Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
ඇල්පිටියේදී බස් රථයක් තුළ සිදුකළ වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ වැඩක්ද? - ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් එළියට එයි - Video

- ඇල්පිටියේදී බස් රථයක් තුළ සිදුකළ වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ වැඩක්ද? - ප්‍රහාරය ගැන තවත් තොරතුරු රැසක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,457 Views
බස් එක නවත්තපු තැනට පොඩ්ඩක් එහා හෝල්ට් එකෙන් නැග්ගේ..
මම හිතුවේ බස් එකේ ටයර් එකක් ගියා කියලා..
 
ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ අටකෝට්ට ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද පෙරවරුවේ වෙඩිතබා තිබෙනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය - වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
 
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇල්පිටියේ සිට ඌරගස්මංහන්දිය හරහා අලුත්ගම දක්වා ගමන් කරමින් තිබූ ඇල්පිටිය ඩිපෝවට අයත් බස් රථයක් තුළයි.

බස් රථය ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ අටකෝට්ට ප්‍රදේශය පසුකරනවාත් සමග බස් රථයේ පිටුපස දොරටුව ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරනවා.
 
එම අවස්ථාවේදී බස් රථය මගීන්ගෙන් පිරී තිබී ඇති අතර, වෙඩි තැබීමත් සමග කලබල වූ මගීන් බස් රථයෙන් බැස දිවගොස් තිබෙනවා.
 
වෙඩි තැබීම සඳහා උපයෝගී කරගෙන ඇති ගිනි අවියේ උණ්ඩ කොපු 5 ක්ද අදාළ ස්ථානයේ තිබී සොයාගත්තා.
 
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ 41 හැවිරිදි දෙදරු පියෙකු වන රංජිත් ජයවර්ධන නමැති පුද්ගලයෙක්.
 
වෘත්තියෙන් කුරුඳු තලන්නෙකු වන ඔහු ඇල්පිටිය දිසා අධිකරණයේ විභාගවන ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
 
පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි.
 
මේ අතර, අකුරැස්ස තිබ්බටුවාව මංසන්ධියේ ඊයේ රාත්‍රී යතුරුපැදි සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, යතුරුපැදිකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබුවා.
 
කුඹුරුපිටිය දෙසින් අකරැස්ස දෙසට තිබ්බටුවාව මංසන්ධිය හරහා ගමන් කරමින් තිබූ අංක තහඩු නොමැති ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් නතර කිරීමට එම පොලිස් නිලධාරීන් අණකර තිබුණා.
 
යතුරුපැදියේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් පොලිස් අණ නොතකා තිබ්බටුවාව මංසන්ධියෙන් පිටබැද්දර මාර්ගය ඔස්සේ ගමන් කර තිබෙනවා.
 
පොලිස් නිලධාරීන් අදාළ යතුරුපැදිය ලුහුබැඳීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
 
කෙසේ වෙතත් පිටබැද්දර මාර්ගයේ අතුරු මාර්ගයක් ඔස්සේ ගමන් කළ සැකකටයුතු යතුරුපැදිය දෙසට පොලිස් නිලධාරීන් ළඟාවනවාත් සමග යතුරුපැදියේ මැද අසුන් ගෙන සිටි පුද්ගලයා ටී 56 වර්ගයේ ගිනි අවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩිතබා තිබෙනවා.
 
අනුතරුව ඔවුන් එම මාර්ගය ඔස්සේම පලාගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  664 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  924 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  172 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,373 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,652 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,604 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,845 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,122 Downloads



Top 10 Commenters

Latest Comments

Top