Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
22
"ගොඩක් අය මට චෝදනා කළා මම අකිලව විවාහ කරගත්තේ එයාගේ සල්ලීවලට කියලා, ඒත් ඇත්ත කවුරුත් දන්නේ නැහැ.." - ක්‍රිකට් ක්‍රීඩක අකිලගේ බිරිඳ කියයි - photos

- "ගොඩක් අය මට චෝදනා කළා මම අකිලව විවාහ කරගත්තේ එයාගේ සල්ලීවලට කියලා, ඒත් ඇත්ත කවුරුත් දන්නේ නැහැ.." - ක්‍රිකට් ක්‍රීඩක අකිලගේ බිරිඳ කියයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,530 Views
"පන්දුව දමා ගසන චෝදනාව අකිලට ආරංචිය වුණේ තරගයක් අතරතුරදී.."

" ඒ හැම අවස්ථාවකදීම මමත් හැම දෙයක්ම ඉවසගෙන හිටියා.."

අකිල ධනංජය පෙරේරා කියන්නේ කාලයක් ජාත්‍යන්තර පිතිකරුවන් පන්දුවෙන් දණ ගැස්සු ක්‍රීඩකයෙක්. නිරන්තරයෙන්ම විකට්ටුවට මාන බලන අකිලට මේ වෙද්දී චෝදනාවක් එල්ල වෙනවා. ඒ පන්දුව දමා ගසනවා කියන චෝදනාව. ඒ කතාව හා පුද්ගලික ජිවිතේ ගැන කතා කරන්න අකිලගේ ආදරණිය බිරිද නෙතලි සමරවික්‍රමව අපිත් එක්ක කතාබහකට එකතු කරගත්තා. අකිල ගැන අකිලගේ බිරිඳ කිව්වේ මෙහෙම කතාවක්.

නෙතලි ඔබේ සැමියා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා කතා කරලම මේ කතාබහ ආරම්භ කරමු..?
අකිල ක්‍රිකට් එක්ක කාර්ය බහුල වෙද්දී මම ගෘහණියක් විදිහට කාර්යබහුල වෙලා. අපේ පුතා අකිෂ නෙත්සිළු පෙරේරා. දැන් එයා ඉපදිලා මාස එකොළහක් වෙනවා. ලබන මාසේ තමයි එයාට අවුරුද්ද ලබන්නේ. දැන් එයා ඇවිදින්න, හිටගන්න උත්සහ කරනවා. ඒ නිසා පුතා එක්ක තමයි මගේ දවස වැඩිපුර ගෙවෙන්නේ. තනිකඩ ජිවිතේට වඩා සෑහෙන්න කාර්යබහුලයි.

අකිලගේ දින චර්යාව සාමාන්‍ය ජිවිතයක් ගත කරන පුද්ගලයෙකුට වඩා වෙනස්. ඔහුගේ දවස ගෙවෙන්නේ ක්‍රිකට් එක්ක. නිවාඩුවක් ලැබෙන මොහොතක ගෘහමුලිකයාගේ වගකීම් ඉටු කරනවද..?
එයා ගෙදර ඉන්න වේලාවට බබාව බලාගන්නවා. එයා එක්ක සෙල්ලම් කරනවා. එයාට හිතුණොත් පොඩි පොඩි දේවල් කරනවා. නමුත් මම එයාගෙන් වැඩ ගන්නේ නැහැ. එයාව ගෙදර වැඩවලින් සම්පුර්ණයෙන්ම නිදහස් කරලා තියෙන්නේ. එහෙම නොවුණොත් එයාට හරියට එයාගේ වැඩකටයුතු කරගන්න බැරි වෙයි. ඒ නිසා අවබෝධයෙන් මම එයා එක්ක සතුටින් ජිවත් වෙනවා.

පුතා ඉන්න නිසා ඉස්සර වගේ අකිල ක්‍රීඩා කරන තරග නරඹන්න, ඔහුත් එක්ක විදෙස් සංචාර සදහා සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැතුව ඇති..?
ඒ දවසවල නම් එයාගේ තරග නරඹන්න මමත් ගියා. දැන් යන්නේ නැහැ පුතා ඉන්න නිසා. එයා එක්ක ඉන්නකොට මට දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. අකිලව මගහැරෙනවා කියලා හිතෙන්නෙත් නැහැ. යන්න ලැබෙන්නේ නැහැ කියලා දුකකුත් නැහැ.

අකිලට වසරක පමණ කාලයක් තරග සදහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කාලේ ඔහු මානසිකව වැටිලා හිටියද..?
ක්‍රිකට් කියන්නේ අකිලගේ මුළු ජීවිතේම කිව්වොත් හරි. ආසම දේත් ක්‍රිකට්. තරග නැති කාලේ එයා මානසිකව වැටිලා හිටියා. ඒ මානසික මට්ටමෙන් ටිකක් හරි මිදුනේ පුතා නිසා තමයි.

ගෙදරදී තහනම් වචනය ක්‍රිකට්ද..?
එහෙම නැහැ. අවශ්‍ය වෙලාවට එයාට මොකක් හරි ක්‍රිකට් ගැන කතා කරන්න හිතුනොත් එයා ඒ ගැන මාත් එක්ක කතා කරනවා. නමුත් මම ඇතැම් අවස්ථාවලදී වැඩිපුර ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ. මොකද එහෙම කතා කරන එකෙන් එයාගේ මානසික මට්ටම තවත් වැටෙයි කියලා හිතෙන නිසා.

තරගයක් අවසානයේදී ඒ ගැන ඔබත් එක්ක කතා කරනවද..? ඔහු වැඩිපුර විකට් හෝ ලකුණු ගත් මොහොතක මුලින්ම කියන්නේ කාටද..?
තරගයක් දිනුවොත් ලකුණු හෝ විකට් ගත්තොත් මුලින්ම මට කතා කරලා ඒ ගැන සතුටින් කියනවා. ඒ වෙලාවට එයාට හරිම සතුටුයි. කණ්ඩායම වෙනුවෙන් ඔහුට මොකුත් කරන්න බැරි වුනු වෙලාවක හෝ පරාජයට පත් වුනු මොහොතක එයා හරියට දුක් වෙනවා. එයාට කණ්ඩායම වෙනුවෙන් මොකුත් කරගන්න බැරි වුනා කියලා. ඒ හැමදේම මුලින්ම මට කියන්නේ මම එයාගේ වයිෆ් නිසා වෙන්න ඇති.

අකිලට පන්දු යැවීමේ නීති විරෝධී බවට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ගැන ඔහු ඉන්නේ කනස්සල්ලෙන් වෙන්න ඇති..?
පන්දුව දමා ගහනවා කියන චෝදනාව අකිලට එල්ල වුණු ආරංචිය එයා දැනගත්තේ ගාල්ලේ පැවති තරගයක් අතරතුරදියි. ඒ වෙලාවේ එයා සෑහෙන කම්පාවට පත් වෙලා. ICC එකෙන් ඒ චෝදනාව එල්ල කරලා තියෙනවා කියලා එයා මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා. ඒ මොහොතේ එයා ගොඩාක් දුකෙන් ඉන්න බව මට තේරුණා. මිට කලින් ඒ වගේම චෝදනාවක් එල්ල වුනා. ඒ අවස්ථාවේදීත් පන්දු යැවීමේ ඉරියව්ව, අතේ ඉරියව්ව හදා ගන්න එයා හරියට මහන්සි වුණා. ලොකු කැපකිරීමක් කළා. ඒ හැම අවස්ථාවකදීම මමත් හැම දෙයක්ම ඉවසගෙන හිටියා. එයාගේ වරදක් නැතුව ඒ වගේ චෝදනාවක් එල්ල කරන එක ගැන මට වගේම එයාගේ අම්මා තාත්තා පවුලේ හැමෝම ඉන්නේ දුකෙන්.

නෙතලිට අකිලව මුණගැහෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට ඉන්න කාලේ නෙමෙයි. නමුත් බොහෝ දෙනෙක් නෙතලිට චෝදනා කළා නේද ජනප්‍රියත්වය හා මුදල් නිසා අකිලව විවාහ කරගත්තා කියලා..?
ඔව්. සමාජ මාධ්‍යවල හරියට ඒ ගැන එක එක කතා ගියා ඇතැම් ඡායාරූපවලට කමෙන්ට් කරන්නෙත් මම සල්ලි නිසා අකිලව විවාහ කරගත්තා කියලා. නමුත් ඒ චෝදනාව එල්ල කරන අය දන්නේ නැහැ මට අකිලව මුණගැහෙන්නේ එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න කලින් කියලා. මම ආදරේ කළේ සාමාන්‍ය ජිවිතයක් ගත කළ අකිලට මිසක් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නෙමෙයි. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණාට පස්සේ තමයි අපි විවාහ වුණේ. අදටත් මම ආදරේ කරන්නේ අකිලට මිසක්  ක්‍රිකට් ක්‍රීඩකයාට නෙමෙයි. ඒ වගේම ජනප්‍රියත්වයට හෝ එයාගේ මුදලට මම එයාව විවාහ කරගත්තෙත් නැහැ. අපි කාලයක් ආදරේ කළ නිසයි දෙමාපිය ආශිර්වාදය මැද විවාහ වුණේ. මට දැනටත් එයාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන හැගීම දැනෙන්නේ නැහැ. ඒ වගේ චෝදනා එල්ල කරද්දී මම හරියට දුක් වුණා. ඇයි ඒ වගේ චෝදනා එල්ල කරන්නේ කියලා.

විවාහ වුණාට පස්සේ මවකගේ වගකීම් වැඩි වෙද්දී අකිල ඔබේ ජිවිතයට සිමා දැම්මද..?
මම ඉස්සර කරපු විලාසිතා වෙනස් කරලා නැහැ. ජිවත් වෙන්නෙත් ඉස්සර විදිහටමයි. එයා මට කිසිම දෙයකට සිමා දාලා නැහැ. මම අම්මා කෙනෙක්. බිරිදක්. මම මගේ සීමාව දන්නවා. ඒ සීමාව ඇතුලේ තමයි මම ජිවත් වෙන්නේ.

හෙටට විවාහ වෙලා වසර දෙකක් සම්පුර්ණ වෙනවා නේද..?
ඔව්. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනවා හෙටට. මේ කාලේ අපි සතුටින් පවුල් ජිවිතේ ගත කළා. ඉදිරියටත් සතුටින් ජිවත් වෙනවා. විවාහ සංවත්සරය කියලා විශේෂ දෙයක් කරන්නේ නැහැ.

හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  704 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,532 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,953 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,517 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  390 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,685 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  443 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  588 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  805 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,660 Downloads



Top 10 Commenters

Latest Comments

Top