හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නැවත වරක් නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකල කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේ මේ මස 9 වැනිදා සිට මෙලෙස යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති බවයි.
යෝෂිත රාජපක්ෂ මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටිනවා. ඔහු ඊට අනුයුක්ත කෙරුණේ පසුගිය මස 12 වැනිදායි