Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
හිතුවක්කාර පාලකයෙකු අණසක පතුරන, උතුරු කොරියාවේ විතරක් තියෙන ඇඟ කිළිපොලා යන නීති මෙන්න - Photos

- හිතුවක්කාර පාලකයෙකු අණසක පතුරන, උතුරු කොරියාවේ විතරක් තියෙන ඇඟ කිළිපොලා යන නීති මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

93 Views
සංචාරය කරන්න යනවා නම් දැනගෙන යන්න..
කොණ්ඩ විලාසිතා කරන්න බැරිවෙයි..
 
ලෝකයේ බොහෝමයක් බලවත් රටවල් අතරින් අපි ඉහළින්ම ඔසවා තබන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකානු ජනාධිපතිවරයා ලොව "බලවතා" ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඒ නිසයි.
 
ඒ වගේම මේ ලැයිස්තුවේ ඇමරිකාව හා තරඟ කරන තවත් රටක් තමයි උතුරු කොරියාව කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ උතුරු කොරියාව ගැනයි.
 
බොහෝ දෙනෙක් දන්න විදිහට උතුරු කොරියාව කියන්නේ ඒකාධිපති පාලකයෙකු විසින් පාලනය කරන රාජ්‍යයක්.




ඔහු කිසිවෙකුට ඇහුම්කන් නොදෙන තමන් විසින් නිති පනවමින් හා නීති ක්‍රියාත්මක කරමින් සිටින හිතුවක්කාර පාලකයෙක්. මේ රටේ ඇතුළාන්තයේ පවතින්නා වූ බොහෝ රහස්‍යමය තොරතුරු ලෝකයට හෙළිදරව් නොවෙන තරම්. ඒ කෙසේ වෙතත් යුදමය වාතාවරණයන් තුළ ඇමරිකාව හා තරඟ කරන්න පෙරමුණේ ඉන්න රටක් තමයි උතුරු කොරියාව කියලා කියන්නේ. (න්‍යෂ්ඨික හරඹය මීට කදිම නිදසුනක්.)
 
කෙසේ වෙතත්, අපි අද කියන්න හදන්නේ උතුරු කොරියාවට විතරක් ආවේණික අපූරු, අමුතුම විදිහේ නීති කිහිපයක් ගැන.



සංචාරය කරන්න යනවා නම් දැනගෙන යන්න..
 
ඔබ උතුරු කොරියාවට සංචාරයෙකු ලෙස යන්න හිතාගෙන ඉන්නවද? එහෙමනම් මේක බොහෝම වැදගත් වෙයි. ඒ මොකද සංචාරකයෙකු විදිහට යන ඔබව එරට පාලනාධිකාරිය විසින් සූක්ෂමව පරීක්ෂාවට ලක් කරනවා. ඒ ගැන හරියටම කියනව නම් ඔබේ අතිශය පුද්ගලික තොරතුරු, ජංගම දුරකථන දත්ත, ලැප්ටොප් පරිගණකවල දත්ත මේ සියල්ලක්ම ඔවුන් සතු කරගන්නවා. ඔවුන්ගේ රට අවධානමේ හෙළන යම් හෝ සැක කටයුතු දෙයක් හෝ පුද්ගලයෙකු සිටිනවා නම් දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.


 
කොණ්ඩ විලාසිතා..
 
කවුද ඉතින් අකැමැති විවිධ විලාසිතා අත්හදා බලන්න. ඔබ නිතර දෙවෙලේ දැකලත් ඇති උතුරු කොරියානු නායකතුමාගේ කොණ්ඩ විලාසිතාව එහෙම. ඒක එහෙම වුණා කියලා රටේ තරුණයින්ට තමන් කැමති විදිහේ විලාසිතා භාවිතා කරන්න නම් බැහැ. ඒ මොකද එරට රජය විසින් අනුමත කරපු විලාසිතා පමණයි ඔවුන්ට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අනුමත කොණ්ඩ මෝස්තර 28ක් පමණ ඇති බව තමයි කියන්නේ. මේ නීතිය පනවන්නේ 2013 ඉඳලා එරට පාලනය කළ කිම් ජුන් උන් විසිනුයි. ඔහු තම කොණ්ඩයට කැමැත්තෙන් ඉඳලා තියනවා වගේම අනිකුත් සියලු මෝස්තර තෝරා ඇත්තේ ඔහු විසින්.
 
ආගම් අදහන්න බැහැ..
 
උතුරු කොරියාවේ ආගමක් අදහන්න හිතාගෙන ඉන්නවනම් ඒ හීනය අත්හරින්න වෙනවා. කොටින්ම ආගමක් නැති පුද්ගලයෙකු විදිහටයි ඒ රටේ ඉන්න වෙන්නේ. ඔවුන් ආගමික විශ්වාස සහ ආගම තදින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආගම අදහන අයට එරට රජය දැඩි දඬුවම් පමුණවනවා. (එය එසේ වුවත්, ඇතැම් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ආගම් අදහන පුද්ගලයින් එරට සිටින බවයි.)



රජය ඇහැ ගහගෙනයි ඉන්නේ..
 
සංචාරකයෙකු විදිහට එරට යනවා නම් දැඩි නීති රිතීවලට යටත් වෙන්න සිදු වෙන බව අපි කලිනුත් මතක් කළා. ඒ වගේම තමයි ඔබ සංචාරය කරන කාලය අතරතුර උතුරු කොරියානු රජය ඔබ ගැන දැඩි විමසිල්ලෙනුයි සිටින්නේ. ඔවුන්ගේ නීති රීති වලට යන්තමින් හෝ හානිදායක දේ සිදු කළොත් ඔබට සිරගත වෙන්නත් සිදු වෙනවා.


 
ගමන් බිමන් යාම හීනයක්..
 
එරට පදිංචි ජනයාට පවා තමන්ගේ රට රාජ්‍ය තුළ සංචාරයක කිරීම සිදු කරන්න බැහැ. එසේ කරනවා නම් රජයෙන් විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහාම වුණු ලියකියවිලි පවා අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන් පදිංචි වෙන්න ඕනි කොතනද කියලා තීරණය කරන්නෙත් රජයයි. රජය එක්ක ඔබේ තියෙන සම්බන්ධතාවය අනුව තමයි ඒ තීරණය ඔබට ලැබෙන්නේ. ඒ වගේම තමන්ට කැමති තැනක පදිංචි වෙන හීනත් මේ රටේ කෙනෙකුට අත් හරින්න සිද්ධ වෙනවා. ඒ මොකද ඒ ගැන තීරණය කරන්නේ රජයයි. එතනදී පුද්ගලයින්ගේ සමාජ තත්ත්වය වගේම ඒ අය රජය එක්ක තියෙන සම්බන්ධතාවය මත පදිංචියට සුදුසු ස්ථාන තෝරා ගැනීම සිදු වෙනවා.



නායකයන්ට වඳින්න ඕනෑ..
 
ඔන්න ඔබ උතුරු කොරියාවට යනව නම් ඒ රටේ නායකයන්ට වන්දනාමාන කරන්නත් සිද්ධ වෙනවා. කිව්වා වගේම ආගමක්, ධර්මයක් අදහන්න තහනම් වුණාට ඒ රටේ නායකයෝ තමන්ව අදහන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද ඒක අනිවාර්ය අංගයක්. තමන්ව ආරක්ෂා කරන්නේ මේ නායකයෝ කියන අදහසින් තමයි ඒ අය මේ විදිහට ඔවුන්ට වැඳුම් පිදුම් කරන්නේ.



ජන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි..
 
එරට මැතිවරණවලදී අනිවාර්යෙන්ම තමන්ගේ ඡන්දය භාවිතා කරන්න සිද්ධ වෙනවා. එහෙම නොකරනවා නම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. මැතිවරණය සඳහා තරඟ කරන්නේ එක් අයෙකු වුණත්, කිම් පවුලේ අවසරය මත වෙනත් කෙනෙකුටත් ඉදිරිපත් වෙන්න පුළුවන්.
 
සමාජ පංතිය තීරණය කරන්නේ රජය..
 
උතුරු කොරියාවේ ප්‍රධාන සමාජ පංතිය තීරණය කරන්නේ රජය විසිනුයි. ඒ සඳහා ඒ ඒ පුද්ගලයින්, පවුල්, සහ මුතුන්මිත්තන් රජය සමඟ තියෙන සබැඳියාව කොයි වගේ එකක්ද කියන එක තදින්ම බලපානවා.
 
Credit: සුන්දර ලෝකය (Sundara Lokaya)
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top