Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
මාතලේ දී ගඟට බිලි වු මිනිසා මහ රෑ මළ ගෙදරට ඇවිත්

- මාතලේ දී ගඟට බිලි වු මිනිසා මහ රෑ මළ ගෙදරට ඇවිත්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

89,638 Views
ගඟේ ගිලී මියගිය අයකු මළගමට පැමිණීමේ අපූරු සිද්ධියක් මාතලේ වරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පොල්ගොල්ලේ සිට බෝවතැන්න ජලාශයට මහවැලි ජලය ගලාගෙන යන සුදු ගඟෙහි ජල මට්ටම 21 දා ඉහළ යමින් තිබිණි. ඒ වන විටත් ගඟේ දිය නාමින් සිටි කීපදෙනකු ගං ඉවුරෙන් ඉවත් වූයේ ගඟේ ජලය සැඩ වෙමින් තිබූ නිසාය. ගඟේ ජලය සැඩ වුවද එක් අයකු ජල ස්නානය කරමින් සිටියේය.

අවාසනාවකි. එක් වරම සැඩ පහරට අසු වූ ඔහු ගං ජලයේ නොපෙනී ගියේය. ගම්මුන් සහ පොලිසිය එක්ව ගොම්මන දක්වා සොයා බැලුවත් ඔහුගේ මළ සිරුර පවා සොයා ගැනීමට නොහැකි විය.

මළ සිරුරද සොයා ගැනීමට නොහැකි වූයෙන් ඥාතීන් සහ ගම්මුන් එක්ව මළගමට සියල්ල සූදානම් කළෝය. රෑ බෝ වෙත්ම පිරිසක් සූදු කෙළින්නට වූහ. පිරිසක් දාම් අදින්නට වූ අතර නිවැසියෝ තම ඥාතියාගේ වියෝවෙන් කම්පාවට පත්ව හඬමින් රැය පහන් කිරීමට මුහුණ දෙමින් සිටියෝය. 

මධ්‍යම රාත්‍රියට හෝරා කීපයක් තිබියදී එක්වරම අඳුරේ නිවෙස දෙසට ඇදෙමින් සිටි අයකු දුටු සූදු කෙළින්නන්, කැරම් ඇදි පුද්ගලයන් සීසීකඩ දුවන්නට විය. අරුමයකි. ඒ ගඟේ ගිලී මියගිය ඥාතියාය. මේ ඥාතියාගේ අවතාරයක්දැයි ඇතමකු බියට පත් වූ අතර ස්වල්ප වේලාවකට පසු ඇති තතු වටහා ගැනීමට හැකි විය. ගඟේ සැඩ පහරට අසු වූ ඥාතියා ගඟ දිගේ සැතපුම් කීපයක් ගසාගෙන ගොස් ඇතත් බලවත් පරිශ්‍රමයකින් ජීවිතය බේරා ගැනීමට හැකිව ඇත. එහෙත් ගඟෙන් ගොඩට එන විටත් ඔහුට ඇඳි වත අහිමිව තිබිණි. නිරුවත් ඔහුට ඥාතීන්ට මුහුණ දීමට නොහැකි වූයෙන් රාත්‍රිය වන තෙක් ගං ඉවුරේ සැඟවී සිටියේය. රෑ බෝ වූ පසු අසල හේනකට රිංගූ ඥාතියා හේනේ පඹයාට අන්දවා තිබූ රෙදි පිළි පැලඳ නිවෙසට පැමිණියෙන් මේ නම් අවතාරයකැයි නිවැසියන් සහ ගම්මුන් බියට පත් වූහ. 

ගඟේ සැඩ පහරට අසුව උත්සාහය මත අනූනවයෙන් ජීවිතය බේරාගත් ඥාතියා 20 දා රාත්‍රියේම මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 

"මව්බිම"
හේවා පී. කරුණාරත්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  664 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  924 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  187 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  172 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,373 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,652 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,604 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,845 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,122 Downloads



Top 10 Commenters

Latest Comments

Top