Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
ජනාධිපති අපේක්ෂකයා ගැන UNPයේ අද පැවති සාකච්ඡාවත් අසාර්ථකයි. කිරිඇල්ලගෙන් UNP සභාපතිට වාග් ප්‍රහාරයක් - Video

- ජනාධිපති අපේක්ෂකයා ගැන UNPයේ අද පැවති සාකච්ඡාවත් අසාර්ථකයි. කිරිඇල්ලගෙන් UNP සභාපතිට වාග් ප්‍රහාරයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,410 Views
අගමැතිතුමා විකල්ප කිහිපයක් කිව්වා..
සජිත්ට මේකට ආරාධනා නැහැ..
අපිට අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉන්නවා..
 
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග තවත් වරක් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පලකර තිබෙනවා.
 
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි.
 
මේ අතර, මෙම සාකච්ඡාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පක්ෂ සභාපති කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර ඇති බව වාර්තා වනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
 
කෙසේ වෙතත් ඊට පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී සිටියේ නැහැ.
 
මෙහිදී පක්ෂ සභාපති කබීර් හෂීම් ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් සඳහන් කර ඇත්තේ වඩාත් ජනප්‍රිය පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා වන බැවින් ඒ සම්බන්ධයෙන්ද සිතාබලා ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගතයුතු බවයි.
 
කෙසේ වෙතත්, තවත් අමාත්‍යවරු පිරිසක් ඊට විරෝධය පළකර ඇති අතර, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට ඔවුන් යෝජනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළා.
 
එහිදී දෙපාර්ශ්වයේම අදහස් සලකා බැලූ අග්‍රාමාතවරයා පැවසුවේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගන්නා බවයි.
 
මේ අතර, මෙම සාකච්ඡාවේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂාරෝපණයට ලක්කර ඇති බව ද වාර්තා වනවා.
 
පක්ෂ නායකත්වයේ තීරණවලට එරෙහිව ක්‍රියා කරන්නේනම් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා එහිදී කබීර් හෂීම් මහතාට පවසා ඇති අතර, දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා සාකච්ඡාව අවසන් වීමට පෙර ඉන් පිටත්ව ගිය බවයි.
 
කෙසේ වෙතත්, අදට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 73 වන සංවත්සරය සම්බන්ධයෙන් කිසිදු කතාබහක් මෙම සාකච්ඡාවේදී සිදු නොවූ බව වාර්තා වනවා.
 
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ඉල්ලා අත්සන් කරන ලිපියට බලහත්කාරයෙන් අත්සන් ලබා ගන්නා බවට එල්ලවන චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද පිළිතුරු ලබා දුන්නා.
 
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, කිසිඳු ලිපියකට අත්සන් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර නොමැති බවයි.
 
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස ඉල්ලීම් කරන පසුබිමක කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා එම ලිපියට මෙතෙක් අත්සන් කර නොතිබීමද විශේෂත්වයක්.
 
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,180 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,028 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,654 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,350 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,745 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,886 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,143 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,282 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,401 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,036 Downloads



Top 10 Commenters

Latest Comments

Top