තරුණියන්ගේ සාය උඩ යන අවස්තා වීඩියෝ කරමින් ඒවා අන්තර්ජාලයට මුදාහැරීම් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස තරුණියන්ව වීඩියෝ ගත කර තිබෙන්නේ 53 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකු යි.
ඔහු විසින් ස්පාඤ්ඤ ජාතික තරුණියන් වීඩියෝ ගත කර ඇති බවයි වාර්තාවෙන්නේ.
තරුණියන් 550ක් පමණ වීඩියෝ ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස තරුණියන්ගේ සාය උඩ යන අවස්ථා වීඩියෝ ගත කිරීමට ඔහු යොදාගෙන ඇත්තේ ඔහුගේ බෑගයේ සඟවාගෙන සිටි ජංගම දුරකථනයක්.
මෙම කොලොම්බියානු ජාතිකයා විසින් වීඩියෝ 283ක් පමණ අසභ්‍ය වෙබ් අඩවිවලට මුදා හැර තිබෙනවා.
එම වීඩියෝ මිලියනකට අධික පිරිසක් නරඹා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
ඔහුගේ වීඩියෝ ගත කිරීම්වලට බාල වයස්කාර තරුණුයන් ඉලක්ක වී ඇති අතර ඔහු විසින් එරට මෙට්‍රෝ දුම්රිය මැදිරි තුළදී මෙම වීඩියෝ ගත කිරීම් වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.
තවත් අවස්ථාවලදී වෙලඳසැල් තුළ තරුණියන් සමඟ කතා බහට වැටී ඔවුන්ගේ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවත් සඳහන් වෙනවා.
මෙම පුද්ගලයා පිලිබඳ සැක සිතූ ස්පාඤ්ඤ පොලීසිය විසින් මෙට්‍රෝ දුම්රිය මැදිරියක් තුළදීම මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඔහු තරුණියක් වීඩියෝගත කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සූරා කෑ දැවැන්තම විලෝපීයෙකු ලෙසයි ස්පාඤ්ඤ පොලීසිය මෙම පුද්ගලයා හඳුන්වා තිබෙන්නේ.