ගණිකා වෘත්තියේ යෙදීම සඳහා මෙරටට පැමිණ සිටි පිලිපීන ජාතික සංක්‍රාන්තික ලිංගිකයන් (Transgenders) 7දෙනෙකු සහ රුසියානු කාන්තාවක් පෙරේදා (22 දා) කොල්ලූපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් උපාය දූතයන් යොදා කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 25 - 35 ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙම පිරිස අන්තර්ජාලයේ වෙබ් අඩවි හරහා මෙම කටයුත්තේ යෙදී ඇති අතර එම වෙබ් අඩවිවල සඳහන්ව ඇත්තේ විදේශීය දුරකථන අංකය යි.
ඒ අනුව විදෙස් දුරකථන අංකම යොදා ගනිමින් උපාය දූතයන් යොදවා එම වැටලීම සිදුකර තිබෙනවා.
එම පිරිස මේ වන විට රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන රැඳවුම් කඳවුරට යොමුකිරීමට නියමිතයි.