කස්තුරි ජයවර්ධන කියන්නේ රංගනයට එකතු වූ අලුත් මුහුණක්. ඇයව මේ දිනවල හුස්මක් තරමට නාට්‍යයෙන් දැකගන්න ලැබෙනවා. ඒ නිසා හිරු ටි.වී නරඹන ප්‍රේක්ෂකයින්ට ඇයගේ රංගන දක්ෂතා දැකගන්න ලැබෙනවා. මේ කස්තුරිගේ තොරතුරුයි.
කස්තුරි, ඔබ කොහොමද රංගන ශිල්පිනියක් බවට පත් වන්නේ. ඒක අහඹුවක් නේද?
ඔව්. මගේ ගම මහියංගනය. මහියංගන ජාතික පාසලෙන් සහ බදුල්ල විශාඛා කියන ඉස්කෝලවලින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. එහෙ ඉන්න කොට මට අහම්බෙන් ෆොටෝ ෂූට් එකකට කතා කළා. ඊට පසුව බ්‍රයිඩ්ල් ෂෝස්වලට කතා කළා. සංගීත් ප්‍රභූ අයියා මඟින් තමයි රංගනයට වරම් හිමි වුණේ. ඔහු මට හඳුන්වා දුන්නා තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්න කියන මහත්වරු දෙන්නා. ඔවුන් මාව ගත්තා හුස්මක් තරමට නාට්‍යයේ සහේළිගේ චරිතයට.
සහේළි කියන්නේ මොන වගේ චරිතයක්ද?
නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සචිනි අක්කනෙ. මං එයාගේ යෙහෙළිය. අහිංසක චරිතයක්. යාළුවට ඇය නිතර උදවු කරනවා.
කැමරාව ඉදිරියේ මුලින්ම රඟපෑ දවස මතකද?
හොඳටම මතකයි. මං එදා ගොඩක් බයවෙලා හිටියේ. ගයාන් ගුණවර්ධන අයියත් එක්ක තමයි රඟපාන්න තිබුණේ. සීන් දෙක තුන කරන කොට බය නැති වෙලා ගියා.
සිනමාවට ඔබ මොන වගේ කැමැත්තක් ද තියෙන්නේ?
චිත්‍රපටවලට ආසයි. ඒවාටත් කතා කරලා තියෙන්නේ.
ඔබ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යාවක්. ඒ ගැනත් සඳහනක් කරමු?
රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක්. කලා අංශයෙන් තමයි හැදෑරීම් කරන්නේ.
ඔබ නිළියක් කියලා මිනිස්සු හඳුනාගෙන තියෙනවාද?
ටිකක් විතර හඳුනනවා. නාට්‍ය දෙකම නරඹන අයත් ඉන්නවා. ගමේ නම් ඔක්කෙමලා වගේ මාව දන්නවා. කැම්පස් එකෙත් එහෙමයි.
කස්තුරි මේ වන විට ඔබ පෙම්වතියක්ද?
අනේ නැහැ.
ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා එන්නේ නැද්ද?
විවාහ යෝජනා ගොඩක් ආවා. ඒ ඔක්කොටම බැහැ කිව්වා. සේරටම කලින් අධ්‍යාපන කටයුතු ඉවර කරන්න ඕන. රංගනය පැත්තෙන් ස්ථාවර වෙන්නත් ඕන. මේ බලාපොරොත්තු ඉටු කර ගත් පසුයි විවාහයක් ගැන හිතන්නේ.
ක්ෂේත්‍රයේ කෙනෙක් ද ඔබ සහකරුවා විදිහට තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ?
ක්ෂේත්‍රයේ ද නොවේ ද යන්න කාරණය අදාළ නැහැ. මට සහ මගේ අදහස්වලට ගැළපෙනවා නම් ඒ ඇති. මොන ක්ෂේත්‍රයේ වුණත් හොඳ අය ඉන්න පුළුවන්. නරක අයත් ඉන්නවා. අපි කැමැති කෙනා තෝරගන්න ඕන ක්ෂේත්‍රයෙන් නෙවෙයි. අදහස්වලිනුයි.
ඔබ වගේ තව නිළියක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් කියලා ඇති?
ඔව්. ශලනි තාරකා වගේ කියලා ගොඩක් අය කියනවා. එයාට බෙහෙවින් සමානයිලු මං.
කස්තුරිගේ උපන් දිනයත් කියමු?
ඔක්තෝබර් දොළහ.
ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?
ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතාබහ කරලා සුහදව ඉන්න කෙනෙක්.
මේතාක් ආව ගමනේදී කාටද තුති පුදන්න තියෙන්නේ?
නිලුකා රාජපක්ෂ, උදේශිකා විජේවර්ධන ඇතුළු මගේ පවුලේ සියල්ලන්ටම සහ උදවු කළ හැමෝටම ස්තුතියි.