Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
25
"මගේ කේන්දරේට කියවෙනවා පිරිසක් කතා කරන තැනක "හ්ම්" කියන්න එපා කියලා මොකද අභූත චෝදනා එල්ල වෙනවලු" - රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂ කේන්දරය ගැන කරන හෙළිදරව්ව - Photos

- "මගේ කේන්දරේට කියවෙනවා පිරිසක් කතා කරන තැනක "හ්ම්" කියන්න එපා කියලා මොකද අභූත චෝදනා එල්ල වෙනවලු" - රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂ කේන්දරය ගැන කරන හෙළිදරව්ව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,199 Views
එදා කියපු පලාපල නිසා මාසයක් විතර මගේ ඔලූවත් අවුල් වෙලා හිටියා.....

අපි දෙන්න යාළු වුණාට කේන්දර ගැලපීම ගැන විශ්වාසයක් තිබුණෙම නෑ.....

කේන්දරය ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?

ගේ හදන්න තමයි මම පළවෙනි වතාවට කේන්දරේ ප්‍රයෝජනයට ගත්තෙ. අනික් හැම දේකටම අම්මනෙ කේන්දරේ බැලෙව්වෙ. ඉදිරියේදී ඉතින් අවශ්‍යම තැන්වලදී කේන්දරේ ප්‍රයෝජනයට ගැනෙයි.




අපල කාල ගැන විශ්වාස කරනවද?
 
ඕනම කෙනෙක් කරපු පෙර අකුසල් වලට විපාක ලැබෙන කාලෙ අපල කාලෙ කියල කියනවනෙ. ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ ගැන හිතල මේ ආත්මෙ පව් වලින් වැළකිලා ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනව.

නැකැත් අනුගමනය කරනවද?

විවාහ උත්සවේ දවසෙ අම්මල හදපු නැකැත් අනුගමනය කළා. ඒ ඇරුණම සිංහල අලූත් අවුරුද්ද දවසට මහත්තයගෙ අම්මත් එක්ක ඒ නැකැත් කළා. ගේ හදන වේලාවේ සැමියගෙ බිස්නස් වැඩවලදී වගේ අවශ්‍යම තැන්වලදී සුබ නැකතට වැඩ ආරම්භ කරනව.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය?

බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ අනුව ජීවත්වෙන්නත් උත්සාහ කරනව. දෙවියන්ට පිං අනුමෝදන් කරනවා. මට විශ්වාසයි උන්වහන්සේලා මාව ආරක්‍ෂා කරන බව. කොහොමටත් අලූත් ගෙදර බුදු මැදුරක් හදල ආගමික වතාවත්වලට මුල්තැන දෙන්න මම තීරණය කරලයි තියෙන්නේ.

පුද පූජා ශාන්තිකර්ම වලට දෙන තැන?

මම ඒ දේවල් ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒත් මගේ අම්ම ඒ ගැන වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ අනුව ඉතින් පුංචි කාලෙ ඉඳල සමහර කාලවලදී යන්තර, මැණික් අල්ලපු මුදු වගේ දේවල් දාල තියෙනව. මට හොඳක් කරන්නනෙ අම්ම ඒ හැම දේම කරන්නෙ.

කේන්දරේ සඳහන් වුණ විශේෂ යෝග?

ග්‍රහ යෝග මොනවද කියල දන්නෙ නෑ. මම ඩොක්ටර් කෙනෙක් වෙනව කියල හඳහනේ සඳහන් වෙනවලූ. ඒත් ඒ සඳහා යොමුවෙන්න ලකුණු මදිවෙලා මම කැලණිය විශ්වවිද්‍යාලය අනුක ජීව විද්‍යාව හා ශාක ජෛව විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත්තා. නොහිතපු වෙලාවක ඒ උපාධියට අනුව මට පසුගිය දවස්වල රජයේ රැකියාවක් ලැබුණා.

රංගන ශිල්පිනියක් වෙන බව කේන්දරේ සඳහන් වුණාද?

එහෙමම කියලා තිබුණෙ නෑ. ඒත් මම සමාජයේ කතා බහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් වෙනබව සඳහන්වෙලා තිබුණා. නැටුම් ඉගෙන ගත්තු නිසා ඒ අංශයෙන් ඒක වෙයි කියල හිතුවට දන්නෙම නැතුව මම රංගන ශිල්පිනියක් වුණා.

විවාහ වුණේ කේන්දර බලවල නැකැත් වලට අනුවද?

අපි දෙන්න යාළු වුණාට කේන්දර ගැලපීම ගැන විශ්වාසයක් අවබෝධයක් තිබුණෙම නෑ. ඒත් අම්මල බැලෙව්වා. ගැලපෙන්න ඇති එදා ඒ හදපු නැකැත්වලට අනුව කටයුතු කළා. කොහොම හරි එදා පෝරුවට නගිද්දී පෝරුවෙ ලෑල්ලකුත් ගැලවුණා. වෙන දෙන්නෙක් නම් ඕක ලොකු අසුබ කාරණයක් කියල එදාම වෙන්වෙන්න දඟලයි. අපි ඒ සිද්ධිය සුබ දෙයක් විදියට ගණන් අරන් අද වෙනකම් ඉන්නව ඉතින්.

රාහු කාලෙට බයද?

බයක් නෑ. ඒත් විශේෂම සුබ කාරණාවකදී ඒක අතඇරල වැඩ කරනව. දවස ගානෙ රාහු කාලෙ සැලකිල්ලට ගත්තොත් අපේ වැඩ කරගන්න බැරි වෙනවනෙ.

ලග්නය?

කටක

හඳහනේ තිබුණ විශේෂ යෝග? 

අද මම දකින විශේෂ යෝගය තමයි මෑත කාලෙ රංගන ශිල්පිනියක වෙලා රැකියාවක් ගැන කිසිම අදහසක් නැතුව හිටපු මට රජයේ අමාත්‍යාංශයක රැකියාවක් හිමිවීම.

සඳහන් වුණු අසුබ යෝග?

පුංචි කාලෙ ඉඳල මගේ කේන්දරේට කියවෙන දෙයක් තමයි පිරිසක් කතා කරන තැනක හ්ම් කියන අකුරු දෙකවත් කියන්න එපා කියන එක. මොකද අභූත චෝදනා එල්ල වෙන්න තියෙන ඉඩකඩ වැඩිලූ. මෑතකදී මට එහෙම දේකට මූණ දෙන්න වුණා. අද වෙනකොට මම එවැනි තැන් වලින් නැගිටල යන තරමට ඒ ගැන සැලකිලිමත්.

අවුරුද්දකට කී වතාවක් හඳහන් බලවනවද?

බොහොම අඩුයි. වාර ගණනක් කියන්න බෑ. විශේෂ අවශ්‍යතාවයක් වුණොත් ඒ වෙලාවට ගිහින් හඳහන බලවනවා. 

"මීවිත" 
ධම්මික හේවාවසම්


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  660 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  920 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  172 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,365 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,649 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,604 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,845 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,122 Downloads



Top 10 Commenters

Latest Comments

Top