Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
සැමියා හා පුතා ගස් බැඳ බිරිද පැහැරගෙන ගොස් පාපතරයෝ දෙන්නෙක් කෘර ලෙස වද හිංසා කරමින් බිරිදව දුෂණය කරයි

- සැමියා හා පුතා ගස් බැඳ බිරිද පැහැරගෙන ගොස් පාපතරයෝ දෙන්නෙක් කෘර ලෙස වද හිංසා කරමින් බිරිදව දුෂණය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,013 Views
තම පුතු හා සැමියා ගස් බැඳ බිරියක පැහැර ගෙන ගොස් කෘර ආකාරයෙන් පහර දී බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවට  වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 42 හා 51 වශයෙන් වෙන් වෙන්ව සිර දඩුවම් නියම වී තිබෙනවා. පුත්තලම හිටපු මහාධිකරණ විනිසුරු (පූර්වගාමි) දැනට කොළඹ අංක 6 ශාලාවේ මහ අධිකරණ විනිසුරු ලෙස සේවය කරන ජී.කේ.එම්. පටබැඳිගේ මහතා (5) දින පුත්තලම මහ අධිකරණයේ දී අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ නියෝග කර තිබෙනවා.

මෙසේ සිර දඬුවම නියම වූයේ පල්ලම  පොලිස් වසමේ ආඩිගම පදිංචි පත්තම් පෙරුම  ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර (36) සහ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති (41) නැමති දෙදෙනකුටයි.

අදාල චුදිතයින් 2009 වසරේ අගෝස්තු මාසයේ 31 ආසන්න දිනයේ දී නාගල ආඩිගම ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැදි සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ අදාළ ඉඩමේ මුරකරු ලෙස සේවය කළ සැමියා හා පුතු ගස් බැඳ මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ඉන් පසුව කෘර ආකාරයෙන් ශරීරය පුරා තුවාල  සිදුකරමින් රංචු ගැසි බරපතල ලෙස ලිංගික අපයෝඡනය කිරීමේ චෝදනාවට අදාළ චුදිතයන් වරදකරුවන් කිරිමට පුත්තලම මහ  අධිකරණ විනිසුරුවරයා (පුර්වගාමි) සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී අදාළ චූදිතයන්ගෙන් පළමු චුදිත වූ පත්කම පෙරුම ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර නැමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක සිර දඬුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙසට සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ සමග මෙහි දෙවන චුදිත වූ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති චුදිතයාට නගා තිබු චෝදනා වෙනුවෙන් වසර 54 ක සිර දඬුවම් නියම කර තිබෙන අතර මෙහිදී අදාල චුදිතයාටද අදාළ සිර දඬුවම වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙස සිර දඬුවම නියම කිරීම විශේෂ වී එති බවයි සදහන් වන්නේ.

මෙයට අමතරව සිද්ධියට මුහුණ දුන් කාන්තාවට එක් චුදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමට ද මහ අධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. ඒ සමගම එය නොගෙවන්නේ නම් ඒ සඳහා ද මෙම සිර දඬුවමට අදාළ ලෙස වසර 5ක සිර දඩුවමක් බරපතළ වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබෙනවා.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ අධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයෙ දි ප්‍රකාශ කර සිටියේ මෙම චුදිනයගේ හැසිරීම බරපතල වන අතර මෙහිදී මෙම කාන්තාව හාසනයට ලක්වීමක්  පමණක් නොව චුදිතයින් විසින් ක්‍රියා කර ඇත්තේ තිරිසන් සත්තෙකුට නොගැලපෙන ආකරයටයි යනුවෙනුයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,124 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,350 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,556 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  306 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,724 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  342 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,444 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,709 Downloads



Top 10 Commenters

Latest Comments

Top