Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
බොලිවුඩ් සිනමාවේ හොඳම නැට්ටුක්කාරයා රිතික් රෝෂන්, ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස නම් කරයි - Photos

- බොලිවුඩ් සිනමාවේ හොඳම නැට්ටුක්කාරයා රිතික් රෝෂන්, ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස නම් කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,510 Views
වැඩිපුර බේරාකොලි අනුභව කිරීම කඩවසම් බවට හේතුවලු..
පවුල් ජිවිතේ ආරවුල් මැද සිනමා ජිවිතයේ ඇවිද ආ හැටි..
 
රිතික් රෝෂන් බොලිවුඩ් සිනමාවේ සිටින ජනප්‍රියම නළුවකු බව රහසක් නොවෙයි. මේ වනවිට 45 වැනි වියෙහි පසුවන ඔහු රඟපාන තවත් චිත්‍රපටයක් මේ දවස්වල ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වෙනවා.

නමුත් මුලින්ම කියන්න යන්නේ රිතික් ගේ චිත්‍රපට ගැන කතාවක් නෙවෙයි. මේක ඔහුගේ කඩවසම්කම ගැන කතාවක්.
 
පසුගිය දා ඉන්දියාවේ මාධ්‍යවල පළ වූ පුවතකින් පැවසුණේ රිතික් 'ලෝකයේ කඩවසම්ම පුද්ගලයා' ලෙස නම් කර ඇති බවයි.

ඔහු මේ ආකාරයෙන් නම් කරනු ලැබ ඇත්තේ ඇමෙරිකාවේ යම් ආයතනයක් විසින් බවයි වාර්තා වුණේ. මෙහි දී ඔහු කඩවසම්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්, ක්‍රිස් එවන්ස්, රොබට් පැටින්සන් වැනි අය පසුපසට ඇද දමමිනුයි.
 
ක්‍රිස් එවන්ස් ඇමෙරිකානු නළුවකු වන අතර පැටින්සන් බි්‍රතාන්‍ය ජාතික නළුවෙක්.
 
කඩවසම් පුද්ගලයකු බවට පත්වීමේ රහස කුමක්ද කියා මාධ්‍යවේදියකු රිතික්ගෙන් විමසා තිබුණා. එයට විහිළුවකින් පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ වැඩිපුර බේ‍රාකොලි අනුභව කිරීම එයට හේතුව කියායි. තමුන්ව මේ ආකාරයෙන් නම් කිරීම ගැන අදාළ ආයතනයට ස්තූති කරන බව පවසා තිබූ රිතික්, නමුත් මෙය ලොකු ජයග්‍රහණයක් ලෙස තමුන් නොසලකන බවක්ද කියා තිබුණා.
 
කෙනකු වඩාත් උත්සාහ කළ යුත්තේ කඩවසම් බවට පත්වීමට වඩා යහපත් චරිතයක් ඇති කෙනකු වීමට බවත්, හොඳ යහපත් චරිතයක් ඇත්නම් අනිවාර්යයෙන්ම අනෙකුන්ගේ ආකර්ෂණය හිමි වනු ඇති බවත් ඔහු කියනවා.
 
මේ දිනවල ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන 'සුපර් 30' ඉතා සාර්ථක අන්දමින් තිරගත වන බව සඳහන්. එය ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය ජූලි 12 වැනිදායි. මේ චිත්‍රපටය ආනන්ද් කුමාර් නමැති ගණිතඥයකු ගැන සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරෙන් තැනුණු සිනමාපටයක්.
 
ආනන්ද් දුප්පත් දරුවන්ට විද්‍යා දැනුම ලබාදීමට පුරෝගාමී ව්‍යාපෘතියක් ක්‍රියාවට නැඟූ කෙනෙක්. මේ අතර ඉදිරියේදී රිතික් රඟපෑ ක්‍රියාදාම චිත්‍රපටයක් වන War චිත්‍රපටය ද තිරගත වීමට නියමිතයි. එහි ඔහු සමඟ අනෙක් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ටයිගර් ෂරොෆ්. එය ඔක්තෝබර් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇති බව පැවසෙනවා.
 
මේ වනවිට සිය වෘත්තීය ජීවිතය තුළ ඉතා සාර්ථක මට්ටමකට ළඟා වී සිටියත් ඔහුගේ පෞද්ගලික ජීවිතය බොහෝ හැලහැප්පීම්වලින් පිරි එකක් වූ බවත් අමතක කළ යුතු නැහැ. විශේෂයෙන් රිතික් ගේ විවාහ ජීවිතය අසාර්ථක වීම ගැන කලක් විශාල කතාබහක් තිබුණා. ඔහු විවාහ වී සිටියේ සුසේන් ඛාන් සමඟයි.
 
ඔවුන් දෙදෙනා ආගම් දෙකකට අයත් දෙදෙනකු වුණා. රිතික් හින්දු ආගමිකයකු වූ අතර සුසේන් ඉස්ලාම් ආගමට අයත් කෙනෙක්. නමුත් රිතික් පවසන්නේ මෙම වෙනස කිසිවිටෙක ඔවුන්ට ප්‍රශ්නයක් නොවූ බවයි. 2000 වසරේ විවාහ වූ ඔවුන් 2014 වසරේ දික්කසාද වුණා. ඔවුන්ගේ විවාහයෙන් ඔවුන්ට පුතුන් දෙදෙනකු සිටිනවා. රිතික්-සුසේන් දික්කසාදයට හේතු වූ කාරණා ගැනත් විවිධ කතන්දර ඒ කාලයේ පැතිරුණා.
 
රිතික් වෙනත් නිළියන් සමඟ සබඳතා පැවැත්වූ බවත්, එය ඔහු සහ සුසේන් අතර ප්‍රශ්න ඇතිවීමට බලපෑ බවත් පැවසුණා. කරීනා කපූර් සහ කන්ගනා රනවුත් යන නිළියන් සමඟ පැවැති බව කී සබඳතා තමයි වඩාත්ම කතාබහට ලක්වුණේ.
 
ළමා කාලයේත් රිතික් විවිධ ගැටලුවලට මුහුණ දුන් බව පැවසෙනවා. ඔහුගේ එක් අතක ඇඟිලි හයක් තිබෙන අතර මේ නිසා පාසලේ දී විවිධ කොන්කිරීම් ආදිය සිදුව ඇති බව සඳහන්. එයට අමතරව කතා කිරීමේ දී ගොත ගසන ගතියකිනුත් ඔහු පෙළුණු බවට කතාවක් තිබෙනවා.
 
මේ නිසා පාසලේ විවිධ කටයුතුවලට සහභාගි වීම මඟහැරීම සඳහා බොරු ලෙඩ ගත් අවස්ථා ගැනත් ඔහු කියා තිබෙනවා. පසුව කථන චිකිත්සාවන් හරහා රිතික් සුවය ලැබූ බවයි පැවසෙන්නේ.
 
2000 වසරේ දී වරක් රිතික් සිනමාවෙන් ඉවත් වීමටත් සූදානම් වුණා. ඒ ඔහුගේ පියා වන රාකේශ් රෝෂන්ට කිසියම් කණ්ඩායමක් වෙඩි තැබීමේ සිද්ධියත් සමඟයි. එය පාතාලය ද සම්බන්ධ කප්පම් සිද්ධියක් නිසා සිදුවූවක් බවටයි වාර්තා වුණේ.
 
රාකේශ් රෝෂන් ද බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. රිතික් රඟපෑ සමහර චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේත් ඔහුයි. රාකේශ් ගේ මුල් චිත්‍රපටවල රිතික් ළමා නළුවකු ලෙසත් රඟපා තිබෙනවා.
 
රිතික් පළමු වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 2000 වසරේ ප්‍රදර්ශනය වූ 'කහෝ නා ප්‍යාර් හේ' චිත්‍රපටයේයි. එයින් පසු 2003 වසරේ තිරගත වූ 'කොයි මිල් ගයා' චිත්‍රපටය අතිශයින් සාර්ථක චිත්‍රපටයක් වුණා. රිතික් පියාගේ චිත්‍රපට කිහිපයක සහාය අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.
 
සනත් වික්‍රමගේ
මව්බිම

Image result for hrithik roshan 6 fingers

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,620 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,411 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,267 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  309 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,381 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top