මිද්දෙනිය - සමූහ ගොවිපළ ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
20 හැවිරිදි තරුණයෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඔහු ඇඹිලිපිටිය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන මිද්දෙනිය පොලීසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.