Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
තම ජීවිතය පරිත්‍යාග කර හෝ රට ආරක්ෂා කිරීමට කැප වන බවට යුද හමුදාපති ශවේන්ද්‍රගෙන් සහතිකයක් - Video

- තම ජීවිතය පරිත්‍යාග කර හෝ රට ආරක්ෂා කිරීමට කැප වන බවට යුද හමුදාපති ශවේන්ද්‍රගෙන් සහතිකයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,514 Views
ලංකාවේ හමුදාපති වීම පිළිබඳ අනේකවාරයක් අපි සතුටු වෙනවා. - දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි

තම ජීවිතය පරිත්‍යාග කර හෝ රට ආරක්ෂා කිරීමට කැප වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළා.

අභිනව ධුරයට පත්වීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තා.

යුද හමුදාපතිවරයා ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දුටුවා.
 

ශවේන්ද්‍ර සිල්වා මහතා මල්වතු පාර්ශ්වයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි.

පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි - මල්වතු පාර්ශ්වය
"ලංකාවේ හමුදාපති වීම පිළිබඳ අනේකවාරයක් අපි සතුටු වෙනවා. දැන් ඔබතුමාගේ පත්වීමට ඇමරිකාව විරුද්ධ වුණා. ඒ වගේම ඩයස්පෝරාවේ විරුද්ධ වුණා. නමුත් ලංකාවේ දෙමළ අයත් විරුද්ධ වුණා. එහෙම විරුද්ධ වෙලා තියෙද්දීත් ගරු ජනාධිපතිතුමා, ඔබතුමා මේ රටේ ආරක්ෂකයා හැටියට පත්කරගත්තා. ඇමරිකාවත් අපිට ණය දුන්නාට අපි ඒ අයට ණයගැති වෙලා නැහැ. දෙනවානම් දෙන්න නැත්නම් නිකන් ඉන්න. මිනිස්සු එක වේලක් නොකා දෙවේලක් කාලා හරි ජීවත් වෙයි. ඒක තමයි සිංහලයාගේ හැටි. ඉදිරියේදී මේ රටේ දැන් මේ ළඟදිත් ඇති වුණානේ. මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතුවෙලා එකමුතුව එකමිටියකට ඉඳලා මේ රට ආරක්ෂා කරගන්න කටයුතු කරන්න".

අස්ගිරි මහා විහාරයට පැමිණි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය වරාගොඩ ශ්‍රී ඤානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
"ඔබතුමා ඉතිං පහුගිය කාලේ යුද්ද වෙලාවේ කාර්යභාරයක් කරපු හොඳ පළපුරුදු නිලධාරියෙක්. ඔබතුමාට පූර්ණ සුදුසුකම් තියෙනවා ඉතිං මේ තනතුරට. ජාත්‍යන්තර වශයෙන් මොන බලපෑම ආවත් පසුගිය කාලේ ඒ සිදුවෙච්ච බෝම්බ පිපිරීම් පස්සේ තාමත් ඉතිං අපිට පේනවානේ මාධ්‍යයේ වරින්වර තාම ඒ පුහුණුව ලබපු අය අත්අඩංගුවට ගන්නවා. මේ වගේ ඉතිං ආරක්ෂාව පිළිබඳ තාමත් යම් යම් ගැටලු තියෙන බව පේනවා. ඉතිං ඒ නිසා ඔබතුමාට මං හිතනවා ලොකු කාර්යභාරයක් තියෙනවා".

ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  686 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  927 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  173 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,379 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,658 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,607 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,122 Downloads



Top 10 Commenters

Latest Comments

Top