Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
මිහිකත පෙනහළු බඳු ඇමේසන් ලොවක් කම්පා කරමින් ගින්නෙන් දැවෙද්දි, ලංකාවේ ඇල්ලේ ගින්න ඇරඹේ -Video

- මිහිකත පෙනහළු බඳු ඇමේසන් ලොවක් කම්පා කරමින් ගින්නෙන් දැවෙද්දි, ලංකාවේ ඇල්ලේ ගින්න ඇරඹේ -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,935 Views
පරිසර විනාශයට හේතුව මිනිසුන් විසින් කළ ගිනි තැබීම්..
මරගල කන්දෙත් ගින්නක් - අක්කර 30ක් විනාශයි!
 
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ඇල්ල රොක් කඳුවැටියේ හටගෙන ඇති ගින්නෙන් අක්කර 500 කට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
 
ඇල්ල කඳුවැටිය එලෙස ගින්නෙන් දැවෙද්දී ලොව ඔක්සිජන් අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් සපුරාලන මිහිකතගේ පෙනහළු බදු වූ ඇමර්සන් වනාන්තරය ද තවදුරටත් ගින්නෙන් දැවෙමින් පවතිනවා.

ස්භාවධර්මයේ වටිනා නිමවුමක් ලෙස ශ්‍රී ලංකාවට උරුමව ලොව පුරා සංචාරකයන් අතරද ප්‍රචලිත ඇල්ල රොක් කඳුවැටියේ ගිනි ගැනීම ප්‍රථමයෙන් වාර්තා වුණේ ඊයේ පස්වරු 2 ට පමණ.
 
එය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ගිනි ජාලාවක් බවට වර්ධනය වුණා.
 
පසුව එම ගින්න රාවනා ඇල්ල රක්ෂිතය දක්වාද ව්‍යාප්ත වී ගියා.
 
මෙම ගින්න මැඩ පවත්වා ඇත්තේ යුද්ධ හා ගුවන් හමුදාවන්ගේ, පොලිසියේ, අපදා කළමනාකරන නිලධාරීන්ගේ , ප්‍රදේශවාසීන්ගේ සහ ඇල්ලට ඇළුම් කරණ සංචාරකයින්ගේ ද දායකත්වයෙන්.
 
කෙසේ වෙතත් මෙම වටිනා පරිසර පද්ධතියේ සිදු වූ මහා විනාශයට මුළුමනින්ම හේතුව වී ඇත්තේ මිනිසුන් විසින් සිදු කළ ගිනි තැබීම් බවට සැක කෙරෙනවා.
 
මේ අතර මොනරාගල මරගල කඳු රක්ෂිතයේද ඊයේ පස්වරුවේ ගින්නක් හට ගත් අතර එයින්ද අක්කර 30 කට අධික ප්‍රමාණයක් දැවී ගොස් තිබෙනවා.
 
ඖෂධීය වටිනාකමක් ඇති මෙම වනයේ බොහෝ ශාක විනාශ වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
 
ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් මේ වන විට මෙම ගින්න මැඩ පවත්වා ඇති අතර ද මෙයද මිනිසුන් විසින් සිදු කළ ගිනි තැබීමක් බවට සැක කරනවා.
 
මේ අතර ලොව විශාලතම වැසි වනානතරය වන ඇමසන් හී හට ගත් ලැව් ගිනි සහ මිනිස් ක්‍රියාකරකම් හේතුවෙන් ඇති වූ ගිනි ගැනීම්ද තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
 
ඒ දුර්ලභ සත්ව හා ශාක විශේෂ ගණනාවක් ලොවට අහිමි කරමින්.
 
බ්‍රසීල අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ 2019 වර්ශය ආරම්භයේ සිට මේ දක්වා එරට ගිනි ගැනීම 72,834 ක් වාර්තා වි ඇති බවත් ඉන් අති බහුතරයක් ඇමසන් වනාන්තර ප්‍රදේශයේ සිදු වී ඇති බවයි.
 
එම ගිනි තැබීම් පසුගිය වසරට සාපේක්ෂව 84% ක වර්ධනයක්.
 
වසර මිලියන 55 ක් තිස්සේ පවතින බවට විශ්වාස කරන ඇමසන් වැසි වනාන්තරය ලොව වැසි වනාත්තර පද්ධතියෙන් අඩකටම හිමිකම් කියනවා.
 
එය බ්‍රසීල භූමියේ අඩක පමණ ව්‍යාප්ත වී ඇති අතර, පේරු ,කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනා, සුරිනාම් සහ ප්‍රංශ ගයනාව යන රට වල ව්‍යාප්තව පවතිනවා.
 
මෙලෙස ගින්නෙන් දැවී යන ඇමසන් හී ශාක විශේෂ 40,000 ක්, මත්ස්‍ය විශේෂ 2200 ක්, පක්ෂීන් විශේෂ 1,294 ක්, ක්ෂීරපායී විශේෂ 427 ක්, උභය ජීවී විශේෂ 428 ත් සහ සහ උරග විශේෂ 378 ක් සහ කෘමීන් මිලියන 2.5 ක් සිටින බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත්තේ.
 
ඇමසන් හී ඇති වූ ගින්නේ දුමාරය එයට සැතපුම් 1,700 ක් දුරින් පිහිටි බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරය අදුරු කිරීමට තරම් ප්‍රභල වූනා.
 
මේ අතර ඇමසන් වනය ගිනි ගැනීම ජාත්‍යන්තර අර්බුදයක් බවත් ගින්නෙන් දැවෙන ඇමසන් හී ඡායාරූපයක් ද එක් කරමින්, අප නිවස ගිනි ගන්නවා ලෙසත් ප්‍රංශ ජනාධිපතිවරයා ට්විටර් පනිවිඩයක් එක් කර තිබුණා.
 
බ්‍රසීල ට්‍රම්ප් ලෙසින් හඳුන්වන බ්‍රසීල ජනාධිපති ජයීර් බොල්සෝනරෝට ඇමසන් විනාශය පිළිබඳ සෘජු චෝදනා එල්ල වනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු බලයට පත්වීමෙන් පසු ඇමසන් වනාන්තරයට තුල දැව ජාවාරම, රන් ආකර පවත්වාගෙන යාම වැනි විනාශකාරී ක්‍රියා සිදූ වී ඇති බවයි.
 
කෙසේ වෙතත් බ්‍රසීල ජනාධිපතිවරයා පවසන්නේ ඇමසන් වනාන්තරයේ ගින්න මැඩපැවැත්වීම සඳහා තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.
 
ලෝක බලවතුන් මැදිහත්ව ඇමසන් විනාශය වලක්වා ගැනීමට කඩිනම් පියවර නොගතහොත් එය පෘථිවියේ ඉදිරි පාරිසරික තුලනයට දැඩි බලපෑමක් කරනු ඇති සේම ස්භාවික ව්‍යසන බොහෝමයක කැඳවා ගැනීමක් ද වනු ඇති.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,908 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,303 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,716 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,480 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,789 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,959 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,289 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,388 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,724 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,049 Downloads



Top 10 Commenters

Latest Comments

Top