ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලෙන් පිටකර කොළඹ බලා රැගෙන යාම සඳහා බස් රථයකට ගොඩවී සිටි පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
23 හැවිරිදි කොළඹ පදිංචිකරුවෙකු වන ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 21 ක් වටිනා ග්‍රෑම් 369 ක් බර ස්වර්ණාභරණ තොගයක් ඊයේ මෙලෙස සොයාගත් බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
මෙම ස්වර්ණාභරණ තොගය ඉන්දියාවේ සිට පැමිණි මගියෙකු කොාළඹට රැගෙන ගොස් භාරදෙන ලෙස තමන්ට ලබාදුන් බව මොහු ප්‍රකාශ කර තිබෙනවා. පෙන්ඩන්ට් 16ක්, කරාබු 21ක්, මුදු 11 ක් සහ වළලූ 21 ක් මෙම ස්වර්ණාභරණ තොගය අතර පවතින බවයි රේගුව කියා සිටියේ.