දකුණු ඇමරිකානු ද්‍රෝණියේ රටවල් 9ක් නියෝජනය කරමින් වර්ග කිලෝමීටර් හැත්තෑ ලක්ෂයක් පුරා පැතිරුණු ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමසන් හි කිසිදා නොවූ විරූ තරම් ලැව් ගිනි පැතිරෙන බව අනාවරණ වී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් කියා සිටියේ එය ජාත්‍යන්තර අර්බුදයක් වන අතර, ලෝකයේ ධනවත්ම රටවල් නියෝජනය කරන ජී - 7 සමුළුවේදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවයි.
එය අප නිවස ගිනි ගන්නා ලෙස ලෝකවාසීන්ට හැගීමක් ඇති විය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහසයි. ඇමසෝන් වනයෙන් සියයට 60ක්ම නියෝජනය කරන්නේ බ්‍රසීලයයි.
බ්‍රසීලයයට අයත් ඇමසන් වනයේ ලැව් ගිනි මේ වසරේදී සියයට 85කින් ඉහළ ගොස් ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී තිබෙනවා.