ජීප් රථයක් කඹයක ආධාරයෙන් වෑන් රථයක් ඇදගෙන වේගයෙන් ගමන් කර තිබෙන අතර වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් වූ අවස්ථාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අධික කාර්යබහුල ගමන් මාර්ගයක ගමන් ගත් මෙම වාහන දෙක ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය ඉස්සර කිරීමට ගොස් තිබෙන බවත් එම අවස්ථාවේ වාහනයේ වේගය අඩු නොකර ගමන් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ.
මීටර 500ක් පමණ දුරකට එම වාහන දෙකම ඇදීගෙන ගොස් පෙරළි ගොස් තිබෙන බවත් සදහන්. මෙම අනතුර පසුපස ආ වාහනයේ කැමරාවක සටහන් වී ඇති අතර අනතුරෙන් වාහන දෙක දැඩි ලෙස විනාශ වුවත් ගමන් ගත් කිසිදු පුද්ගලයකු මරණයට හෝ බරපතල තුවාළ සිදුව නැහැ. එහි වීඩියෝ පහතින්