Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
"හූනා නැට්ටෙන් අල්ලපු ගමන් දෙකට කැඩෙන සතෙක්, වීරයෝ හූනෝද?" - හූනන්ට වීරයන්ගේ නම් යෙදීම ගැන මන්ත්‍රී විමල් කියපු කතාව - Video

- "හූනා නැට්ටෙන් අල්ලපු ගමන් දෙකට කැඩෙන සතෙක්, වීරයෝ හූනෝද?" - හූනන්ට වීරයන්ගේ නම් යෙදීම ගැන මන්ත්‍රී විමල් කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,962 Views
මිලියන දෙකක් උදාහරණ දෙන්න පුළුවන්..
ලෝක ඉතිහාසයේ බොහෝ දෙනෙකුට නම් තබලා...

ශ්‍රී ලංකාවේ උරග නාමාවලියට අලුතින් හඳුන්වාදුන් හූනන් විශේෂ 6 කට නම් යෙදීමේදී මෙරට ජාතික වීරයින්ගේ නම් භාවිතයට ගැනීම පිළිබඳ පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.
 
මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එම සත්වයින් සොයාගත් පරිසරවේදී සමීර කරුණාරත්න මහතා සදහන් කළේ ජාතික වීරයින්ට ගෞවරයක් පිණිස එම සත්ත්වයින්ට නම් යෙදූ බවයි.
 
නව හූනන් විශේෂ 6 ක් සදහා මෙරට ජාතික වීරයින්ගේ නම් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි මතභේදයක් මතුවූ අතර, පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මේ සිදුවීම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සොයා බැලීමක් සිදුකළා.
 
පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න මහතා ඇතුළු දෙස් විදෙස් මහාචාර්යවරුන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මෙම හූනන් පිළිබද පර්යේෂණය ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේදීයි.
 
මොනරාගල පිහිටි මරගල කන්ද, පදියතලාවේ කොකාගල කන්ද, කඩුගන්නාවේ උමග හා කුටුම්බිගල ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.
 
එහිදී මෙරටට ආවේනික හූනන් 6 දෙනෙකු සොයා ගැනීමට පර්යේෂකයින් පිරිසට හැකි වී ඇති අතර, එම හුනන් හැදින්වීමේදී ජාතික වීරයින්ට උපහාර කරමින් නම්යෙදීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
 
සත්ත්වයින් නම් කිරීමේදී ඔවුන් අයත් කුලය සහ සත්ත්වයාට යොදන නම ලෙස කොටස් දෙකකට යෙදෙන අතර ඒ අනුව නෙස්මස්පීස් නම් ගණයට අයත් මෙම හූනන් හැදින්වීමට මෙරට ජාතික වීරයින් 6 දෙනෙකුගේ නම් ද සම්බන්ධ කර තිබෙනවා.
 
ඒ අතරින් දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සිටි යෝධයින් ලෙස සැලකෙන ගෝඨයින්බර යෝධයාට උපහාර පිණිස නෙස්මස්පීස් ගෝඨයින්බරයි ලෙස එක් හූනෙකුත් නන්දිමිත්‍ර යෝධයාට උපහාර පිණිස නෙස්මස්පීස් නන්දිමිත්‍රයි නමින් තවත් හූනෙකුත් නම්කර තිබෙනවා.
 
ඉතිරි සත්වයින් 4 දෙනා නම්කර ඇත්තේ ඌව වෙල්ලස්ස සටනේ වීරයන් වූ කොහුකුඹුරේ රටේ රාළ, බූටෑවේ රටේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල සහ හිටිහාමි රටේ රාළ යන අයට උපහාර පිණිසයි.
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න මහතාගෙන් විමසීමක් සිදුකළා.
 
කෙසේ වෙතත් නාමකරණ විද්‍යා ඉතිහාසයේ සදහන් වන ආකාරයට ලෝක ඉතිහාසයේ ආගමික ශාස්තෘවරු, රාජ්‍ය නායකයින්, හා සමාජ ක්‍රියාකාරකයින් වැනි පුද්ගලයින්ගේ නමින් ඔවුන්ට ගෞරවයක් වනු පිණිස සත්ත්ව හා ජීව විශේෂවලට නම් යොදා තිබෙනවා.
 
මෙරට ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමාගේ නමින් නෙස්මස්පීස් ගැමුණු ලෙස හූනෙකු නම්කර ඇත්තේ 2007 වසරේදීයි.
 
එමෙන්ම ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී නායකයා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාට උපහාර පිණිස මී මැසි විශේෂයක් ද දලෙයිලාමාතුමාට උපහාර පිණිස ටිබෙටයේ සලඹයෙකු ද නම්කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විශාල පිරිසකගේ නම් ද මෙලෙස භාවිත කර ඇති බව දැකගත හැකියි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,100 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  5,322 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,552 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  305 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,713 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  341 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  524 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  708 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,439 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top