රනූ මොන්ඩාල් නම බොලිවුඩයට වගේම ලංකාවත් අලුත් නමක්.
ඒත් සමාජ ජාල මාධ්‍ය හරහා මේ දිනවල බොලිවුඩය සොයා ගත් ඔවුන්ගේ අලුත්ම ගීත කෝකිලාවියගේ වීඩියෝ පට සහ ඡායාරූප හුවමාරු වෙනවා.
රනූ මොන්ඩාල් ඉන්දියාවේ ඉතාමත් දිළිඳු කාන්තාවක් වන අතර ඇය දිනක් බෙන්ගාල් හී රනාගට් දුම්රිය වේදිකාවේ ගීතයක් ගයමින් සිටියා.
ඒ අවස්ථාවේදී ඇගේ මියුරු හඬ ඇතුළත් විඩියෝ පටයක් ගත් පුද්ගලයෙක් එය සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
එම සිදුවීමෙන් සති දෙකකට පසුව ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පටන් ගත්තා.
ඒ ඇය ඇගේ මියුරු හඬින් ඉන්දියාවේ සුපිරි චිත්‍රපට ගායකයෙකු වන හිමේෂ් රෙෂමියා සමඟ චිත්‍රපට ගීයක් ගැයීමයි.
එහිදී ඉන්දීය සුපිරි චිත්‍රපට ගායක හිමේෂ් පවසා තිබුණේ " දිව්‍යමය හඩක් ඇත්තියක්" ලෙසයි.
වාසනාව කොහේ සිටියත් තමා සියා ගෙන එන බව පසක් කරමින් වාසනාව විසින් අද රනූ මොන්ඩාල් ගේ ජීවිතයම වෙනස් කර තිබෙනවා.
එදා දුම්රිය වේදිකාවේ වැරහැලි ඇඳුමින් සැරසී ගී ගැයූ රනූ අද ඉතා අලංකාරව හැඩ වැඩ වී සිටිනවා.
මේ වන විට ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පටන් ගෙන තිබෙනවා.
වයස අවුරුදු 19දී විවාහ වන රනූට කුඩා කාලයේදීම මව් පිය සෙනෙහස අහිමි වෙනවා.
එතැන්පටන් විවාහ වන තුරුම ඇයගේ නැන්දනිය සමඟ ජීවත් වන්නට ඇයට සිදු වෙනවා.
විවාහ වූ පසුව ඇය සිය සැමියා සමඟ මුම්බායි නගරයට යන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන වුවත් ඇයට එහිදී උරුම වන්නේ වින්දාටත් වඩා දුක් කන්දකට යට වන්නටයි.
ඇයට උපන් ගමට නැවත පැමිණෙන්නට සිදුවෙනවා නමුත් ඒ තනිවමයි ඒ ඇගේ සැමියාද ඇයට අහිමි වීම හේතුවෙන්. ඒ මීට වසර 20කට පෙරයි.
නොයෙක් දුක් කම්කටොළුවලට මුහුණ දුන් නිසාම ඇය විෂාදය රෝගයෙන් පීඩා විඳිනවා.
ඇයගේ ජීවිත කාළය පුරාම කුසට අහරක් නොමැතිව ගෙවූ දවස් බොහෝ තිබූ බව ඇය පවසනවා.
කෙතරම් දුක් කම්කටොලු තිබුණද ඇය කුඩා කළ සිටම ගීත ඇසිමටත් ගීත ගායනා කරන්නටත් කැමැත්තක් දක්වා තිබෙනවා.
මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර් ඇගේ ජීවිතයේ වීරයන් වූ අතර ඇය මහ මග ඇවිදිමින් සිටින විටත් ඔවුන්ගේ ගීත ගායනා කරමින් සිට තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ දෛවය වෙනස් කළේ 26 හැවිරිදි අතීන්ද්‍රා චක්‍රබෝර්ති නම් තරුණයෙක්.
ඒ සිදුවීම මෙසේය
"ඔහුට රනාගට් දුම්රිය මැදිරියේ අවහන් හලක රේඩියෝවක මොහොමඩ් රාෆි ගායකයාගේ ගීයක් වාදනය වන අතරේ තවත් කාන්තාවක් එහි බිම හිදගෙන එම ගීය සිහින් හඩින් මුමුණනු ඇසුණා. ඇගේ හඩ කෙතරම් මිහිරි වූවාදැයි කියතොත් රනූ මොන්ඩාල් ගේ ගීයක් ඔහු විසින් දුරකථනයෙන් පටිගත කර තිබෙනවා. ඊට දින දෙකකට පසු ඔහු එම ගීය සමාජමාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා."
එලෙස සමාජ මාධ්‍ය ජාලයට ඇගේ වීඩියෝ පටය මුදා හැර මොහොතකින් ඉන්දියාවෙ සමාජ මාධ්‍ය පරිශීලකයින් ලක්ෂ ගණනක් එය නරඹා තිබුණා.
එතැන් පටන් රනූ මොඩාල් ගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගත්තා.
ඇයට ගීත ඇඳුම් පැලැඳුම්, ඉඳුම් හිටුම් ලැබෙන්න පටන් ගත්තා.
ඒ වගේම ඇයට ඉන්දියාවේ මාධ්‍ය ආයතනවල ගීත ගැයීමට අවස්ථාව උදා වී තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර ඇය ගෙවූ දුක් බර ජීවිතය දැන් ඇයගෙන් ඈත් වී තිබෙනවා.
වසර 50 ක් ජීවිතයේ ගෙවී යෑමෙන් පසුව වුවද ඇය ට අද සශ්‍රීකත්වය උදා වී තිබෙනවා.