Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
05
"පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් නොකළේ ඇයි..?" - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි - Video

- "පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන් දැනුවත් නොකළේ ඇයි..?" - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විමසයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,289 Views
පාස්කු ඉරුදින එල්ලවීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ඊට පෙර දින බුද්ධි අංශ දැනුවත් කිරීම් කර තිබියදී ඒ පිළිබඳ කාදිනල් හිමිපාණන් දැනුවත් නොකළේ මන්දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද ප්‍රශ්න කළා.
 
පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගෙන් සත් පුද්ගල විනිසුරු මණ්ඩලය මේ බව විමසා සිටියා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ පෙර දැනුවත් කිරීම් කර තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 12 අද යළි විභාගයට ගැනුණේ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සිදු කරනු ලැබූ නියෝගයට අදාළව පොලිස්පතිවරයා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය කෙරෙහි වූ සිය විරෝධය ලිඛිතව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පළමුව අධිකරණයට දැනුම් දුන්නා.
 
එහිදී සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නැගී සිටි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ විරාන් කොරයා මහතා, නීතිපතිවරයාගේ එම ලිඛිත විරෝධය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නා.
 
පොලිස්පතිවරයාගේ දිවුරුම් ප්‍රකාශයෙහි ද්වේෂ සහගත කරුණු අන්තර්ගත බැවින් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියද සිය සේවාදායකයාට එරෙහිව ඇති නඩුවකට අදාළව කරුණු දැක්වීම ඔහුගේ මූලික අයිතිවාසිකමක් බව නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
එහිදී අගවිනිසුරුවරයා නීතීඥවරයාගෙන් විමසා සිටියේ පොලිස්පතිවරයාගේ ප්‍රශ්න සහගත දිවුරුම් ප්‍රකාශය වෙනුවට සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද යන්නයි.
 
ඊට පිළිතුරු දෙමින් නීතීඥවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට වෙනත් අධිකරණවලද නඩු පවරා ඇති බැවින් අදාළ දිවුරුම් ප්‍රකාශයෙහි සංශෝධනයක් සිදු කළහොත් ඔහුට යම් අගතියක් සිදුවිය හැකි බවයි.
 
එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සදහන් කළේ අධිකරණය ඉදිරියේ ඕනෑම පාර්ශ්වයක් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් නොකිරීමට වග බලාගත යුතු බවයි.
 
සංශෝධිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සහ නීතිපතිවරයාගේ මෝසමට අදාළව විරෝධය දැක්වීමට සිය සේවාදායකයාවන පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතුබව මෙහිදී නීතීඥවරයා දැනුම් දුන්නා.
 
කරුණු සලකා බැලූ සත්පුද්ගල විනිසුරු මඩුල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ස්ථාවරය ලබන 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළා.
ඉන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දැක්වීම ආරම්භ කළා.
 
එහිදී ඔහු සඳහන් කළේ සිය සේවාදායකයා දැරූ ආරක්ෂක ලේකම්ධුරය විශේෂ බලතල සහිත ධුරයක් ලෙස පෙනුනද එය මග පෙන්වීමක් සහ පාලනය කිරීමක් යටතේ ක්‍රියාත්මකවන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ධුරය වැනි සාමාන්‍ය ලේකම්ධුරයක් බවයි.
 
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ඔහු ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි තොරතුරු පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකරන බව පවසා තිබුණද ඔහු කිසිදු දිනක සිය සේවාදායකයාට එවැනි කරුණු දැක්වීමක් සිදුකර නොමැති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දීය බුද්ධි අංශය විසින් අප්‍රේල් මස 4 වන දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පළමු වරට දැනුවත් කර ඇති බවද ඔහු එම තොරතුරු පිළිබඳ අප්‍රේල් 7 වන දින හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බවද නීතිඥවරයා අධිකරණයේදී සදහන් කළා.
 
සතිපතා පැවැත්වෙන බුද්ධි අංශ රැස්වීම අප්‍රේල් මස 9 වන දින පැවැත්වුණු බවත් එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ලද බුද්ධි තොරතුර සාකච්ඡාවට ගන්නා ලෙස රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දුන්න ද ඔහු ඒ පිලිබද විශේෂ වාර්තාවක් සකස් කර පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව පවසා ඇති බවද නීතිඥවරයා අධිකරණයේදී කරුණු දැක්වුවා.
 
කෙසේ වෙතත්, එම වාර්තාව තම සේවාදායකයා වෙත නොලැබුණු බවද අප්‍රේල් 9 වන දින සිට අප්‍රේල් 20 වැනි දින දක්වාම එම බුද්ධි තොරතුරු පිළිබද නැවත කිසිදු දැනුවත් කිරීමක් තම සේවාදායකයාට නොකෙරූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
 
මෙහිදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 9 වන දිනෙන් පසු නැවත බුද්ධි අංශ රැස්වීමක් නොපැවැත්වුණේද යන්නයි.
 
එහිදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා සත්පුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ අප්‍රේල් මස 16 වැනි දින බුද්ධි අංශ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණ ද හිටපු ආරක්ෂක ලේකම්වරයා දියතලාවේ ගොස් සිටි බැවින් එම බුද්ධි අංශ රැස්වීම අලවංගු කර ඇති බවයි.
 
පසුව, අප්‍රේල් මස 20 වන දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට යොමුකර ඇති වට්ස් ඇප් පණිවුඩ කෙරෙහි අධිකරණයේ අවධානය යොමුවුණා.
 
විනිසුරු සිසිර ආබෘෘ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් අප්‍රේල් 21 හෝ ඊට පෙර දිනක රටේ ඕනෑම ස්ථාන 8 කට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ හැකි බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක ලේකම්වරයා ලෙස ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්නයි.
 
එහිදී ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පිළිතුරු දෙමින් සඳහන් කළේ එම වට්ස්ඇප් පණිවුඩය පොලිස්පතිවරයා ඇතුළු තවත් කිහිපදෙනෙකුට ද ලැබී ඇති බවයි.
 
නැවතත් ඒ සම්බ්න්ධයෙන්ම ප්‍රශ්න කරමින් විනිසුරු සිසිර ද ආබෘෘ මහතා විමසා සිටියේ ප්‍රහාරයට පෙර දින ලැබූ වට්ස්ඇප් පණිවුඩයේ පල්ලි සහ හෝටල් ඉලක්ක විය හැකි බවට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කර තිබියදීත් ඒ පිළිබඳ කාදිනල් හිමිපාණන්ට දැන්වීමට පියවර නොගත්තේ මන්ද යන්නයි.
 
එසේම එම තොරතුර පිළිබඳ එවක රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හමුදා ප්‍රධානීන් දැනුවත් නොකළේ මන්ද යන්නත් විනිසුරු සිසිර ද ආබෘෘ මහතා දැඩි ලෙස නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළා.
 
මෙහිදී ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ අප්‍රේල් 9 වැනිදා ලද තොරතුර පිළිබද ස්ථීර වශයෙන්ම නිශ්චිත කර ගැනීමක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සිදුකර තම සේවාදායකයා වෙත දැනුම් දී නොතිබුණ බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර නොමැති බවයි.
 
ප්‍රහාරය එල්ල වූ දින උදෑසන ද රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පෙරවරු 6 – 10 ත් අතර ප්‍රහාරයක් එල්ල විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති බව අධිකරණයේදී අනාවරණ වූ අතර, ඊට පෙර දින සවස නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයාගේ කරැණු දැක්වීමෙන් අනාවරණ වුණා.
 
එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේ එවැනි සුළු කරුණක් සම්බන්ධයෙන් වුවද රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව පෙනී යන බැවින් ප්‍රහාරය පිළිබඳ ලද තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා පියවර නොගැනීම ගැටලුසහගත බවයි.
 
පොලිස්පතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නඩුව සැප්තැම්බර් මස 25 සහ 26 යන දිනවල යළි කැඳවීමට නියමිතයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  13 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  736 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  935 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  189 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  176 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,385 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,675 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,608 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top