Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
"මම සටන් කරමිනුයි ඉන්නේ... මම කොහොමහරි ඔබ අතරට ආයෙම එනවා..." - දරුණු පිළිකාවක් හා සටන් වදින බොලිවුඩයේ සුරූපිණිය සොනාලි කියන කතාව - Photos

- "මම සටන් කරමිනුයි ඉන්නේ... මම කොහොමහරි ඔබ අතරට ආයෙම එනවා..." - දරුණු පිළිකාවක් හා සටන් වදින බොලිවුඩයේ සුරූපිණිය සොනාලි කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,700 Views
ඒ රංගනය ප්‍රේක්ෂකයන් හඬවන්නට තරම් සමත් වුණා....
රෝගී ෂාරුක් ඛාන් බේරගන්න ඇය මහත් වෙහෙසක් ගත්තා...
 
ඇය ඉතා ශක්තිමත්ව තමන්ගේ අනතුරුදායක බව තේරුම් අරගෙන ඊට උපරිම විදියට මානසිකව, ශක්තිමත් වෙන්නට හිතන කෙනෙක්. ඇයගේ එම දැඩි ආත්ම විශ්වාසය ගැන අද බොහෝ දෙනා කතාබහට ලක් කරන්නට සමත් වෙලා.
 
මේ නිළිය තමයි ඉන්දියාවේ “සොනාලි බෙන්ද්රේ” ඇය මීට වසර 20කට පෙර අතිශය රූමත් නිළියක්. ඇය තරුණයන් පිස්සු වට්ටපු නිරූපිකාවක්. නිරූපණ ශිල්පිනියක ලෙස ඇය මතුවුණෙත් හිත් ඇදගන්නා අතිශය රූමතියක් වූ නිසාමයි.

ඇය සොයා චිත්‍රපට නිෂ්පාදකයන් පිස්සු වැටී කල්ගත කළ යුගයේදී ඒ නිසාම චිත්‍රපට කිහිපයකුත් හැදුණු බවට ඉන්දියාව පුරා පැතිරී ගිය කතා රැසකි. මේ සුරූපී බව නිසා ඇය හා මුහුවන්නට, ඇය හා එක්වන්නට වෙහෙසුණු නළුවන් කිහිප දෙනකු ගැනත් කතා රැසක් තිබුණා.
 
කෙසේ නමුත් ඇය විවාහයෙන් පසුව ඒ කෙළිලොල් දිවියෙන් මඳකට ඉවත් වුණු බවක් පෙනෙන්නට තිබුණත් විටින් විට රංගනයේ යෙදුණු අවස්ථාද තිබුණා.
 
සොනාලි බෙන්ද්රේට පිළිකාවක් සෑදී ඇති බවත් ඇය ඉතා ඉක්මනින් මරණයට පත් වේ යැයි එහෙන් මෙහෙන් කසු කුසු ඇතිවුණේ මේ මෑතකදී. ඒ බව ඇයටත් ආරංචි වුණා. මේ වනවිට 43 හැවිරිදි සොනාලි "ඇත්තටම මට පිළිකාවක් තියෙනවා. නමුත් මම ඊට හොඳින් මුහුණ දෙනවා. කෙසේ හෝ මේ රෝගයෙන් මම සුවපත් වෙලා යළිත් ඔබ අතරට එනවා...." කියන දේ ඇය එළිපිට ඇවිත් මාධ්‍යයට කිව්වේ සෙසු පිළිකා රෝගීන්ටත් ජීවත් වන්නට ආත්ම විශ්වාසයක් ඇති කරමිනුයි.

2018 දෙසැම්බර් 3දා පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටි සොනාලි බෙන්ද්රේ රටම අවදි කළ මේ හෙළිදරව්ව නිසා සිනමා ලෝකය පමණක් නොව ඇයට ආදරය කරන බොහෝ දෙනාද හඬාවැටුණු තරම්. ඒ තරමටම ඇය පැවැසූ මේ කතාව විශ්වාස කරන්නටත් අමාරුයි කියලා කාට කාටත් හිතුණේ මෙය සිදුවිය හැක්කක්ද කියලයි.
 
සොනාලි මාධ්‍යයට එහෙම ප්‍රකාශ කරලා නැවතුණේ නැහැ. ඇය ඉතා ශක්තිමත්ව ඇය මෙම රෝගයට එරෙහිව සටන් වදින විදියත්, ඊට ආත්ම විශ්වාසය ඇතිකර ගන්නා හැටිත් ගැන ඇයගේ සිතට දැනුණු දේ සටහන් කරන්නටත් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නටත් පටන් ගත්තා. ඇයට සුබ පතා ඇය දිරිමත් කරමින් ලක්ෂ ගණනින් පිරිස් ඇයගේ හඬට කන්දෙන්න පටන් ගත්තා.
 
විශේෂයෙන් පිළිකා රෝගී තත්ත්වයට පත් වෙලා ලෝකය පුරා සිතින් විඳවමින් සිටින රෝගීන් ඇයගේ සිතැඟි සටහන් කියවලා ආත්ම විශ්වාසයක් ඇති කරගත් බවත් කියමින් ඇය වටා රොක් වෙන්නට පටන් ගත්තා. එක් පැත්තකින් සොනාලි තමන්ගේ ජීවිතය රැක ගන්න මහා යුද්ධයක් කරන අතරතුර එවන් දහසකුත් එකක් දෙනාගේ සිත සුවපත් කරන්නට කළ මේ උත්සාහය ගැන කවුරුත් ප්‍රශංසා කළා.
 
ඇය වැනි අතිශය සුරූපී නිළියකගේ සිරුරට සිදුවෙමින් තිබෙන වෙනස කවුරුත් වටහා ගත්තා. රෝගයක් වැලඳුණු මොහොතේ පටන් ඊට නිසි ප්‍රතිකාර ලබා ගන්නත් ඊට මානසිකව, ශක්තිමත් ලෙස මුහුණ දෙන්නත් කවුරුත් වටහාගන්න බවත් ඇයගේ සටහන්වලට පිළිතුරු සටහන් කළ යුත්තේ අදහස්වලින් ඇයද තේරුම් ගෙන සිටින බවක් පළ කළා.
 
ඇය ගැන ඉන්දියාවේ සිනමා පුවත්පත් සඟරා මෙන්ම වෙනත් මාධ්‍යයන්ද කරන හෙළිදරව් දැන් එන්න එන්නම වැඩියි. ෆිල්ම් ෆෙයාර් සඟරාව ඇය පිළිබඳ තැබූ සටහනක් මෙසේ දැක්වීම සුදුසුයි.
 
"ඇය පළමුවරට පිළිකා රෝගයකින් පෙළෙන බව දැනගත් වහාම සිනමා කර්මාන්තයේ යෙදුණු බොහෝදෙනාට සිහිපත් වුණේ ඇයත් ශාරුක් ඛානුත් රඟපෑ කල්හෝනා හෝ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ ඇය හදවත් රෝගී තරුණයකු වූ ෂාරුක් ඛාන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරිය ලෙස රඟපෑවා. රෝගී ෂාරුක් ඛාන් බේරගන්න ඇය මහත් වෙහෙසක් ගත්තා. මෙම චරිතයේදී දුර්වල හදවත සමඟ ජීවත්වන තරුණයාව බේරාගන්න ඇය හොඳ රඟපෑමක් කරමින් කළ ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂකයන් හඬවන්නට තරම් සමත් වුණා. අවසානයේදී තරුණයා බේරාගන්නට ඇයට ලැබෙන්නේ නෑ. ඔහු මියයන්නේ කවුරුත් හඬවමින්. මෙම චිත්‍රපටය එළිදක්වා දැනට වසර 15ක් පමණ ගතවූ පසු හදවත් රෝගී තරුණයකු බේරාගන්නට වෙහෙසුණු ඉතා හොඳ වෛද්‍යවරියගේ චරිතයට පණ දුන් සොනාලිට දරුණු ගණයේ පිළිකා රෝගියකු වන්නට වීම අදහාගන්නටත් බැරි තරම් කාරණාවක්..."
 
ඇය නිව්යෝර්ක් නුවර රෝහලක සිටිමින් මේ දරුණු ගණයේ පිළිකා රෝගය සමඟ සටන් වදිද්දී එම චිත්‍රපටයේ ඇය සමඟ රඟපෑ ෂාරුක් ඛාන් හා සෙසු නළු නිළියන් බොහෝ දෙනා ඇය බලන්න රෝහලට ගියා. ඇයට ආත්ම විශ්වාසය ඇතිවන විදියට හැසිරුණා. ඇයව ශක්තිමත් කළා.
 
නමුත් හදිස්සියේම ඉන්දියාවට ලැබුණු පුවතකින් කියැවුණේ ඇය පිළිකා රෝගය මර්දනය කළ බවයි. දරුණුම තත්ත්වයෙන් මිදී ඇය එම රෝගය මර්දනය කරමින් සුවපත් වෙමින් සිටින බවයි. ඇය සිය සැමියා සමඟ දෑත් පටලා සිනහමුසු මුහුණින් මුම්බායි ගුවන් තොටුපළින් තම මවු රටට ගොඩ බසිද්දී එය අදහාගන්නට බැරි තරම් දෙයක් වුණා.
 
එහෙත් එම පිළිකා රෝගය මර්දනය කර තවම ඉවර වී නැති බව සොනාලි බෙන්ද්රේගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ් පසුව දක්නට ලැබුණා. ඒ කියන්නේ ඇය තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. “සටන ඉවර නෑ” යැයි ඇය පවසන්නේ කුමක්දැයි මාධ්‍යයත් ඇයට ආදරය කරන පිරිසත් පිළිතුරු දෙමින් විමසා තිබුණා. ඊට හේතුව වුණේ ඇයගේ සැමියා වාර්තාකරුවන්ට කී දේ අනුවයි.
 
ඇතැම් විට ප්‍රතිකාර අවසන් වුවත් රෝගය යළි මතුවන්නට පුළුවන්. ඒ සැමියා කළ ප්‍රකාශයයි. ඇය ඒ නිසාම සටන තවම නිමාවී නෑ යනුවෙන් කීවා වෙන්නට පුළුවන්. එහෙත් ඇයවන් බෙහෝදෙනා වෙනුවෙන් නිතර නිතර සටහන් තබමින් සොනාලි තමන්ද ශක්තිමත්ව මීට මුහුණ දුන්නා සේ සෙස්සන්ටද මුහුණ දිය යුතු යැයි දනවමින් කරන සටහන් කාගෙත් පැසසුමට ලක්වෙලා.
 
ඇයගේ පවුලේ අය පළ කළ තොරතුරුවලට අනුව ප්‍රතිකාර කර මර්දනය කළා යැයි කීවද ශරීරය පුරාම පිළිකාව පැතිරී ගොස් ඇති බවට වන තොරතුරු තිබෙනවා.
 
ඉන් කියැවෙන්නේ මෙය යළි මතුවී මාරාන්තික විය හැකි බවයි. කෙසේ නමුත් ඇය පෙර පරිදිම සැමියා හා සිය පවුල සමඟ එකට ගත් ඡායාරූප මාධ්‍යයට මුදාහරිමින් තමන් තවමත් ශක්තිමත්ව පිළිකාව නැත්තට නැතිවන තුරු සටන් කරන බවට කරන දිරිමත් ප්‍රකාශ හා දැන්වීම් කාගෙත් ආදරයට ගෞරවයට කනගාටුවට පත් වෙලා.
 
පිළිකාව ගැන සොනාලි වගේම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුවරාජ් සිං වගේම රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන්ද මෙහිදී ෆිල්ම් ෆෙයාර් සඟරාව සිහිපත් කළේ සොනාලිගේ මේ උත්සාහය අගය කරමින්. කෙසේ වෙතත් ජීවිතයේ ඕනෑම අභියෝගකාරී අවස්ථාවක ඊට මුහුණ දෙන අය ජයගන්නා බවට මෙය හොඳ උත්සාහයක් දැක්වීමක් වේවි.
 
සුභානි එම්. ආරච්චිගේ
මව්බිම

Image result for Sonali Bendre
Image result for Sonali Bendre
Image result for Sonali Bendre
Image result for Sonali Bendre

Image result for Sonali Bendre
Image result for Sonali Bendre
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  3 Downloads

Mage Thani Hitha - Rahal Alwis
Mage Thani Hitha
Rahal Alwis
⤵  15 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  807 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  164 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  121 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,244 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,344 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,780 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,579 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,823 Downloads



Top 10 Commenters

Latest Comments

Top