Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
LTTEය නිසා මනස විකෘති වූ ත්‍යාගාරාජා, ඕස්ට්‍රේලියාවට පැන ගිය පසු සිදු කළ අහස පොළව නුහුලන අපරාධය - Photos

- LTTEය නිසා මනස විකෘති වූ ත්‍යාගාරාජා, ඕස්ට්‍රේලියාවට පැන ගිය පසු සිදු කළ අහස පොළව නුහුලන අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,884 Views
"එය ඉතාම කෲර ඝාතනයක්..."
"ඔහුගේ සිරුරේ තිබූ පිහි ඇනුම් 40කට වැඩියි.."
 
ත්‍යාගරාජා ළමා සොල්දාදුවෙක්. LTTE විසින් බලහත්කාරයෙන් ඔහු එම සංවිධානයට බඳවා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12ක්. එතැන් පටන් ඔහුට විඳින්නට සිදුවූයේ අමිහිරි අත්දැකීම් රැසකටයි. තැන තැන සිදුවූ බෝම්බ පිපිරීම්, ගොඩගසා ඇති මළමිනී, නිතර නිතර ඇහෙන වෙඩි හඬ ආදිය, මේ ළමා සොල්දාදුවාගේ මනස එන්න එන්නම විකෘති කළා.
 
සිය ජිවිතයේ ලැබු කටුක අත්දැකීම් නිසා ඔහු විකෘති මනසක් ඇති පුද්ගලයෙකු බවට පත් වුණා.

අවසානයේ නිත්‍යානූකුල නොවන ආකාරයෙන් බෝට්ටුවකට ගොඩ වූ ඔහු හොර රහසේ ඕස්ට්‍රේලියාවට පැන ගියා. ඒ අලුත් ජිවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඒ බලාපොරොත්තුව ඇතිව ඔහු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ පදිංචි වුණා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 44ක්.
 
ඔහු ඇඩිලේඩ් නගරයේ 'පෙන්ෆිල්ඩ් ගාඩ්න්' ප්‍රදේශයේ නිවසක ජිවත් වූයේ ඔහුගේ මිතුරෙක් වූ මොහොමඩ් මන්සුර් සමඟයි.
 
ඉකුත් දිනක ලැබුණු තොරතුරකට අනුව පෙන්ෆිල්ඩ් ගාඩ්න් හි පිහිටි ඔහුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමකට දැනගත හැකිවූයේ එම නිවසේ දොරකඩ මුනින් අතට වැටී තිබූ මොහොමඩ් මන්සූර්ගේ මළසිරුරයි. ඔහු ඒ වන විටත් මරණයට පත්ව සිටි අතර මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඔහුගේ සිරුරේ පිහි ඇනුම් 40ක් පමණ ඇති බවයි. ඔහු මරණයට පත්ව තිබුණේ තුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් බව මළසිරුර නිරීක්ෂණය කළ වෛද්‍යවරයා සඳහන් කළා.
 
මන්සුර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු සමඟ නිවසේ සිටි ත්‍යාගරාජා අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහුට ඇඩිලේඩ් මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.
 
එහිදී ත්‍යාගාරාජා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ ඔහුගේ විකෘති මානසික තත්ත්වය නිසා මෙම අපරාධය සිදුව ඇති බවයි.
 
එහෙත් මිය ගිය මන්සුර් වෙනුවෙන් පෙනී සිටි 'පැට්‍රික් ඩෝස්' නම් නීතිඥවරයා අධිකරණයට පැවසුවේ මන්සුර්ගේ මරණය වෙනත් අයෙකු විසින් සිදු කරනු ලැබූවක් බව පෙන්වීමට ත්‍යාගාරාජා උත්සහ ගෙන ඇති බවයි. එසේම මෙහිදී ත්‍යාගාරාජා වෙනුවෙන් ඉදිරිපත් වූ තර්ක විතරක් අසත්‍ය ඒවා බවත්, ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
 
තවදුරටත් කරුණු දැක්වූ මන්සූර්ගේ නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, මන්සුර්ගේ ඝාතනය නිසා ඔහුගේ දරු දෙදෙනාට පියෙකු අහිමි වූ බවයි. එලෙසම තමන්ගේම නිවස ඉදිරියේ ඉතාම මිලේච්ඡ අන්දමින් මන්සුර් මරා දැමීම ඔහුගේ ම මිතුරෙකු අතින් සිදුවීම අතිශය ශෝකජනක එසේම අසාධාරණ සිදුවීමක් බවයි.
 
අවසානයේ මන්සුර්ගේ ඝාතනය තමන් අතින් සිදු වූ බව ත්‍යාගරාජා පිළිගත් අතර ඊට හේතු වූ කරුණු ලෙස ඔහු පැවසුවේ මන්සුර් තතමන්ගේ බිරියට කළ අපහාසය හා ඔහු විසින් තමා අයි.එස්. සංවිධානයට බඳවා ගැනීමට තැත් කිරීම ආදි කරුණු නිසා ඇති වූ බහින්බස් වීමක ප්‍රථීපල ලෙස මෙය සිදු වූ බවයි.
 
"බුකේ" නීතිඥවරයා විසින් ත්‍යාගරාජාගේ විකෘති මානසික තත්ත්වයට පාදක වූ කරුණු මෙන්ම මන්සුර් සමඟ වූ බහින්බස් වීම යන කරුණු ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු ඩේවිඩ් ලොවෙල් සැකකාර ත්‍යාගරාජා වැරදිකරු බව පිළිගනිමින් ප්‍රකාශ කළේ,
 
"මන්සුර්ගේ සිරුරේ දක්නට ලැබුණු කැපුම් තුවාල අනුව එය ඉතාම කෲර එසේම දරුණු ඝාතනයක්" බවට තමන් පිළිගන්නා බවයි.
 
එසේම විත්තිකරු විසින්ම මෙම මරණීය තුවාල සිදුකර ඇති බව සාක්ෂිවලින් සනාථ වන බවද පැවසූ මහාධිකරණ විනිසුරු, මේ අනුව ගනේෂමුර්ති ත්‍යාගරාජාට මෙම මස අගදී සිර දඬුවම් ලබා දීමටත් එය අවසන් වූ පසු ඔහු ආපසු ලංකාවට පිටුවහල් කිරීමටත් තීරණය කරනු ලැබුවා.
 
රෝහණ ආර්යරත්න

Sri Lankan man Ganeshamoorthy Thiyagarajah who was found guilty of murder.
A knife on the ground beneath a car.
A police van outside a home.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  708 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,545 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,967 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,522 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,695 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  805 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,661 Downloads



Top 10 Commenters

Latest Comments

Top