අන්තර්ජාලය ඔස්සේ වැඩිම බලපෑම් කළ හැකි පුද්ගලයන් 30 දෙනා අතරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නම් කර තිබෙනවා.
ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ඔහුට සම්බන්ධ වන පිරිස මිලියන 38කට ආසන්නයි. ඒ අනුව ලෝක නායකයන් අතුරෙන් ඔහු දෙවැනි වන්නේ බැරක් ඔබාමාට පමණයි. අන්තර්ජාලයේ වැඩිම පිරිසක් පිවිසෙන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ වෙබ් පිටු හරහා පණිවුඩයක් යැවීමට ගත වන්නේ සුළු කාලයක්.
ෆේස්බුක් වෙබ් අඩවියට ඔහු පසුගිය දා එක් කළ ඡායාරූපයක් මිලියන පනහක් නැරඹීම ඊට උදාහරණයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත්, අන්තර්ජාලයේ වැඩිම පිරිසක් පිවිසෙන්නේ ෆෙලික්ස් කෙල්බර්ග් නමැති ස්වීඩන ජාතිකයෙකුගේ වෙබ් අඩවිවලටයි. ඒ, ඔහු අන්තර්ජාල ක්‍රීඩා නිර්මාපකයෙකු වීම හේතුවෙන්.