බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ලැව්ගිනි වාර්තාවීමේ වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව වාර්තාවෙනවා.
එය පසුගිය වසරට වඩා 84%කින් වැඩි වීමක්.
ගෝලීය උෂ්ණත්වය වැඩි වීම මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ලැව්ගිනි ඇති වී සිදුවන වන විනාශය සහ වන සතුන් මියයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කර තිබුණේ මෙලෙසින්.
"ඇමසන් වනාන්තරය සති තුනක් තිස්සේ ගින්නෙන් දැවෙනවා. ගස් බිලියන ගණනක් විනාශ වී තිබෙනවා. මේ කරන මහා අපරාධය නවත්වන්න."ලෙසයි.