Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
22
9 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ 52 හැවිරිදි සීයාට අවසානයේ සිද්ධ වුණ දේ

- 9 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ 52 හැවිරිදි සීයාට අවසානයේ සිද්ධ වුණ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා අද (22) නියෝග කලේය.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ වීරකැටියල මොරයායල වෑකදවල පදිංචි වර්ෂමානගේ ජයවීර නොහොත් චන්ඩි සියා නැමති 52 හැවිරිදි පුද්ගලයෙකුටය.

සැකකාර පුද්ගලයා 2013-09-13 වන දින අසල්වැසි නිවසකට ඇතුළු වි නිවසේ කුස්සියේ සිටි වයස අවුරුදු 09ක දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. පසුව දැරියගේ මව විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. එහිදී පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාල චෝදනාවට වැරදි කරු බවට පත් විය.

ඒ අනුව සැකකරුට වසර 10ක බරවැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩ මුදලක්ද නියම කෙරුණි. දඩ මුදල නොගෙවන්නේ නම් වසර 10ක සිර දඩුවමට අමතර තවත් මාස 06ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.මිට අමතරව අගතියට පත් වු දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු 02ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව රුපියල් දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියම කල අතර එය නොගෙවන්නේ නම් මාස තුනක බර වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

එමෙන්ම සැකකරුට මේ හා සමානම තවත් පෙර වැරුද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත සදහන් සියළු දඩ ,සිරදඩුවම් හා වන්දි වලට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් එක් වසරක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

මිට අමතරව දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් ඊට අදාල සිර දඩුවම් මුලික වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවම් කාලය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් රජයේ ජේෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පැමිණිල්ල මෙහෙය වු අතර විත්තිය වෙනුවෙන් නිතිඥ මනෝරි මහත්මිය සමගින් සුජිත් ප්‍රසන්න ලියනාරච්චි මහතා පෙනී සිටියේය.

"මව්බිම"
මත්තල ඩී එන් ජයසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top