ප්‍රහාරක ගුවන් යානා පරපුරේ පස් වැන්නට අයත් මෙම යානයක නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 540ක ඉතා අධික මුදලකි.

ලොක්හීඩ් මාර්ටින් ගුවන් සමාගමේ මෙම නිෂ්පාදන ව්‍යාපෘතිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයකට පමණක් නොව වෙනත් ගුවන් සමාගමකට ආධාර දෙන බවට ඔහු කළ තර්ජනයකටද ලක් වීමෙන් පසු එම වියදම තරමක් අඩු කිරීමට ලොක්හීඩ් සමාගම එකඟ විය. එකක් පවුම් බිලියන 9 බැගින් මෙම යානා 48ක් 2025 දී මිලට ගැනීමට බි්‍රතාන්‍ය වැඩපිළිවෙළක් යොදාගෙන ඇත.
 
බි්‍රතාන්‍යය මේ වසරේ නිපදවන යානයක එම පිරිවැය පවුම් මිලියන 150කටද වැඩි වන අතර මෘදුකාංග හා අමතර කොටස් සඳහා අමතර වියදමක්ද දැරිය යුතු වෙයි. එමෙන්ම යානයේ මෘදුකාංග පද්ධතියට සයිබර් ප්‍රහාර එල්ල විය හැකිය යන බියක්ද හටගෙන තිබේ. ඒ ගැන පරීක්‍ෂා කිරීම බි්‍රතාන්‍යයට ස්වාධීනව කළ හැක්කක්ද නොවේ.

ක්වීන් එළිසබෙත් රාජකීය නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ ඇතැම් අංගද ගුවන් යානාවල කාර්යක්ෂම තත්ත්වයට හානිකර යැයිද කියැවේ.

පරිගණක ජාලය පිළිබඳව වගකිවයුතු දෙපාර්තමේන්තුව එම උෟනතාවටද වගකිවයුතු යැයි නිගමනය වී ඇති අතර එය මඟහරවා ගැනීම සඳහා පවුම් මිලියන 400ක අමතර මුදලක්ද මේ වසර තුළ අවශ්‍යව තිබේ.
 
F-35 යානයේ නිෂ්පාදන වියදම පිළිබඳව අදාළ සියලු අංශවල අවධානය ප්‍රධාන වශයෙන්ම යොමු වූ නමුත් මෙහෙයුම් පද්ධතියේ අඩුපාඩුකම් පිළිබඳව වාර්තා ඇමෙරිකාවෙන් ඉදිරිපත් වී තිබේ. 2015දී සංවිධානය කෙරුණු අත්හදා බැලීමේ ව්‍යාජ ගුවන් සටනකදී මේ නවතම ප්‍රහාරක යානය 1970 දී නිෂ්පාදිත පැරණි ප්‍රහාරක යානයකට පරාජය විය. F-35 ප්‍රහාරක යානයේ, ගුවන් සටනකදී අදාළ වන තාක්‍ෂණ පද්ධතිවල පැවැති විවිධ උෟනතා 276ක් ඇමෙරිකාවේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේදී සොයා ගැනිණි.
 
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පුළුල් අවධානය එම උෟනතා තුරන් කර ගැනිම සඳහා ගත යුතු පියවර කෙරෙහි යොමු වී තිබෙන අතර, එතෙක් එම යානා ගුවන් ගත නොකිරීමටද තීරණය කර ඇත.
 
ප්‍රේමචන්ද්‍ර අල්විස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top