ඒ අනුව, වසීම් සහ අස්ලාම් ෂහීන් නමැති සිය පුතුන් දෙදෙනාට අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සමාව දෙන ලෙස ඔවුන්ගේ දෙමවුපියන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
පාකිස්තානය තුළ වඩාත් ප්‍රකටව සහ ඉතා අමානුෂික ලෙස සිදුවන පවුලේ ගෞරවය වෙනුවෙන් කාන්තාවන් ඝාතනය කිරීමේ සිදුවීම් පසුව, දෙවියන්ගේ නාමයෙන් පවුලේ ඥාතියෙකු සිදුකරන සමාව ඉල්ලීමක් මත නීතියෙන් පැන යාමේ ක්‍රමවේදයක් මෙතෙක් පැවතුණා.
කෙසේ වෙතත්, බලෝෂ්ගේ ඝාතන සිදුවීමත් සමග ජාත්‍යන්තරයෙන් මෙම අමානුෂිකත්වයට එරෙහිව නැගුණු චෝදනා හමුවේ එම නීතියේ හැදැස වසා දැමීමට පාකිස්ථාන බලාධාරීහු ක්‍රියා කරනු ලැබුවා.
ඒ අනුව, මෙවර බලෝෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයන්ටවත් දෙවියන්ගේ නාමයෙන් සමාවක් නොලැබෙන බවයි පාකිස්ථානයෙන් වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සිදුවූ අවධියේදී ඇගේ පියා කියා තිබුණේ තම දියණිය ඝාතනය කළ පුතුන්ටද දඬුවම් හිමිවය යුතු බවයි.