නවසීලන්තය සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගය පවතින වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා.
අද (22) කොළඹ - පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදි ආරම්භ වීමට නියමිත මෙම තරගයේදි දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දිල්රුවන් පෙරේරා ක්‍රිඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.
අද ආරම්භ වන තරගය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ තරගය පැවත්වෙන තණතිල්ල පිතිකරුවන්ට සහ වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි.
..