Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
23
පළාත් සභා මැතිවරණය කලින් තැබිය හැකිදැයි අධිකරණය අද සලකා බලයි

- පළාත් සභා මැතිවරණය කලින් තැබිය හැකිදැයි අධිකරණය අද සලකා බලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

714 Views
සීමා නිර්ණ කමිටු වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිදුකළ මත විමසීම අද පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි. 

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයී මෙය සලකා බැලෙන්නේ.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නේදැයි යන්න පිළිබඳ අවසන් තීරණය ගත හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමේ ප්‍රතිඵලය අනුවයි. 

එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති අවසන් අවස්ථාව ද මෙයයි.

මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් එය සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර සිදුකළ යුතුව ඇති බවයි. 

එසේ සිදුකළ හැකිනම් එය කිසිදු ලෙසකින් ජනාධිපතිවරණයට බාධාවක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පසුගිය සතියේ සඳහන් කළේ ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව අධිකරණ මතය විමසීමට නියමිතව ඇති බවයි. 

අධිකරණ නියෝගයකින්, සීමානිර්ණ ගැසට් කිරීමකින් හෝ ව්‍යවස්ථාදායකය විසින් පනතක් සම්මත කරගැනීමෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම, පළාත් සභා මැතිවරණයට අදාළව ජනාධිපතිවරයා සිදුකර ඇති විමසීම සම්බන්ධයෙන් මැදිහත්වීමට අවශ්‍ය නම් ඒ බව ලිඛිත දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා නීතිඥ සංගමය වෙත දැනුම් දීමක් කර තිබුණා. 

එහිදී ඔහු සඳහන් කළේ අදාළ මැදිහත්වීමේ පෙත්සම් අද දිනයේ සලකා බලන බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම මැතිවරණ නීතියට අනුව කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල් යෑමට හේතුවක් නොවන බව පැෆ්රල් සංවිධානය මීට පෙර ප්‍රකාශ කළා.

ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ලෙහිම නිල කාලය ඉක්ම ගොස් ඇති අතර, ඒ සියල්ල පාලනය කරනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරුන් විසින්. 

සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නිල කාලය ඉක්ම වූ ඇතැම් පළාත් සභා මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන ගොස් ඇති කාලසීමාව මේ වනවිටත් අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,638 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,423 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,275 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,408 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  309 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,381 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top